සබඳතා

ලිංගික කාර්යයේදී පියයුරු වල වැදගත්කම සහ පියයුරු සුරතල් කිරීම (අතිශයින්ම 18+ කොල්ලන්ට පමණයි)

උපත ලැබූ මොහොතේ ඉඳන් පිරිමියාට ඉතා සමීප පියයුරු, හැදී වැඩී තරුණයෙකු වූ පසුත් ජීවිතයේ රස සොයා යාමේදී රසවත් වීමේ ප්‍රධාන මාර්ගයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රීන්ද තමන්ගේ ලස්සන පියයුරු මඟින් හොඳ ආශ්වාදයක් ලබාගන්නවා. සමහර කාන්තාවන්ගේ පියයුරු ඔවුන්ගේ යෝනිය තරම්ම ඉතාම සංවේදී වෙනවා. බොහෝ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ පියයුරු ඉතාම සෙමින්, සිනිඳු සහ සියුම් ලෙස ස්පර්ශ කරවා ගැනීමටයි. පිරිමින් මෙය තේරුම් නොගෙන ඉතා රළු හෝ ම්ලේච්ඡ විදියට ආරම්භයේ ඉඳන්ම පියයුරු වලට දස වද දීම සාමාන්‍ය දෙයක්. නමුත් ස්ත්‍රීන් එයට නම් කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි ඉතා රළු සහ ම්ලේච්ච විදියට ලිංගික කාර්යයේ යෙදෙන්නට කැමති කාන්තාවන්ද නැතුවම නොවෙයි. (අපි ඒ ගැන වෙනමම කතා කරමු.)

සිනිඳු ලෙස පියයුරු ස්පර්ශය

ඒ කොහොම වුනත් තමන්ගේ සහකාරිය කැමති කොයි විදියද කියලා දැනගන්න ඔබට ඇයත් සමඟ ඉතා සුහදව සාකච්ඡා කරන්න වෙනවා. හැබැයි දෙන්නට දෙන්නා බොහොම විවෘත වෙන්න ඕනේ. තමන් කැමති සිනිඳු පිරිමැදීමකටද, රළු පිරිමැදීමකාටද කියලා සහකරුට පවසන්න ස්ත්‍රීය කොයි මොහොතකවත් ලැජ්ජා වෙන්න ඕනේ නැහැ වගේම, පිරිමියාද තම සහකාරිය සමඟ ඒ විදියට දොඩමලු වීම තමාගේ පිරිමි කමට කරගන්නා හානියක් කියලා හිතන්නත් හොඳ නැහැ. හැම තැනකදීම “ලේඩීස් ෆස්ට්” කිව්වට මේ වගේ කාරණාවකදී පිරිමියා මුලින්ම ඉදිරිපත් වෙන එක හොඳයි. මොකද ස්ත්‍රීයක් කියන්නේ ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී කෙනෙක්. ඉතින් ලැජ්ජාව නිසා තමන්ගේ හැඟීම හිතේ හිර කරගෙන ඉඳලා තමන්ට අකමැතිම දෙයට මුහුණ දෙන්න වුනොත් ඒක දීර්ඝ කාලීනව ලිංගික ජීවිතයට දැඩි බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ලිංගික එක්වීම මහා කරදරකාරී, වදකාරී දෙයක් බවට ඇයට හැඟෙන්නට පුළුවන්.

අපි මේ කියන කතාව පියයුරු සම්බන්ධව විතරක් නෙමෙයි. ලිංගික කාර්යයේ කරන සෑම ස්පර්ශයක්, සෑම ලිංගික කාර්යයක් සහ ඉරියව්වක් සම්බන්ධවම බලපාන කරුණක්. තමන්ගේ ආශාව විතරක් නෙමෙයි, තම සහකාරියගේ ආශාව ගැනත් අදහස් විමසීම ඉතාම වැදගත් කරුණක් කියන එක පුරුෂ ඔබ මතක තියාගන්න ඕනේ. අන්න එහෙම වුනාම උපරිම ලිංගික තෘප්තියක් ලබාගන්නත් පුළුවන් වෙනවා.

ස්ත්‍රී පියයුරු රස ගැන්වීම

ස්ත්‍රී පියයුරු රස ගැන්වීමේදී පියයුරු උඩින් අත් දෙක තියලා සෙමෙන් පිරිමදිමින්, ඇඟිලි ඒ මේ අත රිද්මයකට යවමින් තමන්ගේ සහකාරියට ආශ්වාදයක් ලබාදෙන්න පුළුවන්. අත කෝප්පයක් මෙන් හැඩකර අත්වලින් අගේ පියයුරු පිරිමදිනකොට ඇය හැඟුම්බර වෙන්න පුළුවන්. හැඟීම්බර වෙනකොට සහකාරියගේ පියයුරුවල මුල පැත්ත ප්‍රමාණයෙන් ටික ටික විශාල වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබට පුළුවන් තොල් භාවිතා කරමින් පියයුරු සුරතල් කිරීමට. එතකොට ස්ත්‍රීයකගේ හැඟීම් උපරිම තත්වයකට පත් කරන්න ඔබට පුළුවන් වෙනවා.

ඒ විදියට තොලෙන් සහ දිවෙන් එක පියයුරක් රසවිඳින විටදී අනෙක් පියයුර අතින් පිරි මැදීම වඩා වැදගත්. පියයුරු තොලෙන් සහ දිවෙන් රවසත් කරනකොට තනපුඩුව සහ තනපුඩුව වටා ඇති රවුම් වර්ණවත් ප්‍රදේශය වැඩිපුරම රසවත් කරන්නට පිරිමියා වග බලාගත යුතු වෙනවා. මොකද ඒක තමයි පියයුරේ අධි සංවේදීම කලාපය. ඒ වගේම පියයුරු සිඹිමින් වටේට තොල් වලින් ස්පර්ශ කරමින් ඇයට ආශ්වාදය ලබාදිය යුතු අතර මේ අවස්ථාවේදී පිරිමියා ඉතා ඉවසිලිවන්තව හා ම්ලේච්ඡත්වයෙන් තොරව ක්‍රියා කරන්නත් ඕනේ.

සමහර පිරිමි තුවාල ඇතිවන විදියට නියපොතු සහ දත් වලින් පියයුරු තෙරපන නිසා ස්ත්‍රීයගේ පිබිදීගෙන එන හැඟුම් යටපත් වී ඇයට පියයුරු ස්පර්ශය පවා නීරස අවස්ථාවක් බවට පත්වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.

පියයුරු

මීට අමතරව පියයුරු පිරිමදිනකොට විශේෂ සම්භාහන තෙල් වර්ගයක් හෝ කුඩා ළමුන්ගේ ඇඟට ගලවන බේබි ඔයිල් වර්ගයක් පියයුරු වල ගල්වා සම්භාහනය කල හැකිනම් සම්භාහන තෘප්තිය තවත් ඉහල යනවා. අන්න එහෙම සම්භාහනය කරනකොට පියයුරු තුඩ අවසානයට සම්භාහනය කිරීමට ඔබ මතකයේ තබාගන්න ඕනේ. පියයුරු තුඩ ඔබගේ ඇසේ පිහාටුවෙන් හෝ සුමුදු කුරුළු පිහාටුවකින් පිරිමැදීම කලෝතින් ඇයට ඇයගේ හැඟීම උච්චතම අවස්ථාවට පත්කරගන්න හේතුවක් වෙනවා. ඒ වගේම කෑමට ගන්නා ලිහිසි ද්‍රව්‍යයක් (උදාහරණ – මීපැණි, බටර්…. වැනි) පියයුරු තුඩ මත තවරලා එය සුමුදු ලෙස දිවෙන් හෝ තොල් වලින් ස්පර්ශ කිරීම, සහ උරාබීම (ඉරීම) වැනි ක්‍රියාවන් වලිනුත් ස්ත්‍රීයගේ ශෘංගාරාත්මක තෘප්තිය වැඩි කරන්න පුළුවන්.

කාන්තාවන්ගේ ඔසප් දින ආසන්න වෙනකොට ඔවුන්ගේ පියයුරු මදක් මහත් වෙනවා. ඒ වගේ අවස්ථාවල පිරිමින්ගේ ඇඟිලි හෝ තොල් වලින් පියයුරු සිනිඳු ලෙස ස්පර්ශ කලාම ඇය හැඟීම්බර වෙනවා. ඒ වගේ අවස්ථා වලත් පිරිමැදීම පටන් ගන්න පුළුවන් වගේම හැඟීම් උච්ච වන අවස්ථාවේදී අගේ පියයුරු තව තවත් තද ලෙසට පිරිමදින්න පුළුවන්. හැබැයි මේ වගේ වෙලාවට සීමාව ඉක්මවා නොයන්නට ඔබ වග බලා ගන්න ඕනේ. මොකද ඇගේ හැඟීම් උච්ච අවස්තාවේදී පියයුරුවලින් උපරිම ආශ්වාදයක් ලබා ගත්තත් ඔසප් වීම පවතින අවස්තාවේදී ලිංගික එක්වීමක් කරනවාද නැද්ද කියන තීරණය ඔබගේ වීමයි….


දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 6 =

Back to top button
Close