සෞඛ්‍ය

සමාජ රෝගයක් නොවන නමුත් සමාජ රෝගයක් වගේ රෝගයක්

අපි මේ කියන රෝගය හැදුනොත්, ඒ රෝගය ගැන හරි හමං අවබෝධයක් නැති වුනොත් අනිවාරෙන්ම පවුල් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මොකද විවාහක යුවලක් නම් මේ රෝගය නිසා දෙන්නට දෙන්නා සැක කරන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙම වෙන්න හේතුව තමයි තමන්ගේ සහකාරිය හිතනවා මේ රෝගය තමන්ගේ සැමියා වෙන කාත් එක්ක හරි බුදියලා හදා ගත්තු ලෙඩක් කියලා. මොකද පිටතට පැහැදිලිවම පෙනෙන්න පුරුෂ ලිංගය වන වෙන රෝගයක් තමයි මේ.

මේ රෝගය හඳුන්වන්නේ බැලනයිට්ස් (Balanitis) කියලා. මේකෙන් වෙන්නේ පෙරසම හෝ ශිෂ්ණ මුණ්ඩය, එහෙමත් නැත්නම් මේ දෙකම ආසාදනය වීම, වණ වීමයි. මේ විදියට ශිෂ්ණ මුණ්ඩය සහ පෙරසම ඉරිතලලා සුදුපැහැ වෙලා ආසාදනය වෙන්නේ ප්‍රධාන වශයයෙන්ම දියවදියා රෝග ලක්ෂණයක් විදියටයි.

දියවැඩියාවේදී මුත්‍රා සමඟ සීනි පිටවෙනවා කියන කතාව ඔබ දන්නවනේ. මේ විදියට සීනි සහිත මුත්‍රා පෙර සම තුළ එකතු වෙනවා. ඊට පස්සේ විෂබීජ වලට පහසුවෙන් ඒ තරලය මත වර්ධනය වෙන්න පුළුවන්. එහෙම වුනාම ශිෂ්ණ මුණ්ඩය සහ පෙර සම ආසාදනය වීමට ලක්වෙනවා. ඒක බොහොම වේදනාකාරී අත්දැකීමක්. බොහෝ අය මේ වගේ අවස්තාවක් ඇති වුනාම හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැළඳිලා කියලා. මේ ආසාදනයට බොහෝවිට හේතු වෙන්නේ මොනිලියස් නැතිනම් කැන්ඩීඩා කියන දිලීරයයි. ඒ දිලීර වැඩිපුරම ආසාදනය වෙන්නේ දියවැඩියා රෝගීන්ටයි.

හැබැයි මේ තත්වය දියවැඩියා තත්වයක්මද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ වෛද්‍ය වරයෙකු හමුවෙලා රුධිරයේ සීනි මට්ටම ගැන රුධිර පරීක්ෂණ ටිකත් කරගත්තට පස්සේ.

හැබැයි දියවැඩියාව නැති වුනත් මේ ආකාරයට වණවීම සිදුවෙන්න පුළුවන් තවත් හේතු කිහිපයක් තියෙනවා.

පළවෙනිම එක තමයි,

අපිරිසිඳු කම
පෞද්ගලික පිරිසිඳු කම ගැන නොසැලකිලිමත් අයගේ ශිෂ්ණ මුණ්ඩය සහ පෙර සම අතර විෂබීජ තැම්පත්වීම නිසා මේ විදියට වණ වීම සිදුවෙනවා. නාන, ඇඟ සෝදන විට පෙර සම පිටුපසට කර පිරිසිඳු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් එහෙම නොකරන අවස්ථාවල මේ වගේ තත්ත්ව ඇතිවෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.

පිරිසිඳු කම වැඩි කම
වැඩි පිරිසිඳු කමත් එක්තරා රෝගයක්. නිතරම දවසට කිහිපවතාවක් ශිෂ්ණ මුණ්ඩය සබන් යොදා පිරිසිඳු කරන විට සබන් වල ඇති රසායනික ද්‍රව්‍ය සහ සබන් නිසා ඇතිවන ආසාත්මිකතා වගේ හේතු නිසාත් වණවීමේ තත්ව හටගන්නා පුළුවන්.

පෙරසම පිටුපසට කිරීමට නොහැකි නිසා
සමහරුන්ගේ පෙරසම පිටුපසට යන්නේ නැහැ. මේ නිසා පෙරසම සහ ශිෂ්ණ මුණ්ඩය අතර ප්‍රදේශයේ ස්ටැග්මා ලෙස හඳුන්වන ශ්‍රාවයක් එකතු වෙනවා. මේ ශ්‍රාවයෙන් මිදී ඒ මත විෂබීජ එකතුවීමෙනුත් වණවීමක් ඇතිවෙන්න පුළුවන්. සමහරවිට මේ ශ්‍රාවය එකතුවෙලා කැටිති හැටියට ගොනු වෙලා පිටතින් බලනකොට ගෙඩි, ගැටිති වගේ පේන අවස්ථාත් ඇතිවෙන්න පුළුවන්.

එතකොට මොකද කරන්න ඕනේ?
මේ වගේ රෝග ලක්ෂණ තියෙන වෙලාවට බොරුවට ලජ්ජා වෙලා වැඩක් නැහැ. මොකද මේවා ස්වභාවික තත්ත්ව. කරන්න තියෙන හොඳම දේ තමයි හොඳ වෛද්‍ය වරයෙකු හමුවෙන එක. එතකොට ඔවුන් ඒ සඳහා අදාළ ප්‍රතිකා කරනවා වගේම අවශ්‍ය උපදෙස් ඔබට ලබා දෙනවා. නමුත් එහෙම නොවුනොත් රෝගය උත්සන්න වෙලා බරපතල තත්ව ඇතිවෙන්න පුළුවන් වගේම, නිකරුනේ පවුල් ප්‍රශ්න ඇතිවෙලා විවාහ ජීවිතය දෙදරා යන්න වුනත් පුළුවන්.

 

ආසාදිත අවස්ථා කිහිපයක ඡායාරූප පහතින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 13 =

සබැඳි ලිපි

Back to top button
Close