සමාජ

මෙහෙණින් වහන්සේලාගේ මෙන්සස්

මෙහෙණින් වහන්සේලාගේ මෙන්සස්

මම පහුගිය දින වල හිටියේ ආරාමයක…. මම එහි මක් කොලාදැයි කියා නොසොයා මේ ලියන ටික කියවන්න….
එහි වාසය කරන වයසින් වැඩි මෙහෙනින් වහන්සේලා ගේ නීතියක් ඇත…. ඔසප් සෑදුන විට කුස්සිය පැත්තේ සිටිය යුතුය…. කා සමගවත් කතාවක් බැරිය…. ඔසප් ඉවර වු හැටියේ කුස්සිය පැත්තම සෝදා දැමිය යුතුය…. එහි වපසරිය ගැන හිතුනාම ඒ සේදිල්ල ලෙහෙසි පහසු නැත…. බුදුන් කොහේ හෝ සදහන් කර ඇද්ද ඔසප් වු ස්ත්‍රීන් අපිරිසිදු යැයි…. ඔවුන් බෝධියට බුදු ගෙට වැද්ද නොගන්න ඕන පිරිසක් කියා….?

එහි වාසය කරන තරුන හැම මෙහෙනින් කෙනෙක් ම ඔසප් නතර වී ඇති බව පවසා ඒ දින වල අපහසුතා ඉවසාගෙන ඔසප් හැදුනු බව හංගයි…. පෑඩ් ඇදිම තහනම් ය…. රෙදි ඇඳිය යුතුය…. ඒවා අව්වේ දමා වේලිය නොහැක…. හිතන්න ඒ රෙදි වල කොතෙක් නම් විෂබීජ ඇද්ද….? මා දන්නා පරිදි ඒ දින වලට ඉතා පිරිසිදුව හොදින් කෑම බීම කා සිටිය යුතුය…. මනස සැහැල්ලුවෙන් තියා ගත යුතුය…. පිරිත් මනසට හොද බෙහෙතක් කියා කියයි…. ඒත් පිරිත් කියන්නට බැරිය…. බොහෝ කිලිය…. ගැහැනුන් විසින්ම ගැහැනුන්ව අනතුරක හෙලන්නේ කිසිම හිතක් පපුවක් නැතුවය…. මාන්නෙන් පිම්බි සිටින ඒ මහළු මෙහෙනින් වහන්සේලා සමග කිසිත් කතා කර විසදා ගත නොහැක…. ඔවුන් බුදුන්ටත් වඩා ඉහලය….

ඉංදියාවේ තරම් නොවුනත් ලංකාවේ සමහරක් පවුල් තුලත් ඔලුව විකාර වෙන සිරිත් ඇත….

මේ නරි නාටක තවත් කොතෙක් කලකටද….

 

– හෙළනි චතුරානි සිල්වා


මේ තියෙන්නේ කාන්තාවකගේ අත්දැකීමක්ය. එම අත්දැකීම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට ලිංගික අධ්‍යාපනයක් හරි හැටි නොලැබීමේ වරද නිසාය. එයට හාමුදුරුවරුන්, මෙහෙණින්, පූජකවරුන් හෝ සාමාන්‍ය පුරවැසියන් කියා වෙනසක් නැත. අපේ මිනිසුන් දන්නා දෙයකුත් නැත, නමුත් මාන්නය ඉතා ඉහලය. පසුගිය දිනෙක අප පලකල “ලිංගික අධ්‍යාපනය පවුලේ, පාසලේ මෙන්ම දහම්පාසලේද ඉගැන්විය යුතුය” යන සටහනටත් හාමුදුරුවරු සහ සිංහලේ කියාගන්නා පිරිසක් රෙදි උස්සාගෙන ආවේ ඒ නිසාය. නමුත් දරුවෙකුගේ ආරක්ෂාවට මෙන්ම හොඳ නරක තෝරාගෙන ආධ්‍යාත්මික සංවර්ධනයට ලිංගික අධ්‍යාපනයේ ඇති වටිනාකම ඔවුන්ට වැටහෙන්නේ නැත. ඉහත සඳහන් සිදුවීමත් ඊට වෙනස් නැත.

පහත comment box එක සංවාදයට විවෘතය….

Tags

One Comment

  1. මෙහෙණින්ලාගේ හෙන ලොකු කම. මෙයාලගේ විතරක් නෙමෙයි. පූජ්‍ය පක්ෂය කියලා නම් දරන හැමෝම එකයි. උද්දච්චයි.

  2. 1 ලංකාවෙ මෙහෙණී ශාසනයක් නෑ. මෙහෙණි ශාසනයක් ඇති වෙන්නත් තියෙන ඉඩ බොහෝම අඩුයි. දස සිල් මෑණිවරු ඉන්නවා. කොහොම උනත් මොන තත්වය උනත් නිවනට බාධාවක් නෙමෙයි.

    සංඝමිත්තා මෙහෙණින් වහන්සේට ශ්‍රී මහා බෝධිය වඩම්මගෙන එන්න පුලුවන්, ඊටත් වඩා හේමමාලා කුමරියට දන්ත ධාතුන්වහන්සේ කොණ්ඩේ අස්සේ හංගලා ගේතෑකි, එතකොට ඒ දවස් වල මෙන්සස් උනේ නැද්ද ? කියල අහන්න වෙනවා..

    බුදු දහමට ඕව අදාල නැහැ. කිලි කියන්නෙ විෂබීජ. ඒව කියල සාමාන්‍ය ජීව ස්වභාවයකට බාධා කරන එක, අනවශ්‍ය පීඩන දෙන එක නොකල යුතුයි. එහෙම උනාම තවත් කලකිරිම් පීඩා තමයි ඇති වෙන්නෙ..

  3. ඒ භික්ෂුණින් වහන්සේලා ඉන් ඉවත් වෙලා තනි තනියෙන් බව්න් වැඩුවොත් හොදයි කියලා මගේ අදහස.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි