සෞඛ්‍ය

ලිංගික ආස්වාදයෙන් ඔයාගේ සෞඛ්‍ය තත්වය සම්පුර්ණ වෙන හැටි

ලිංගික ආස්වාදයෙන් ඔයාගේ සෞඛ්‍ය තත්වය සම්පුර්ණ වෙන හැටිඔයාගේ සෞඛ්‍ය තත්වයේ යහපත වෙනුවෙන් ලිංගික සංසර්ගයෙන් ලැබෙන ප්‍රයෝජන හුඟක් තියෙනවා. Lovely Music එකක් අහන ගමන් සාමාන්‍යයෙන් සතියකට තුන් වතාවක් විතර කිලෝ ජූල් 35000ක විතර ශක්තියක් දවමින් ලිංගික ආස්වාදය විඳීම අවුරුද්දකදී කිලෝමීටර් 130ක් දිවීමට සමානයි.

ලිංගික සංසර්ගයෙන් ඔයාගේ අස්ථි සහ මාංශපේශී ශක්තිමත් කරන අතරම යහපත් කොලෙස්ටරෝල් සපයන ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල දමනවා. ඒ වගේම ලිංගික එක්වීමකදී රුධිරයට නිදහස් වන Endorfin ශරීරයේ ස්වභාවික වේදනා නාශකයක්. ඒ රසායනික ද්‍රව්‍ය මඟින් ඔයාගේ හිසරදය, බෙල්ලේ ගැස්සීමෙන් ඇතිවන වේදනාව ආතරයිටීස් වගේ රිදුම් දෙන රෝග වලට සහනය ලැබෙනවා.

උපරිම ලිංගික තෘප්තියට (Orgasm) කලින් හා ඒත් එක්කම නිදහස් වන DHAE (dehydroepiandrosterone) හෝමෝනය තේරුම් ගැනීම සහ ධාරණ ශක්තිය දියුණු කරන අතරම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ගොඩ නඟනවා. ටියුමර් නම් අසාමාන්‍ය සෛල වර්ධනය නවත්වනවා. අස්ථි වර්ධනය කරනවා. ඒ වගේම ගැහැණියකගේ ඔක්සිටෝසීන් කියන හෝමෝනය මඟින් අගේ සිරුර අතගානු ලැබීමේ ආශාව ඉහල නංවනවා. ලිංගික එක්වීමකදී විශාල වශයෙන් නිදහස් වන ඒ හෝමෝනය නිසා කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටමත් ඉහල නඟිනවා. ඒ හරහා ගැහැනියගේ ශරීරයේ හොඳ රුධිර සංසරණයක් ඇතිවෙනවා. මේ සියලුම හෝමෝන වල ප්‍රතිඵල වශයෙන් හෘදය වස්තුව ආරක්ෂා වී ජීවිත කාලය දිගු වෙයි.

මේ සියලුම වාසි නිසා ලිංගික සංසර්ගයකට එක්වීම සමාන වන්නේ විඩාවෙන් තොර දීඝායු ලැබීමකටය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි