සෞඛ්‍ය

පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොණ දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවම නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරයක් ලෙස ගත් බවට සාක්ෂි තිබෙනවා. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනකුත් තිබෙනවා. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන තියෙනවා. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =

සබැඳි ලිපි

Back to top button
Close