දැනුම

ශිෂ්ණය පෙනුමට ලොකු කරගන්න එකම ක්‍රම තුන

තමන්ගේ ශිෂ්ණය විශාල කරගැනීමට හැම පිරිමියෙක්ම කැමතියි. හැබැයි බොහෝ අයට ශිෂ්ණය පැවතිය යුතු සහ නිරෝගී ලෙස තිබුනත් ශිෂ්නයේ විශාලත්වය මදිකම ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම එහෙම වෙන්නේ හරියට තමන්ගේ ලිංගික අවයවය ගැන ඔවුන් නොදන්නා කම හින්දයි.

  • මානව පුරුෂ ලිංගය ගැන අපි මීට කලින් බොහොම පැහැදිලිව තොරතුරු කතා බහ කළා “මානව පුරුෂ ලිංගය ගැන” නම් සටහනින්. ‘මෙතැන’ click කරලා ඒ සටහන කියවන්න ඔබට හැකියාව තියෙනවා.

හරි අපි ආයෙම මාතෘකාවට එමු. කොහොමද ශිෂ්නය විශාල විදියට පෙනෙන්න සකස් කරගන්නේ ? අපි මේ කියන්නේ ඇත්තටම ශිෂ්ණය විශාල කරගැනීමක් නෙමෙයි. ශිෂ්නයේ පෙනුම විශාල වෙලා පෙනෙන විදියට සකස් කරගන්න පුළුවන් ක්‍රම තුනක් ගැන.


1. ලිංගය ආශ්‍රිත රෝම ඉවත් කිරීම

ලිංගික අවයවය ආශ්‍රිතව තියෙන රෝම ඉවත් කලාම, රෝම වලට වැසී තිබෙන ශිෂ්ණය කොටස එලියට නිරාවරණය වෙනවා. එතකොට ශිෂ්ණය විශාල වෙලා පෙනෙනවා. නමුත් රෝම ඉවත් කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඉතා තියුණු උපකරණ මඟින් රෝම බෑම නොකළ යුතුයි. ඒ සඳහා රෝම (කෙස්) කපන යන්ත්‍රයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.


02. කෙට්ටු වීම

තරබාරු අයගේ ශිෂ්ණය ඉතා කෙටිව පෙනෙන්නේ ශිශ්නයට ඉහල උදර කොටසේ සහ ශිෂ්ණය අවට මේද තැම්පත් වී ශිෂ්නයේ යට කොටස ශරීරයේ ගිලී පවතින නිසයි. (මේක සාපේක්ෂ කාරණාවක්) ඒ විදියට මේදය තැම්පත් වෙන්නේ යුනිකාස්ථියට ඉහලින්. (පහත රූපයේ පරිදි)

එම නිසා තරබාරු පුද්ගලයෙක් නම් ශරීරය සිහින් කරගැනීම මඟින් ශිෂ්නයේ විශාලත්වයේ පෙනුම ලබාගන්නට පුළුවන්. (මේ කරුණ ඉතාම සාපේක්ෂ කාරනාවක්.)

තරබාරු අයෙකුගේ මේදය තැන්පත් වීම නිසා ශිශ්නයේ විශාලත්වය අඩුවී පෙනෙන ආකාරය


03. ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කිරීම

ශිශ්නයට කොයි තරම් රුධිරය යවන්න ඕනෙද කියන එක අපිට ස්වභාවිකව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ව්‍යායාම කිරීමෙන්, සම්බාහනය කිරීමෙන් ඒ තත්වයට යම් බලපෑමක් ඇති කරන්න අපිට පුළුවන්.

 

  • PC හෙවත් Pubococcygeus Muscles නම් මාංශ පේශීන් සඳහා ව්‍යායාම ලබා දීමෙන් ශිශ්නයට වැඩි රුධිර ප්‍රමාණයක් සංසරණය වෙනවා. (PC muscles පහත රූපයේ)
  • ස්වයන් වින්දනයේ යෙදීමෙන් ශිෂ්ණය ලිංගිකව උද්දීපනය කර ඊට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩි කරගන්නට ඔබට හැකියාව තියෙනවා. එමඟිනුත් ශිෂ්නයේ විශාල පෙනුම ගැන ගැටලුවට පිළිතුරක් දෙන්නට පුළුවන්.
PC muscles
PC muscles
Tags

One Comment

  1. ගොඩක් වටිනවා මේ වගේ දැනුවත් කිරින් කරන එක.එක අද සමාජයට ගොඩක් වටිනවා .මේ වගේ දේවල් ගැන දැනුවත් කරන එක ගැන ගොඩක් සතුටු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + five =

සබැඳි ලිපි

Back to top button