සෞඛ්‍ය

අධික කාමාශාව දුරු කරන ස්වභාවික ක්‍රමවේද

ඔබත් අධික කාමාශාවෙන් පෙළෙන පුද්ගලයෙක් නම් මෙම ලිපිය ඔබට අතිශය වැදගත් වේව්. ජීවිතය විඳීමට කාමාශාව අවශ්‍ය වුවත් එය අධික ලෙස ඇතිවීම මගින් තමාටත් අනෙත් පුද්ගලයින්ටත් විශාල හානියක් සිදු වනවා. අද සමාජය තුල ලිංගික වශයෙන් විවිධ අපරාධ සිදුවන්නේත් පාලනය කර ගත නොහැකි අධික කාමාශාව නිසයි.

කෙසේ වෙතත් අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සුදානම් වන්නේ ස්වභාවික ක්‍රමවේද කිහිපයක් මගින් අධික කාමාශාව දුරු කර ගන්නා ආකාරයයි. ඔබත් අධික කාමශාවෙන් පෙළෙනවා නම් මෙම ක්‍රමවේදයන් ප්‍රගුණ කිරීමට උත්සහා කරන්න.

පළමු පිළියම

ඔබේ ආහාර වේලට සෝයා වැඩි වශයෙන් එක්කර ගන්න. සෝයා වැඩි වශයෙන් ආහාරයට ගැනීම මගින් අධික කාමාශාව දුරු කර ගැනීම සඳහා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම පහළ දැමීම සිදු කරනවා.

දෙවන පිළියම

මේදය අවම ආහාර අනුභව කරන්න. මේදය අධික ආහාර ලබා ගැනීමෙන් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ඉහළ යන අතර මේදය අවම ආහාර බොහෝ විට සංතෘප්ත මේදය අවම ආහාර ලබා ගැනීම මගින් මෙම හෝමෝනය අවම කර අධික කාමාශාව දුරු කර ගන්නට පුළුවන්.

තුන්වන පිළියම

“caste tree berry” නමින් හඳුන්වනු ලබන ස්වභාවික ඇට වර්ගය ආහාරයට ගැනීම මගින් මැදි වියේ පසුවන පුරුෂයින්ගේ අධික කාමාශාව පහසුවෙන්ම පාලනය කරන්නට පුළුවන්. කිසිඳු අතුරු ආභාදයක් සිදු නොවන සාර්ථක ප්‍රතිඵල අත්වන මෙම ඇට වර්ගය ඔබට අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම ඇනවුම් කිරීමේ හැකියාව තිබෙනවා.

හතරවන පිළියම

ඔබ අධික කාමාශාවෙන් පෙළෙනවා නම් හැකිතාක් නිර්මාංශ ආහාර රටාවකට හුරු වන්න. මාංශ අනුභව කිරීම මගින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් සහ හෝමෝන මගින් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩිවී කාමාශාව ඉහළ යනවා. උදාහරණයක් ලෙස කුකුල් මස්, ඌරු මස්, හරක් මස් සහ කළුකුම් මස් ආහාරයට ගැනීම මගින් මෙම ක්‍රියාවලිය වැඩි ලෙස සිදු වනවා.

පස්වන පිළියම

නිරන්තරයෙන් ව්‍යායාම වල නිරත වන්න. ව්‍යායාම සිදු කිරීමෙන් ශරීරය තුල කොර්ටිසෝල් හෝමෝනය ඉහළ ගොස් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම පහළ බසිනවා. දිවීමේ ව්‍යායාම වල නිරන්තරයෙන් නිරත වීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ගන්නට පුළුවන්.

හයවන පිළියම

ඔබට ස්වභාවික ක්‍රමවේදයන් මගින් විසඳුමක් නොලැබෙන අධික කාමාශාව දුරු කර ගැනීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමුවී අධික කාමාශාව දුරු කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ඇතිව ඖෂධ ලබා ගන්න.

අවවාදයයි

දුම්පානය සහ අධික ලෙස ආතතියෙන් පෙළීම මගින්ද අධික කාමාශාව දුරු වන අතර මෙමගින් කාමාශාව දුරු වනවාට වඩා වැඩි අතුරු ආබාධ රැසක් ශරීරයට සිදු වන බව මතක තබා ගන්න.


පරිවර්තනය | සසිඳු චතුරංග
Source: livestrong.com
helthtips.lk ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 13 =

සබැඳි ලිපි

Back to top button
Close