සමාජ

“බල්ලන් සමඟ සිංහල කතුන් සංසර්ගයේ යෙදීම නම්බුකාරයි”ලු – හාමුදුරු කෙනෙක් අනුමත කරයි

බල්ලන් සමඟ සිංහල කතුන් සංසර්ගයේ යෙදීම නම්බුකාරයිලු - හාමුදුරු කෙනෙක් අනුමත කරයිfacebook එක කියන්නේ ශ්‍රී ලංකාවට නම් ජාතිවාදය අවුස්සන, හැංගි හැංගි online sex කරන තැනක් කිව්වොත් හරියටම හරි. පොදු වැසිකිලි බිත්ති වගේම facebook online බිත්තියත් දූෂණය කරලා තියෙනවා නොසෑහෙන්න.

කොහොම හරි ඔය ජාතිවාදී අදහස් අවුස්සන හාමුදුරු කෙනෙක් facebook එකේ වෙන කෙනෙකුගේ අදහසක් share කරලා තිබුණා. වෙන කෙනෙකුගේ අදහසක් කවුරු හරි share කරන්නේ සාමාන්‍යයෙන් ඒ අදහසට එකඟ නිසා, ඒ අදහස අනුමත කරන නිසානේ.
ඔන්න පහලින් තියෙන්නේ ඒ share කරපු post එක.

මරක්කලයා කියන නමින් හඳුන්වන්නේ මුස්ලිම් ජාතිකයන්ව කියන එක කවුරුත් දන්නවනේ. මුස්ලිම් වුනත් සිංහල වුනත් දෙමළ වුනත් අපි හැමෝම මිනිස්සු කියන එකත් ඔය කවුරුත් දන්නවා. අපි මේ කියන්න හදන්නේ මුස්ලිම් මිනිස්සුන්ව කසාද බඳින එක හොඳයි කියලාවත්, හොඳ නෑ කියලාවත් නෙමෙයි. ඒක ඕනෑම කෙනෙකුගේ පුද්ගලික කැමැත්ත. ඒ කැමැත්ත විවේචනය කරන්න, මඩ ගහන්න කාටවත් අයිතියක් නැති නිසා අපි ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ.

හැබැයි අපි කතා කරන්නේ මිනිසෙකු සමඟ කාන්තාවකට සංසර්ගයේ යෙදීමට වඩා බල්ලෙක් සමඟ සංසර්ගයේ යෙදීම නම්බු කාරයි කියපු ගොන් කතාව ගැන. ඒ පුද්ගලයා එහෙම කිව්වේ සිංහයෙක් සමඟ සංසර්ගයේ යෙදිලා සිංහල ජාතිය ඇතිවුනා කියලා හිතන මිනිස්සු මේ රටේ තාමත් ඉන්න නිසාද දන්නේ නැහැ කියලත් හිතෙනවා. මොකද සිංහයා කියන්නෙත් තිරිසන් සතෙක්, බල්ලා කියන්නෙත් තිරිසන් සතෙක්. තිරිසන් සතෙක් එක්ක සංසර්ගයේ යෙදෙන එක ඒ නිසා නම්බුකාරයි කියලා හිතනවා ඇති.

තිරිසනෙක් එක්ක සංසර්ගයේ යෙදුනා කියලා ගැහැනියකට ළමයෙක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තිරිසනෙක් එක්ක ලිංගිකව එක් වෙනවා නම් ඒක මානසික රෝගයක්. ඒ වගේම සත්ත්ව සංසර්ගය නිසා මිනිසුන්ට විවිධ රෝග සෑදෙන්නත් පුළුවන්. සත්ත්ව කාමුකත්වය කියන මානසික රෝගයේ තවත් ආකාරයක් තමයි සතින් ලිංගිකව හැසිරෙන ආකාරය බලලා සතුටු වෙන එක. එම තත්වය හඳුන්වන්නේ Faunoiphilia ලෙසටයි. සමහර රටවල මෙම තත්වය නීතියෙන් තහනම් කරලත් තියෙනවා. මොකද එම තත්වය සත්ත්ව හිංසාවක් විදියට තමයි නම් කරලා තියෙන්නේ. මෙම මානසික රෝගය සමනය කරන්න මානසික උපදේශනය වැදගත් වෙනවා. අපි මේ කෙටියෙන් විස්තර කලේ එම මානසික රෝගය ගැන. දැන් අපි ආයෙම කතාවට එමු.

සිංහල බෞද්ධයා සත්ත්ව හිංසනයට විරුද්ධයි කියන එක කවුරුත් දන්න කාරණාවක්. හැබැයි මේ post එක හදපු facebook දාපු, ඒක share කරපු හැමෝම සත්ත්ව හිංසනයට අනුබල දෙන අය කියලා අපිට හිතෙනවා. ඊටත් වඩා වැදගත්ම කාරණාව තමයි ඒ හැමෝම සත්ත්ව කාමුකත්වය කියන රෝගයෙන් පෙළෙන අය වෙන්නත් පුළුවන්. මොකද මිනිසෙකු සමඟ ලිංගිකව එකතුවෙනවට වඩා බල්ලෙක් සමඟ සංසර්ගයේ යෙදෙන එක නම්බුකාර වෙන්න නම් අනිවාරෙන්ම මානසික රෝගී තත්වයක් ඒ මිනිස්සු තුල තියෙන්න ඕනේ.

ඒ වගේම තමයි ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතුවෙලා ජීවියෙක් හැදෙන හැටි නොදන්නා කම නිසා ජාතියක් අනුව මනුෂ්‍යත්වය පහත් කරන්නත් හේතුවක් වෙන්න පුළුවන්. මොකද මානව ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් තුල තියෙන්නේ ජීවියෙකු නිර්මාණය වීමට අවශ්‍ය ජානමය දක්ත මිස ඒ මිනිසා මොන ජාතියේද කියන දක්ත නොවන බවත් නොදන්නා කම, නිසා හරි හමං ලිංගික අධ්‍යාපනයක් ඒ අය ලබා නැති බවත් පැහැදිලි වෙනවා.

මිනිසෙක් සමඟ ලිංගිකව එක්වීමට වඩා මේ ක්‍රමය නම්බුකාර වන්නේ මානසික රෝගීන්ටම පමණි

මිනිසෙක් සමඟ ලිංගිකව එක්වීමට වඩා මේ ක්‍රමය නම්බුකාර වන්නේ මානසික රෝගීන්ටම පමණි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි