සෞඛ්‍ය

ස්වයංවින්දන මානසික රෝගය

ස්වයං වින්දනය මානසික රෝගයක් නොවුනත්, දිනකට හත් අට වතාවක් විතර (ඊට ආසන්න හෝ ඊට වැඩි) ස්වයං වින්දනය කරනවා නම් ඒක මානසික රෝගී තත්වයක් වෙන්න පුළුවන්. ඒ රෝගය හඳුන්වන්නේ ස්වයං වින්දන කාමය කියලයි. මේකට ගැහැණු පිරිමි භේදයක් නැති වුනත් බොහෝ විට මේ තත්වය ඇතිවෙන්නේ පිරිමි පාර්ශවයට. තමන්ට ලිංගික උත්තේජනයක් ලැබෙන්නේ කොතැන වුවත් ඔහු එම ස්ථානයේම ස්වයං වින්දනයට පෙළඹෙනවා. පන්ති කාමර, දුම්රිය මැදිරි, දුම්රිය මැදිරි වැසිකිලි, පොදු වැසිකිලි වගේ තැන් වල තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න බොහෝවිට දෙපාරක් හිතන්නේ නැහැ.

පොදු ප්‍රවාහන සේවයකදී ලිංගික උත්තේජනයක් ලැබුනම බසයෙන් කෝ දුම්රියෙන් බැහැලා ලඳු කැලෑවක් නැතිනම් ආවරණය වුනු ස්ථානයකට ගිහිල්ලා ස්වයං වින්දනය කරන්න තරම් ඔවුන්ගේ ස්වයං වින්දන කාමය කියන මානසික රෝගය ප්‍රභලයි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියන්නා වගේ ස්වයං වින්දනයට වුනත් අධිකව ඇබ්බැහි වුනාම ඕනෑම කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්.

මේ වගේ පාලනය කරගන්න අපහසු තත්වයක් කෙනෙකුට තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ මානසික වෛද්‍යවරයෙකු හමුවෙලා ප්‍රතිකාරයක් ගන්න එක. මේ වගේ ගැටළුවක් වෛද්‍ය වරයෙක් එක්ක සාකච්ඡා කරන එක ලැජ්ජාවක් විදියට හිතන්නත් එපා, ලැජ්ජා වෙන්නත් එපා. මොකද තත්වය උග්‍ර වුනොත් ඔබගේ අවට ඉන්න අයගෙන් අවමානයට පත් වන්නේ ඔබමයි.

ස්වයංවින්දන කාමය
ස්වයංවින්දන කාමය

මේ විදියේ ගැටළුවක් හෝ ඕනෑම ලිංගික ගැටළුවක් ඔබට තියෙනවා නම් “ඔබගේ පිටුව” හරහා අපිට ලියන්න පුළුවන්. එතකොට අපි ඔබට අදාළ උපදෙස් වගේම හමුවිය යුතු උපදේශකවරයෙක් හෝ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරන්නත් පුළුවන්.

මේ වගේ ගැටළුවක් තියෙන මිතුරන් සිටිනවා නම් ඒ අයවත් මේ ගැන දැනුවත් කරන්න. ඒකට තමයි share button එක තියෙන්නේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 16 =

සබැඳි ලිපි

Back to top button
Close