සෞඛ්‍ය
මැදි වයසේදී ශිෂ්ණය ප්‍රාණවත් නොවීම හෘදයාබාධයක පෙරනිමිත්තක්ද?

මැදි වසේදී ශාරීරික හේතුවක් නිසා ශිෂ්ණය ප්‍රාණවත් නොවීම හෘදයාබාධයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. එනිසා මැදිවයස් ඉක්මවූ පුද්ගලයන්ගේ ශාරීරික හේතු නිසා ශිෂ්ණය ප්‍රාණවත් නොවීම දිගින් දිගටම පවතිනවා නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ.
මෙහිදී ප්‍රතිකාර ලබා ගැනීමේදී වඩා වැදගත් වන්නේ ශිෂ්ණය ප්රාණවත්වීම යළි ඇති කරගැනීම සඳහා පමණක් නොව ඊට බලපා ඇති රෝග හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි. එවිට සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමට පමණක් නෙමෙයි දිගු කාලයක් නිරෝගීව ජීවත්වීමටද හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීමටද හැකියාව උදා වෙනවා.
තරුණ වයසේදී මතුවන හෘදයාබාධවලදී ශිෂ්ණය ප්‍රාණවත් නොවීම යන කරුණු රෝග ලක්ෂණයක් ලෙස මතු වෙන්නේ නැහැ. ඊට හේතුවී ඇත්තේ මෙම වයසේදි හොඳින් ස්නායු ක්‍රියාත්මකව පැවතීම සහ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය හොඳින් ක්රියාකිරීමය. එනිසා හෘදයාබාධයකදී මතුවන ඉන්ද්‍රියන් වෙත සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම යන කරුණු තරුණ වියේදී ශිෂ්ණය අප්‍රාණිකව පැවතීමට ප්‍රධාන කරුණක් බවට පත් වෙන්නේ නැහැ.
නමුත් මැදිවියේදී ශාරීරික හේතුද මතුව ඇතිවිට ශිෂ්ණය වෙත රුධිර සැපයුම අඩු වීමද එය ප්‍රාණවත් නොවීමට බලපාන සාධකයක් බවට පත්වේ. ඒ නිසා මැදිවියේදී ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටලුව හෘදයාබාධයක එක් ලක්ෂණයක් බවට පත් වෙන්නට පුළුවන්.
matath bayak thiyenawa e gana
Matath rooga laksana thiyenawa wage.