දැනුම

ඔසප් දින වලදී ලිංගික එකතු වීම

ඔසප් දින වලදී ලිංගික එකතු වීමඔසප් වීම කියන්නේ මොකක්ද?

වැඩි වියට පත් නිරෝගී කාන්තාවකගේ දින 28 කට වරක් ගර්භාෂ බිත්ති බිඳ වැටීම සහ ඉන් දින 14 කට පසුව ඩිම්බහරණයක් සඳහා සූදානම් කිරීම තමයි සරලව ඔසප් වීම අර්ථ දැක්වීමක් ලෙස කියන්න පුළුවන් වෙන්නේ.

ගර්භාෂ බිත්ති බිඳ වැටීම සමහර කාන්තාවන්ට අධික වේදනාවක් ඇතිවන ශාරීරික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නමුත් සමහර කාන්තාවන්ට මඳ වේදනාවක් හෝ වේදනාවකින් තොර වෙන්නත් පුළුවන්. විශේෂම කාරනාව තමයි එදිනෙදා ජීවිතයේ සාමන්‍ය කටයුතු කිරීමට අපහසු තරමටම ඔසප්වීම වේදනා කාරී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා.


ඔසප් වීමේදී පිටවන රුධිර තරලය සහ ගර්භාෂ බිත්ති කොටස් පිළිකුල් විදියට හඳුන්වා ඔසප් වීම කිළි වශයෙන් සිංහල සංස්කෘතියේ කියැවෙන නමුත් එම ක්‍රියාවලියේදී පිටවන රුධිර තරලයෙහි කිසිඳු අපද්‍රව්‍යයක් නැති අතරම ඒ පිටවන්නේ කුණු ලේ හෝ එවැනි කිසිඳු අපිරිසිඳු තත්වයක් එම තරලයේ නැති බවත් සඳහන් කරන්නම අවශ්‍යයි.

ඔසප් චක්‍රය සිදුවන කාලයේ කාන්තාවන්ගේ තවත් සංකූලතා ඇතිවෙනවා. හෝමෝන ක්‍රියාකාරීත්වය අධික ලෙස වෙනස් වීම නිසා පියයුරු වේදනාවද, මනෝ භාවයන් ක්ෂණික ලෙස වෙනස් වීමද, කුරුලෑ සහ හිස්හොරි ඇතිවීම, මානසික ආතතිය වගේම විෂාදය වගේ බොහෝ වෙනස්කම් සිදුවෙනවා. මේ හේතු නිසා කාන්තාවන් බොහෝ විට ලිංගිකව එකතු වෙන්න අකමැති වෙනවා.

එම අකමැති වීම ස්වභාවික තත්වයක් බව පුරුෂයා තේරුම්ගැනීම අවශ්‍ය වෙනවා. නමුත් ලිංගිකව එක්වීමට කාන්තාව කැමැත්තක් දක්වනවා නම් ඒකෙත් ගැටළුවක් නැහැ. නමුත් ලිංගිකව එක්වීමට ඔසප් තරලය පිටවනතෙක් සිටීම දෙදෙනාටම පහසුවක් වගේම සුවදායක වෙනවා.

ඔසප් කාලයේ ලිංගිකව එකතුවන විට

  • අමතර ඇඳ ඇතිරිලි භාවිතා කරන්න.
  • ඉවසිලි වන්ත වන්න.
  • මෙහිදී සෘජුවම රුධිරය සම්බන්ධ වන නිසා ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පහසුවෙන් වැළදෙන්න පුළුවන්.
  • දෙදෙනාම සුහදව සාකච්චා කිරීමෙන් පසු පහසු ඉරියව්වක් තෝරාගන්න.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − one =

සබැඳි ලිපි

Back to top button
Close