සමාජ

ශුක්‍රානු ගිලුනම ගැබ් ගන්නවද?

කිසිම කෙනෙකුගේ අධ්‍යාපනය මට්ටමට අපි අපහාස කරන්නේ නැහැ. හැබැයි ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ තරම මේ ප්‍රශ්නයෙන් පෙනෙනවා. මේ ප්‍රශ්නය අපට වෙලා තිබුනේ ‘ඔබගේ පිටුව‘ හරහා අප්සරා කියලා තරුණියක්.

ලිංගික එක්වීමකින් හෝ කෘතිම ආකාරයෙන් යෝනි මාර්ගය තුලට ශුක්‍රානු ඇතුළු වෙන ශුක්‍රානුමඟින් දරු ගැබක් ඇතිවෙන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වුනාම. එහෙම වෙන්න නම් යෝනි මාර්ගයේ ඉහල ඇති පැලෝපීය නාලවලදීයි. ඒක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් මෙම තරුණිය අපෙන් අහන විදියට මුඛය තුල ශුක්‍රානු පිට වෙලා ඒවා ගිලුනහම, ඒවා ආහාර මාර්ගයට ඇතුළු වෙලා ආහාර මාර්ගයේ තියෙන ආම්ලික තාවය නිසා ශුක්‍රානු විනාශ වෙලා යනවා. විනාශ වුනත් නැතත් මුඛ මාර්ගයෙන් ගැබ් ගන්න විදියක් නැහැ. මොකද මුඛය සහ ආහාර මාර්ගය ගර්භාෂයට කොහෙත්ම සම්බන්ද වෙලා නැහැ.

වයස 24ක තරුණියක් විදියට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම, අපිටත් තියෙන්නේ විශාල ප්‍රශ්නයක්. අඩුම තරමේ පාසලේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විශයවත් හරියට ඉගෙනගෙන නැතිද, උගන්වා නැතිද කියලා හිතෙනවා. කොහොම වුනත් ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ අඩුකම නිසා මේ වගේ ගැටළු ඇතිවෙන එකත් සාමාන්‍ය දෙයක්. නමුත් අවුරුදු 24ක් වෙලත් දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලා නොදන්නාකම විශාල ඛේදවාචකයක්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =

සබැඳි ලිපි

Back to top button
Close