අපගේ අරමුණ

ශ්‍රී ලංකාවේ පවතින්නේ ඉතාමත් අඩු ලිංගික අධ්‍යාපන ක්‍රමයකි. පාසලේ දී හෝ පවුලේ දී බොහෝ දරුවන්ට ඒ පිළිබඳව නිසියාකාර දැනුමක් නොලැබේ. එම නොදැනුවත් භාවය සඳහා බලපෑම් එල්ලවන්නේ ඔවුන් වැඩිහිටි සමාජයට අවතීර්ණ වීමෙන් පසුවය.
අනෙක් කරුණ නම් ලිංගිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ ඉතාමත් පටු ආකල්ප වන අතර ඒ ආකල්ප ඉතා විකෘති ලෙස ප්‍රයෝගික ජීවිතයේදී යොදා ගන්නට මිනිසුන් පෙළඹී ඇත. එයට හේතුව වන්නේ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ශ්‍රී ලංකාව තුල නොමැති වීමය.

එම නිසා වරදට පෙළඹවීම් ඇති කරනු ලබන අන්තර්ජාලයම උපයෝගී කරගනිමින්, නිවැරදි තොරතුරු සහ අධ්‍යාපනයක් සමාජ ගත කරවීම සඳහා මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වන්නෙමු. හුදෙක්ම මෙය දරුවන්ටත් වඩා නව යොවුන් වියේ පසුවන අයටත්, තරුණ තරුණියන්ටත් වැදගත්වේ යැයි අපි සිතන්නෙමු.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව මෙවැනි මාතෘකාවක් පිළිබඳව පොදුවේ සහ විවෘතව කතා කිරීම නීතිමය නොවුනත් ආකල්පමය අතින් ඉතා නින්දිත පහත් ක්‍රියාවකි. සත්‍යය වශයෙන්ම එසේ වන්නේ ආකල්ප සංවර්ධනය වී නොමැති නිසාය. බොඳ කළ ඡායාරූප / කොටු සහිත ඡායාරූප යන ආදියෙන් ලිංගිකත්වය පිළිබඳව නිවැරදිව කතා කළ නොහැක. උදාහරණ ලෙස ලිංගික රෝග, ලිංගික ඉරියව් වැනි අවස්ථා ගැන විස්තර කිරීමකදී ඒවා පැහැදිලිව පෙන්විය යුතුය.

එම නිසා අප මෙම වෙබ් අඩවිය හරහා උත්සහ කරන්නේ, මිනිසුන්ව නිසියාකාරව ලිංගිකත්වය පිලිබඳ දැනුවත් කිරීමටය. විශේෂයෙන් මෙහි පළ කිරීමට බලාපොරොත්තු වන අධ්‍යාපනික කාරණා, ඊට අදාළ වන ඉහත සඳහන් ආකාරයේ ඡායාරූප කිසිවෙකුගේ පහත් ආශා ඉටුකර ගැනීමට, ඒවා උද්දීපනය කිරීමට නොවන බවත් විශේෂයෙන් සඳහන් කල යුතුමය. එම නිසා මෙම වෙබ් අඩවිය කිසි විටෙක අසභ්‍ය වෙබ් අඩවියක් ලෙස හැඳින්වීමට නොහැකි අතර, හුදෙක් ලිංගික අධ්‍යාපනය ගැන ශ්‍රී ලාංකීක සමාජය දැනුවත් කිරීමේ පරම පිවිතුරු චේතනාව මත පමණක් අපි අපගේ කර්තව්‍යය සිදු කරන්නෙමු.

‘ජනයුගය’ කවුද?

ජනයුගය මෙම වෙබ් අඩවිය පෙර පැවති අර්ජුන් ඇලෝසියස්ට අයිතිව තිබුණු ජනයුගය පුවත්පත හෝ එම පුවත්පතේ වෙබ් අඩවියට කිසිඳු සම්බන්ධතාවක් නැත. එමෙන්ම මේ වෙබ් අඩවිය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අයත් නැති ස්වාධීන වෙබ් අඩවියකි.


මූලික අරමුණ

අපගේ මූලික අරමුණු වන්නේ නිවැරදි පුවත් ඉදිරිපත් කිරීම, සත්‍ය වෙනුවෙන් සාක්ෂි දැරීම මෙන්ම, රටේ පාලන තන්ත්‍රයේ හෝ රට තුළ පවතින හෝ ඇතිවන ඕනෑම වරදකට එරෙහිව හඬ නැගීම සහ ශ්‍රී ලංකාව තුළ නව ජනමතයක් නිර්මාණය කිරීමයි.


සැලකිය යුතුයි

පක්ෂ දේශපාලනික ගැටලු වලදී සමහරවිට එක් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක්, පුද්ගලයෙක් හෝ දේශපාලනය සම්බන්ධ මොනයම් ක්‍රියාවක් විවේචනය කල පලියට හෝ අගය කළ පමණින් අප කිසිඳු පක්ෂයකට පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැත. අප කරන්නේ අගය කළයුතු දේ අගය කිරීමත්, විවේචනය කලයුතු දේ විවේචනය කිරීමත් ය. ඒ හැර අප කිසිවෙකුට අපහාස කිරීමක් නොකරන්නෙමු.

අප පළකරන දේ පිළිබඳ වගකීමක් අපට ඇති අතර, අපගේ යම් වරදක් තිබේ නම් ඔබට එය පෙන්වා දීම සඳහා පූර්ණ නිදහස ඇත. වෙනත් කෙනෙකුගෙන් හෝ වෙනත් පුවත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා තොරතුරක් සම්බන්ධයෙන් අප උපුටා ගත් තැන සඳහන් කරන අතර, එහි අන්තර්ගත තොරතුරුවල නිරවද්‍ය භාවය ගැන වගකීමක් අප දරන්නේ නැත.

එමෙන්ම අපගෙන් උපුටාගෙන වෙනත් වෙබ් අඩවියක, පුවත්පතක හෝ ඕනෑම මාධ්‍යයක පළකරන ලිපි සංස්කරණය කර පළකරනවා නම් හෝ අපගේ කර්තෘ අයිතිය ගැන සඳහනකින් තොරව පළකරනවා නම් ඒ පිළිබඳව කිසිදු වගකීමක් අප දරන්නේද නැත.

අප පලකරන ලද ඕනෑම තොරතුරක වරදක් තිබේ නම් ඒ පිළිබඳව පාඨක ඔබට අදහස් දැක්වීමට පුර්ණ නිදහස ඇත. ඒ සඳහා සෑම සටහනකම පහත ඇති comment box එක හෝ මෙම පිටුවෙහි පහතින් ඇති form එක හරහා ඔබගේ අදහස අපට submit කළ හැකිය.

එසේම ඔබගේ නිදහස් යෝජනා, චෝදනා එවීමටත් අපව සම්බන්ධ කර ගැනීමටත් එම form එක භාවිතා කළ හැකිය.