සෞඛ්‍ය

ශුක්‍රාණු වර්ධනය කරගන්න ඕන අය අද ඉඳන් වැඩිපුර තක්කාලි කන්න

ශුක්‍රාණු වර්ධනය කරගන්න ඕන අය අද ඉඳන් වැඩිපුර තක්කාලි කන්නතක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණකින් තහවුරු කැරගෙන තියෙනවා. පර්යේෂකයන් කියන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායී සංඝටකය වන ලිකොපේන් පිරිමින්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව සියයට 70ක් දක්වා වැඩිකිරීමට හේතුවෙනවා කියලයි. ඔහියෝහි කිලිවෙන්ඩ්ලන්ඩ් රෝහලේ පර්යේෂණයකින් මේ බව තහවුරු කරගෙන තියෙන අතරම ඔවුන් තම පර්යේෂණයට
පෙර සිදුකරන ලද අධ්‍යයන 12 ක දත්තත් සමාලෝචනය කර තිබීම විශේෂත්වයක්. පර්යේෂකයන් කණ්ඩායම කියන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහ ජෝඩු හයකින් එකකට දරුඵල හටගන්නේ නැහැ කියලයි. දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් පොදු මතය වන්නේ දරුවන් හීනවීම පවත්නේ කාන්තාවන්ගේ කියලයි. එහෙම මතයක් තිබුනත් ඇත්තටම දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකියන්න ඕනේ පිරිමන්ගේ ශුක්‍රාණු ක්‍රියාකාරීත්වය බවයි කියලා ඔවුන් තහවුරු කරගෙන තියෙනවා.

තක්කාලිවල අඩංගු ලයිකොපේන් මගින් ශුක්‍රාණු ජනනය වීම වැඩි වෙන බවත්, ඩිම්බයක් සංසේචනය සඳහා පිහිනා යාමේ හැකියාව එමගින් වැඩිවන බවත් සොයාගෙන තියෙනවා. මෙම අධ්‍යයනයේ ප්‍රධානී ක්ලෙවලන්ඩ් විශේෂඥ රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධයක්ෂ අශෝක ආගර්වල් කියන්නේ ලයිකොපේන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියවලට වන වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා කියලයි. අනෙක් අධ්‍යයනයෙන් තහවුරු වෙලා තියෙන්නේ ශුක්‍රාණු නිපදවන පුරස්ථී ග්‍රන්ථීයේ රෝගයන් මර්ධනය කරනවා සහ එම ග්‍රන්ථීයේ පිළිකා සෑදීමේ අවදානම අඩුකරනවා කියලයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + eleven =

සබැඳි ලිපි

Back to top button
Close