දැනුම

ගැහැණුන්ගේ ඇස් වලට වැඩිපුර පෙනෙන්නේ ඇයි?

සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා ගැහැනුන්ට පෙනෙන ප්‍රමාණය වැඩියි. ඒ කියන්නේ පෙනෙන පරාසය වගේම පෙනෙන රූපවල තියෙන දක්ත වැඩිපුර ග්‍රහණය කරගන්න ගැහැනියට ස්වභාවධර්මයෙන්ම අපූරු හැකියාවක් ලැබිලා තියෙනවා.

එකට හේතුව සරලව මේ විදියට අපි කතා බහ කරමු.

කම්පියුටර් එකක ඩේටා මෙගාබයිට් 100කට සමානවන විද්‍යුත් චුම්බක ශක්ති ඒකක (photons) බිලියන ගණනක් හැම තත්පරයක්ම අපේ ඇස්වල දෘෂ්ටි විතානයට පහර දෙනවා (පතිත වෙනවා). මෙය මොළයට දරා ගැනීමට අපහසු විශාල ප්‍රමාණයක්. ඒ නිසා ඇසේ සිට මොළයට දක්ත ගමන් කරන ස්නායුව හරහා මොළයට දක්ත ලබා දෙන්නේ සංස්කරණය කරලා, අපේ රඳා පැවැත්මට අවශ්‍ය ප්‍රමාණයක් විතරයි.
ඒක තව සරලව කිව්වොත් අපි අහස දිහා බලනකොට මොළය විසින් අහසේ තියෙන වර්ණ සියල්ල තේරුම් ගන්නවා. හැබැයි අපිට දකින්න වුවමනා කරන වර්ණය විතරක් මොළය විසින් ක්ෂණිකව තෝරා ගන්නවා. ඒ තමයි නිල් පාට. අපේ මොළය අපේ පෙනුම පටු කරනවා. අන්න ඒ නිසා තමයි අපිට විශේෂිත දෙයක් තෝරාගෙන ඒ තෝරා ගත් කොටසට විතරක් අවධානය දෙන්න පුළුවන් කමක් ඇතිවෙලා තියෙන්නේ.

පිරිමින්ගේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන්ම දඩයම වැනි දේවල් සඳහායි. එම නිසා පිරිම් දකින්නේ පටු ක්ෂේත්‍රයක් තුලයි. තවත් සරලව කිව්වොත්, ඉලක්කය පැහැදිලිව පෙනෙන්නත් ඉලක්කය හැරුණු විට අනෙක් වටපිටාවට ඔහුගේ අවධානය නොයන විදියට තමයි පිරිමි ඇස නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ගැහැනුන්ගේ මොළය පුළුල් පරිසරයක තොරතුරු විශ්ලේෂණය කරනවා. මොකද ඔවුන්ගේ අතීතයේ සිටම ඔවුන් තම නිවහන් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයට හුරු වෙලා තියෙන නිසා. ඇයගේ නිවසට හානිකර සත්ත්වයන් සහ වෙනත් දේවල් ඇදෙන්නේදැයි ඇය විමසිලිමත්. එතකොට ගැහැනියගේ ඇස නිර්මාණය වෙලා තියෙන්නේ පුළුල් පෙදෙසක් දකින්න පුළුවන් විදියට වගේම වැඩි තොරතුරු ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න පුළුවන් විදියටයි.

ඒ නිසා ඇත්තටම සමස්ථයක් විදියට ගත්තම පිරිමින්ට වඩා ගැහැනුන්ට පෙනෙන ප්‍රමාණය වැඩියි තමයි.

පිරිමින්ගේ පෙනීමේ අවධානයේ රැඳෙන පරාසය
පිරිමින්ගේ පෙනීමේ අවධානයේ රැඳෙන පරාසය

 

ගැහැණුන්ගේ පෙනීමේ අවධානයේ රැඳෙන පරාසය
ගැහැණුන්ගේ පෙනීමේ අවධානයේ රැඳෙන පරාසය
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 15 =

සබැඳි ලිපි

Back to top button
Close