විචිත්‍ර

රජ පවුලේ සමලිංගික විවාහය

රජ පවුලේ සමලිංගික විවාහයබ්‍රිතාන්‍ය රජ පවුලට මේ වසර රජ මගුල්වලින් අඩුවක් නැති වසරක් බව පෙනෙන්නට තිබේ. රාජකීයයකුගේ විවාහයක් වුවත් මෙයට රජ පවුලේ සාමාජිකයින් සහභාගි වේදැයි යන්නද හරි හැටි කියන්නට බැරිය. මේ විවාහයට ප්‍රසිද්ධියක්ද නොලැබෙනු ඇත. මේ සිදුවන්නට යන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ මුල්ම සමලිංගික විවාහයයි. දෙවන එළිසෙබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ සොහොයුරකු වන අයිවර් මවුන්ට් බැටන් සාමිවරයාගේ මේ විවාහයට දැන් සියල්ල සූදානම්ය. තමන් සමලිංගිකයකු බව 2016 වසරේදී ප්‍රසිද්ධ කිරීමෙන් පසු මවුන්ට්බැටන් සාමිවරයා සිය සහකරුවා ගැන ද නොබියව හෙළි කළේය.

දැන් මෙවැනි විවාහයකට සූදානම් වුවත් ඔහු මින් වසර විසි හතරකට පෙර පෙනී නම් කාන්තාවක සමග විවාහ වී දියණියන් තිදෙනෙකුද ලැබූවෙකි. ”මේ කතාව ඇහුවම මම ගොඩක් සංවේදී වුණා. ඒත් මට තේරෙනවා මමත් එක්ක හිටපු කාලයට වඩා අයිවර් දැන් හරි සැහැල්ලූවෙන් සතුටින් ඉන්නවා කියලා. කොහොම වුණත් දැන් ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක්. සමහරු නම් කියන්නෙ ඔහු මේ තරම් සතුටින් ඉන්නවා කවදාවත් දැකලා නැහැ කියලා.” සමලිංගික විවාහයක් කරගන්නට ඇති වුවමනාව වෙනුවෙන් සිය සැමියාට නිදහස ලබාදුන් පෙනීට ඇත්තේ එවැනි අදහසකි.

අයිවර් මවුන්ට් සමඟ ඔහුගේ බිරිඳ
අයිවර් මවුන්ට් සමඟ ඔහුගේ බිරිඳ

සාමිවරයා නම් කියන්නේ තමන් කුඩා කල සිටම වෙනස් පුද්ගලයකු බව දැන සිටියෙත් තමනට දැනුණු වෙනස කිසිවකුට කියන්න තමන්ට බියක් තිබුණු බවයි. ”අවුරුදු 55ක්ම මම ජීවත් වුණේ මම කැමති විදියට නෙමෙයි. ඒ නිසා මම තීරණය කළා 56වෙනි අවුරුද්දෙ ඉදලාවත් මම කැමති ජීවිතේ ගත කරනවා කියලා” සාමිවරයා තමන්ගේ තීරණයට හේතු දක්වන්නේය. සාමිවරය සිය අනාගත සහකරුවා ලෙස තෝරාගෙන තිබෙන්නේ ජේම්ස් කොයිල් නමැත්තෙකි. ”මට මේ දේ කරන්නම ඕන වුණා. මොකද, මම විවාහ වෙලා හිටියා මම හොද දරුවන් තුන්දෙනෙක් ලැබුවා. ඒ නිසා මට දැන් මේ දේ කරන්න ඕන. ඒකටත් වැඩිපුරම ජේම්ස් වෙනුවෙන්.” හිටපු බිරිද පෙනීගෙන් වෙන්වූ පසු සාමිවරයා ජේම්ස් හදුන්වාදී තිබුණේ එසේ කියමිනි. ”මට තියෙන විදියේ ස්ථාවර ජීවිතයක් ජේම්ස්ට නැහැ. මට උවමනාව තියෙනවා ජේම්ස්ට හොද ජීවිතයක් ලබා දෙන්නත්.” සාමිවරයා සිය අනාගත සැමියා ගැන එසේද කියා ඇත.

ජේම්ස් නම් තමන්ගේ විවාහය හදුන්වා ගන්නේ රාජකීය විවාහයක් ලෙසයි. ”අපේ විවාහ උත්සවය බොහොම පොඩි එකක් වේවි. ඒක සාම්ප්‍රදායික රාජකීය විවාහවලට වඩා ගොඩක් වෙනස් වේවි. මොකද අපේ විවාහ උත්සවයට එන්නෙ අපි දෙන්නට හිතවත්ම කිහිපදෙනෙක් විතරයි. හරියට කිව්වොත් 120ක් විතර. චාරිත්‍රවලින් පස්සෙ උත්සවයකුත් අපි තියනවා. අපේ විවාහ උත්සවයේ හොඳ කෑම, හොඳ සංගීතය තියේවි. සමහරවිට කේක් වෙනුවට අපිට චීස් තියේවි.” ජේම්ස් තමන්ගේ විවාහ උත්සවය ගැන කියා ඇත්තේ එවැන්නකි.
”මගේ හිතවත් යාළුවො හැම කෙනෙක්ම වගේ ජේම්ස්ව අගය කරනවා” සාමිවරයා සම සහකරුට ලැබෙන ප්‍රතිචාරය ගැන එසේ කීවද එළිසෙබත් රැජින ඇතුළු රාජකීයයන් මෙම විවාහයට සහභාගි වන බවට නම් තවමත් දැන ගන්නට නැත. සාමිවරයා නම් කියන්නේ රාජකීයයන් තමන්ගේ විවාහ උත්සවයට ආරාධනා ලැබ ඇති බවක් වුවත් මෙම විවාහය ගැන රාජකීය පවුලෙන් තවමත් කිසිදු ප්‍රකාශයක්ද නිකුත් වී නැහැ.

අයිවර් මවුන්ට් රජ පවුල සමඟ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − six =

සබැඳි ලිපි

Back to top button
Close