සෞඛ්‍ය

සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුට මරණය ගෙනෙන මාරාන්තික රෝගයක්

සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුට මරණය ගෙනෙන මාරාන්තික රෝගයක්පියයුරු පිළිකා කියන්නේ කාන්තාවන්ගේ වඩාත් බහුලව දක්නට ලැබෙන ආක්‍රමණශීලී පිළිකා විශේෂයක් වන අතර, සමස්ථයක් ගත්විට පෙනහළු පිළිකා වලට පසු පිළිකා රෝගයෙන් කාන්තාවන් මියයන දෙවැනි ප්‍රධාන හේතුවයි.

2017 වසරේදී කාන්තාවන්ගේ පියයුරු පිළිකා පිළිබඳව නව සොයාගැනීම් 252,710 ක් අපේක්ෂා කරනවා වගේම, මෙම වසර තුල 40,610ක් පමණ මරණයට පත්වීමට ඉඩකඩ තියෙනවා.

පියයුරු පිළිකා කියන්නේ ?

පියයුරු පිළිකා කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික අනෙක ද්වීතීක. ප්‍රාථමික පියයුරු පිළිකා කියන්නේ මුලින්ම පියයුරු වල හටගන්නා පිළිකා. ද්වීතීක පිළිකා කියන්නේ ශරීරයේ වෙන තැනක ඇතිවුණු පිළිකාවක් පියයුරු වලට පැතිරීම.

බොහෝ අවස්ථාවල ප්‍රාථමික පියයුරු පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත හටගන්නා තියෙන ඉඩකඩ බොහොම අඩුයි. කොහොම වුනත් සමහර කාන්තාවන්ගේ ශරීරයේ පිළිකා වලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහී පද්ධතිය මගින් ශරීරයේ අනෙක් කොටස් වලට පැතිර යන්න පුළුවන්.

මෙම පිළිකා සෛල බෙදී යමින් නව පිළිකා ඇති කරනවා. ද්වීතීක පිළිකා හෝ ස්ථානාන්තරණය (metastasis). මෙම ද්වීතීක පිළිකාව සෑදෙන්නේ පියයුරු පිළිකා සෛල වලින්. ඒ නිසා උදාහරණයක් විදියට අක්මාවේ ඇති ද්වීතීක පියයුරු පිළිකාවක් හැසිරෙන්නේ පියයුරු ලිපිකාවක් ලෙස මිස ප්‍රාථමික අක්මා පිලිකාවක් ලෙස නොවෙයි.

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ

  1. පියයුරු වල ඇතිවන ගැටිත්තක්
  2. පියයුරුවල ප්‍රමාණයේ හෝ හැඩයේ ඇතිවන වෙනස් කම්
  3. සමේ ඇතිවන වලගැසීමක් හෝ පියයුරු පටක ඝනකම් වීම
  4. තනපුඩුව යටිකුරු වීම
  5. තනපුඩුව මත කුෂ්ඨයක් ඇතිවීම
  6. තනපුඩුවෙන් විසර්ජනය වීම
  7. කිහිල්ල ඉදිමීම හෝ ගැටිත්තක් ඇතිවීම

පියයුරුවල ඇතිවන ගැටිත්ත පියයුරු පිළිකා වල ඉතාම සුලබ රෝග ලක්ෂණයක්. පියයුරු වල ඇතිවන ගැටිති බොහොමයක් පිළිකා නොවෙයි. ඒවා සාමන්‍ය තරලයකින් පිරුණු විසර ගෙඩි හෝ ෆිබ්‍රොඩෙනොම (fibroadenoma) යන ඝන තන්තු හෝ ග්‍රන්ථිමය පටල වලින් සෑදුනු විශේෂයක්. කොහොම වුනත් පියයුරු ගැටිත්තක් හෝ යම් රෝග ලක්ෂණයක් දකින්නට ලැබෙනවා නම් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගැනීම ඉතාම වැදගත් වෙනවා.

පියයුරු පිළිකාව

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 8 =

සබැඳි ලිපි

Back to top button
Close