සෞඛ්‍ය

කොල්ලන් වඳ විය හැකි හේතු 10ක්

කොල්ලන් වඳ විය හැකි හේතු 10ක්

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ගතකරන අතරතුර නොදැනුවත් කම නිසා හෝ දැනගෙනත් වෙන කරන්න දෙයක් නැති කම හින්දත් පිරිමි පාර්ශවයේ ශුක්‍රානු විනාශ වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වඳ භාවයට පත් වීම. බටහිර වෛද්‍ය ක්‍රමයේ මිනිසුන් පූර්ණ වඳ භාවයට පත්කළ හැකි ඖෂධයක් නැති වුනත්, අපි දැනගෙන හෝ නොදැන කරන සමහර දේවල් නිසා එහෙම වෙන්න පුළුවන්.

01 – හිරට තියෙන යට ඇඳුම් ඇඳීම නිසා
වෘෂණ කෝෂ තුල ශුක්‍රානු නිපද වෙන්නේ ශරීරයේ උෂ්ණත්වයට වඩා මදක් අඩු උෂ්නත්වයකදීයි. ඒ නිසා තමයි වෘෂණ කෝෂ දෙක ශරීරයෙන් එළියේ පිහිටලා තියෙන්නේ. හැබැයි හිරට අඳින යට ඇඳුම් නිසා වෘෂණ කෝෂ ශරීරයට තද වෙලා ස්පර්ශ වෙනවා. එතකොට ශරීරයේ උෂ්නත්වයම වෘෂණ කෝෂ වලටත් ලැබෙනවා. ඒ වගේම යට ඇඳුම නිසා තවත් ටිකක් උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ඒ විදියට නිතරම සිදුවෙනකොට ටික ටික වෘෂණ කෝෂ වල සරු ශුක්‍රානු නිපද වීම අඩපන වෙන්න පුළුවන්.

02 – වැඩි උෂ්ණත්වයකට නිරාවරණය වීම නිසා
අපි අර කලින් කියපු විදියටම වැඩි උෂ්ණත්වයකට නිරාවරණය වුනොත් සරු ශුක්‍රානු ජනනය කිරීම අඩු වීම හෝ සම්පුර්ණයෙන් නවතින්න පුළුවන්. අධික උණ රෝගයෙන් පෙලෙන අවස්තාවලදී එවැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.

03 – ප්ලාස්ටික් බෝතල් වල ජලය දමාගෙන ඒවා බීමට ගැනීම
අද කාලේ පාවිච්චි වෙන හුඟක් ප්ලාස්ටික් බෝතල් හදලා තියෙන්නේ Bisphenol A (BPA) නමැති කාබනික ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් වර්ගයකින්. ප්ලාස්ටික් බෝතලයේ සටහන් කර ඇති ත්‍රිකෝණාකාර ඊතල සලකුණක් මැද 1,2,3,4,5,6 හෝ 7 අංක සලකුණු කිරීමෙන් BPA අඩංගු ප්ලාස්ටික් වර්ගය හඳුනා ගන්න පුළුවන්. BPA කියන ඒ කාබනික ද්‍රව්‍යය මිනිසාගේ ශුක්‍රානු වියලි භාවයට පත්කරනවා. එම නිසා ඔබගේ වතුර බෝතලය සෞඛ්‍යාරක්ෂිත ලෙස තෝරා ගැනීම වැදගත් වෙනවා.

04 – දුම් පානය කිරීම
දුම් පානය කිරීම ශුක්‍රානු නිපදවීමට බොහෝ සෙයින් බලපෑම් කරනවා. ශුක්‍රානු වල ඇති DNA විනාශ කිරීමට, විකෘති කිරීමට සිගරට් වල ඇති රසායනික ද්‍රව්‍ය වලට පුළුවන් කම තියෙනවා.

05 – මත් පැන් පානය කිරීම නිසා
නිතර මත් පැන් පානය කරන කෙනෙක් නම් ඔබගේ ශුක්‍රානු නිපද වීමට එය බොහෝ සෙයින් බලපාන්න ඉඩකඩ තියෙනවා. ශුක්‍රානු නිපද වීම අඩු කරනවා වගේම ඔබගේ ලිංගය අප්‍රාණික වීමටත් මත් පැන් පානය හේතුවක් වෙන්න පුළුවන්.

06 – Testosterone හෝමෝන කෘතිමව ගැනීම නිසා
බොඩි බිල්ඩර්ස් ලා එහෙමත් නැත්නම් කය වර්ධනයට උනන්දුව දක්වන අය Testosterone හෝමෝනය අඩංගු supplements පාවිච්චි කරනවා. ඒ හෝමෝනය අධිකව පාවිච්චි කලාම ශුක්‍රානු නිපදවීම පාලනය කරන පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාවලියට බලපෑම් ඇතිකරනවා. පිටියුටරිය අඩපන වුනොත් ශුක්‍රානු නිපදවීමට ගැටළුවක් වෙනවා.

07 – අධික තරබාරු බව
අධික තරබාරු බව නිසාත් ඔබගේ ශුක්‍රානු ප්‍රමාණය සහ ඒවායේ නිරෝගී බව පහල යන්න පුළුවන්. මස් මාංශ අඩුවෙන් ගැනීම සහ තරබාරු බව පාලනය කිරීමෙන් මේ තත්වය අවම කරගන්න පුළුවන්.

කලවා ප්‍රදේශය මහත්වීම නිසා වෘෂණ කෝෂ තද වීමක් වෙන්න පුළුවන්. එතකොට් නියමිත උෂ්ණත්වය නොලැබීම නිසා ශුක්‍රානු නිපදවීමට බලපෑමක් වෙන්න පුළුවන්.

08 – මානසික ආතතිය
ශුක්‍රානු නිපද වෙන්න, ඒවා නිසි අයුරින් වර්ධනය වෙන්න පිරිමියෙකුගේ මොලයේ ක්‍රියාකාරිත්වයේ සාර්ථකත්වයත් බලපෑම් කරනවා. නිතරම සිත් තැවුලෙන් සිටින කෙනෙකුට නම් ශුක්‍රානු නිපදවීම කෙරෙහි ඔහුගේ මානසික තත්වය බලපාන්න පුළුවන්. එම නිසා හැම විටම මනස සුවයෙන් සහ ප්‍රභෝධයෙන් තබා ගැනීමට උනන්දු වෙන්න ඕනේ. මේක ශුක්‍රානු නිපදවීම ගැන හිතලා නෙමෙයි, නිතරම සතුටින් ඉන්න එක තමයි ජීවිතය විඳීම කියලා කියන්නේ.

09 – Laptop පරිඝනක භාවිතා කිරීම නිසා
laptop පරිඝනක තමන්ගේ උකුල මත තියාගෙන පාවිච්චි කලාම එම පරිඝනක වලින් පිටවෙන උෂ්ණත්වය සහ විකිරණ නිසා වෘෂණ කෝෂ ඇතුළු පුරුෂ ප්‍රජනක පද්ධතියට බලපෑම් කර ශුක්‍රානු නිපදවීම අඩපන වෙන්න පුළුවන්. ඒ නිසා laptop භාවිතයට හොඳම ක්‍රමය මේසයක් වැනි මතුපිටක් මත තබා පාවිච්චි කරන එකයි.

10 – කලිසම් සාක්කු වල ජංගම දුරකථන දමා ගැනීම නිසා
ජංගම දුරකථනයෙන් පිටවන විකිරණ නිසාත් ශුක්‍රානු නිපදවීම සියයට 9කින් පමණ පහල යන්න පුළුවන් කියලා විදවතුන් කියනවා. ඒ වගේම ජංගම දුරකතනයේ vibration වීම නිසාත් ශුක්‍රානු විනාශ වෙන්න පුළුවන්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + five =

සබැඳි ලිපි

Back to top button
Close