දැනුම

ඉක්මනින් ශුක්‍රාණු පිටවීම වලක්වා ගන්න සාර්ථක ක්‍රම

ඉක්මනින් ශුක්‍රාණු පිටවීම වලක්වා ගන්න සාර්ථක ක්‍රමසංසර්ගයේදී තමන්ගේ සහකාරිය උපරිමව සතුටු කරන එකත්, තමනුත් උපරිම තෘප්තියක් ලබා ගන්න එක තමයි හැම කොල්ලෙකුගේම බලාපොරොත්තුව. ඒ නිසා සාර්ථක වගේම තෘප්තිමත් ලිංගික එක්වීමකට කාලය ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් ලිංගිකව එක්වීමෙන් වැඩි සතුටක් ලැබෙනවා. හැබැයි ඉක්මනින් ශුක්‍රානු පිටවීම හෙවත් ක්ෂණික මෝචනය නිසා ඒ බලාපොරොත්තු වන සතුට දෙදෙනාටම ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මේ සටහනෙන් ඔබට කියන්නේ ක්ෂණික මෝචනය වීම පාලනය කරගන්න පොඩි tricks කිහිපයක්.

 

01 – සෙමින් නිදහසේ කරන්න
ඔබගේ සහකාරිය සමඟ ලිංගිකව එක්වෙනකොට බොහොම සෙමින් එක්වීම කරන්න. මොකද ඔබට ඕන තරම් කාලය වෙලාව තියෙනවා. ඇයව සිපගන්න, මෘදු විදියට ස්පර්ශ කරන්න, උණුසුම්ව තුරුළු වන්න…. අන්න එතකොට ඔබ නොසිතන විදියේ වින්දනයක් ඔබට ලැබෙනවා.

 

02 – සුපුරුදු ඉරියව්ව වෙනස් කරන්න
හුඟක් අය ලිංගිකව එක්වෙන්නේ එකම ඉරියව්වකට. එකම ඉරියව්වකට පුරුදු වුනාම වැඩි වෙලාවක් ලිංගික සතුට ලබාගන්න අපහසු වෙනවා. ලිංගිකව එක්වෙන ඉරියව් ඕන තරම් තියෙනවනේ. ඒ නිසා වෙනස් ඉරියව්වකින් ලිංගිකව එක් වෙලා බලන්න. එවිට ඔබට සහ ඔබගේ සහකාරියට අලුත් අත්දැකීමක් වේවි.

 

03 – විවේකයක් ගන්න
විවේක ගැනීම ඕනෑම දෙයක් කරනකොට අත්‍යවශ්‍ය වෙන දෙයක්. ලිංගික එක්වීමකදීත් ඒකෙ වෙනසක් නැහැ. ලිංගික එක්වීමකදී ඔබට මහන්සි නම් විවේක ගන්න. හැබැයි ලිංගික එක්වීමේ විවේකය කියන්නේ ඔහේ බලාගෙන ඉන්න එක නෙමෙයි. ලිංගික එක්වීම මදකට නවත්තලා සිප ගැනීම, පිරිමැදීම වගේ මහන්සියක් නොවන දේවල් ඒ කාලයේ සිදු කරන්න.

 

04 – සමීප වන්න
සමහර ලිංගික එක්වීම් වලදී ලිංගිකව එක්වන යුවල මුහුණට මුහුණවත් දකින්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් එහෙම වෙන්න ඉඩ තියන්න එපා. සහකාරියට සමීප වෙන්න. උණුසුම්ව තුරුළු වන්න. එය ඔබට දිගු වෙලාවක් ලිංගිකව එක්වෙන්න පහසුවක් වේවි.

 

05 – වෙනත් දෙයක් ගැන හිතන්න
බොහෝ විට සාර්ථකම ක්‍රමය මේක තමයි. ඔබ ලිංගිකව එක්වෙනකොට තව දුරටත් ඔබ කරන්නේ ලිංගික එක්වීමක් කියන එක හිතන්න එපා. මොකද එහෙම හිතනකොට ලිංගික එක්වීම ප්‍රමාද කරන්න ඒ සිතුවිලි හේතුවක් වෙනවා. ඔබ ලිංගිකව එක්වෙන්න. නමුත් සිතින් වෙන දෙයක් කරන බව මවා ගන්න. හැබැයි වැදගත්ම දේ තමයි සහකාරියට ඔබගේ සිතුවිලි හඟවන්නේ නැතුව ඉන්න වග බලාගන්න.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + sixteen =

සබැඳි ලිපි

Back to top button