සමාජ

ලංකාවේ කොල්ලන්ට තියෙන ලොකුම ලිංගික ප්‍රශ්න දෙක

පළවෙනිම ගැටලුව – ශිෂ්ණය කුඩා වීම

මානව පුරුෂ ලිංගය එහෙමත් නැත්නම් ශිෂ්ණය පිරිමින්ගේ සිරුරේ බාහිරව පිහිටන අවයවයක්. මෙම අවයවය මුත්‍රා පිට කිරීමට වගේම ප්‍රජනක ලිංගික අවයවයක් විදියටත් හඳුන්වන්න පුළුවන්.

මානව ශිෂ්ණය නිර්මාණය වෙලා තියෙන්නේ සිනිඳු පේශී සහ සවිවර පේශී පටකයෙන්. එය සිලින්ඩරාකාර හැඩයක් ගන්නවා. එය සාමාන්‍යයෙන් පෙර සම නමැති කොටසකින් ආවරණය වී පවතිනවා.

සාමාන්‍යයෙන් පිරිමි ළමුන්ගේ ලිංගික අවයවය පවතින ප්‍රමාණයට වඩා වර්ධනය වීමට පටන් ගන්නේ වයස අවුරුදු 12 පසුවීමත් සමඟයි. සමහරවිට අවුරුදු 10-11 වැනි වයසේදී ලිංගික අවයව වර්ධනය ආරම්භ වන පිරිමි ළමුන්ද, එම වර්ධනය වයස අවුරුදු 15-16 වන තෙක් ප්‍රමාද වන පිරිමි ළමුන්ද නැතුවම නෙමෙයි. කෙසේවෙතත් වයස අවුරුදු 18 වනතෙක් පිරිමි ළමයෙකුගේ ලිංගික අවයවය වර්ධන ක්‍රියාවලිය සිදුවෙනවා.

part of the human penis
(සමහර විද්‍යාත්මක ඉංග්‍රීසි යෙදුම් වලට සමාන සිංහල යෙදුම් නැත. ඒවා ඉංග්‍රීසි භාෂාවෙන්ම දක්වා ඇත.)

 

සාමාන්‍යයෙන් වැඩිහිටි වැඩුණු මිනිසුන් 95% කගේම ශිෂ්ණය ප්‍රමාණයෙන් සෙන්ටි මීටර 12.9 සිට 15 අගයක් පමණ වෙනවා (average හෙවත් සාමන්‍යය අගය) එය අඟල් ප්‍රමාණයෙන් සඳහන් කලොත් 5.1–5.9 ක අගයක් දක්වන්න පුළුවන්.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල පුරුෂ ලිංග පිහිටීම ස්වභාවික තත්වයක්. එම අවයවයේ දිග, මහත තීරණය වීමට ඔහු ලබාගන්නා ආහාර, ඖෂධ, වෙනත් රසායනික ද්‍රව්‍යයන්ගේ බලපෑම්, සහ ඔහු අයත්වන සංස්කෘතියේ ජානමය බලපෑමත් ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්.

මෙතෙක් වාර්තාගත දිගම පුරුෂ ලිංගය, ලේඛනගත වාර්තා ඇසුරින් සොයා ගන්නා ලද්දේ වෛද්ය රොබට් ලැටෝ ඩිකන්ස්සන් විසින්. එහි දිග සෙන්ටිමීටර 34.3ක් (අඟල් 13.5ක්).

ඉතා විශාල පුරුෂ ලිංග

 

ඒ වගේම ඉතා කුඩා පුරුෂ ලිංග පිහිටන පිරිමිනුත් නැතුවාම නෙමෙයි. ඇතැම් අයට පිහිටා ඇත්තේ අඟල් 2, 2.5 වැනි ඉතා කුඩා පුරුෂ ලිඟුයි. එවැනි අවස්ථා බොහෝ විට ජීව විද්‍යාත්මක දුර්වලකමක් වන්නට පුළුවන්.

ඉතා කුඩා පුරුෂ ලිඟු

 

තමන්ගේ ලිංගික අවයවයේ දිග සහ මහත ගැන වැඩිපුරම ගැටලුව ඇත්තේ නව යොවුන්වියේ පසුවන තරුණයන්ටයි. ඔවුන්ගේ ලිංගික අවයවය බොහෝ විට සාමාන්‍ය සුදුසු ප්‍රමාණයෙන් තිබුනත් ඔවුන්ට එම ප්‍රමාණය මදි වීම ගැන විශාල ගැටළුවක් ඇත. එයට හේතුවත් ඔවුන්ගේ ලිංගික ආශාවන් මෝරන කාලය වීමත්, නිසි පරිදි තමන්ගේ අවයවය පිළිබඳව දැනුමක් නොමැති වීමත් වන්නට පුළුවන්.

බොහෝ පිරිමින් සිතන්නේ කාන්තාවක් සමඟ ලිංගිකව එකතු වීමට ඉතා විශාල පුරුෂ ලිංගයක් අවශ්‍යයි කියලයි. නමුත් ඒ කතාන්දරය සම්පුර්ණ බොරුවක් කියන එක ඔබ දැනගත යුතුයි. මොකද පුද්ගලයන් ලිංගිකව සතුටු වෙන්නේ තමන්ගේ අවයව වල දිග හෝ මහත කියන සාධක මත නෙමෙයි.

විශාල පුරුෂ ලිංග පිහිටීමෙදී සිදුවන අවාසියක් විදියට, ලිංගිකව එකතු වීමකදී තමන්ගේ සහකාරියට දැඩි වේදනාවක් විඳින්නට සිදුවීම දක්වන්නට පුළුවන්. ඉතින් ලිංගික අවයවයේ ප්‍රමාණය මත ලැබෙන තෘප්තිය හෝ සතුට තීරණය වෙන්නේ නැහැ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ සඳහන් කලේ. නමුත් වේදනාකාරී ලිංගික අත්දැකීම් වලට කැමති අයට එය තෘප්තියක් වුනත්, එම වේදනාකාරී ලිංගික හැසිරීම් වලට කැමති වීමත් මානසික රෝගී තත්වයක් වන්නට පුළුවන්.

කාන්තාවකගේ යෝනි මාර්ගයේ ගැඹුර අඟල් 3 ත් 3,5 ත් අතර ප්‍රමාණයක් නිසා උපරිම ලිංගික සතුටකට පිරිමියෙකුගේ ලිංගික අවයවය අඟල් 3ක් තිබීමත් ප්‍රමාණවත්.


දෙවැනි ගැටලුව – ශුක්‍රානු ඉක්මනින් පිටවීම

 

ක්‌ෂණික මෝචනය ලෙස පවසන ඉක්‌මණින් ශුක්‍රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක්‌ නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර විමසනු ලබන ගැටලුවකි. ඊට හේතුවී ඇත්තේ ක්‌ෂණික මෝචනය යනු කුමක්‌ දැයි බොහෝ දෙනා නිවැරැදි අයුරින් වටහාගෙන නොතිබීමය.

ක්‌ෂණික මෝචනය පිළිබඳ ලිංගික විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සංගමය අර්ථ දක්‌වා ඇත්තේ මෙසේය.

කාන්තාවක්‌ සමග එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය ඔහුට පාලනය කළ නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක්‌ බවට පත්ව තිබේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු මට්‌ටමේ ක්‌ෂණික මෝචනයක්‌ බවය.

මෙම ක්‌ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රම කිහිපයක්‌ ඇත.

එම ප්‍රතිකාර ක්‍රම භාවිත කරනුයේ මතුව ඇති ගැටලුව අනුවය.

ශාරීරික රෝගී තත්ත්වයක්‌ නිසා ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරැදි කිරීම ඉතාම වැදගත් ය. මෙසේ ක්‍ෂණික මෝචනය ඇති කරන රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනයේ ඌනතා පුරස්‌ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වේ.

මෙවැනි රෝගී තත්ත්වයන් එතරම් බහුල නොවූනත් ක්‍ෂණික මෝචනය ඇති අයකුගේ මෙවැනි තත්ත්වයක්‌ තිබේ දැයි හඳුනා ගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්ය.

ප්‍රාණවත් වීමේ අඩුවක්‌ ඇති විටදී ද ඉක්‌මනින් ධාතු පිටවීම සිදුවිය හැකිය. මෙවැනි අවස්‌ථාවකදී ප්‍රාණවත් වීමේ ගැටලුවට හේතු කාරක හඳුනාගෙන එම තත්ත්වයට ප්‍රතිකාර කිරීම තුළින් ක්‍ෂණික මෝචනය නිවැරැදි කළ හැකිය.

 

මානසික උපදේශනය

නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්‍ෂණික මෝචනය ඇතිවිය හැකිය. මෙවැනි තත්ත්වයන් මානසික රෝග නොවන බව තේරුම් ගැනීම වැදගත් ය. අවශ්‍ය පෞද්ගලිකත්වය නොමැති වීම වෘත්තීය දිවියේ පීඩනයන්, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය සහකාරිය සමඟ ඇති අමනාපකම් තමාගේ ලිංගික හැකියාව අවතක්‌සේරු කිරීම, ආත්ම විශ්වාසය අඩුවීම වැනි කරුණු නිසා ක්‍ෂණික මෝචනය ඇති විය හැකිය. නිසි මඟ පෙන්වීම සහ උපදේශනය (Psychosexual counselling) තුළින් මෙම තත්ත්වයන් නිවැරැදි කළ හැකිය.

 

ලිංගිකව හැසිරෙන ක්‍රමවේදයන්

ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේත් පිsමියාගේත් සිරුරේ මාංශපේෂී ඉහිල්ව පැවතිය යුතුය. එවිට ඔවුන්ගේ ස්‌නායු පද්ධතිය ද පීඩනයකින් තොරව පවතී. එවිට ඉක්‌මනින් ශුක්‍රානූ පිටවීම පාලනය කරගත හැකිය.

එසේම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්‌මනින් ශුක්‍රානු පිටවීමට බලපායි. එනිසා නිසි ඉරියව් අනුගමනය කළ යුතුය.

 

ඖෂධ ප්‍රතිකාර

ඉක්‌මනින් ශුක්‍රානු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග ඇත. එය නිසි වෛද්‍ය උපදෙස්‌මත ලබාගත යුතුය. මන්දයත් මෙම ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු කාලය තීරණය වන්නේ ඔවුනට ක්‌ෂණික මෝචනය මතුව ඇති ආකාරය අනුවය දිගු කාලයක සිට පවතී නම් හෝ පසු කාලයකදී මතුවූවක්‌ නම් හෝ එවැනි අවස්‌ථාවන් අනුව ඖෂධ ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

ශුක්‍රානු පිටවීම පමාකරන උපත් පාලන කොපු වර්ගද වර්තමානයේ වෙළෙඳපොළේ ඇත. පවුල් සංවිධාන සංගමය මගින් බෙදාහරින ‘ස්‌ටැමිනා’ යන උපත් පාලන කොපු ඊට එක්‌ නිදසුනකි. මෙම කොපු පැළඳිය යුත්තේ ලිංගික සංසර්ගය ආරම්භ කරන මොහොතේ සිටය. මන්දයත් එහි ක්‍රියාකාරිත්වය ඇතිවීමට සුළු වේලාවක්‌ ගත වේ.

මෙම ප්‍රතිකාර ලබාගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්‌ මතය. හිතුමතේ මෙවැනි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබී යා හැකිය. ඉන් තවත් මානිසක පීඩනයක්‌ ඇතිවිය හැකිය.

ස්‌වයං වින්දනයේදී ද ක්‌ෂණික මෝචනය ඇති වන බවට ඇතැම් දෙනා පවසති. ස්‌වයං වින්දනය මගින් ක්‌ෂණික මෝචනය හඳුනාගත නොහැකිය. ස්‌වයං වින්දනයෙන් බලාපොරොත්තු වන්නේ ඉක්‌මනින් ශුක්‍රානු පිට කිරීමකි. එනිසා ස්‌වයං වින්දනයේදී ඉක්‌මනින් ශුක්‍රානු පිටවූවා යෑයි කියා ලිංගිකව එක්‌වීමකදී ඉක්‌මනින් ශුක්‍රානු පිටවේ යෑයි කියා අනවශ්‍ය’ බියක්‌ ඇතිකර නොගත යුතුය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + one =

සබැඳි ලිපි

Back to top button
Close