දැනුම

ශිෂ්ණය ප්‍රාණවත් නොවීම සඳහා විකල්ප පිළියම් හතක්

සාමාන්‍යයෙන් අපිට ඇතිවන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් සඳහා නිවසේදීම බෙහෙත් වට්ටෝරුවක් සකස් කර භාවිතා කලත් මෙවන් කරුණක් සඳහා එවන් නිශ්චිත බෙහෙත් වට්ටෝරුවක් නැති තරම්.

පිරිමි පුද්ගලයෙකුගේ ලිංගික හැකියාව වර්ධනය කරගැනීම සඳහා විවිධ ඖෂධීය නිෂ්පාදිත ඖෂධහල් තුල අලෙවි කිරීමට තිබෙනවා. නමුත් මෙවන් ඖෂධ දිගු කලක් තිස්සේ ලබා ගැනීම මගින් සැඟවුණු භයානක අතුරු ආභාද වලටත් මුහුණ දෙන්නට සිදුවනවා. ලිංගික හැකියාව වර්ධනය කර දෙන ඖෂධ ලබාගැනීම මගින් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග තත්වයන් ඇති වී දිවි අහිමි වූ පුද්ගලයින් පිළිබඳවත් ඔබ අසා ඇති.

අද අපි ඔබ වෙත ගෙනැවිත් තිබෙන මේ ලිපියේ අඩංගු වන කරුණු හත බුද්ධිමත්ව කියවා යම් අදහසක් ලබාගන්න.


01. ඉහත සඳහන් කළ ආකාරයට වෙළඳපොල තුල ශිෂ්ණය ප්‍රාණවත් වීම සඳහා සහාය වන ඖෂධ විශාල ප්‍රමාණයක් දැකගන්නට පුළුවන්. නමුත් අපි ඔබට එම ඖෂධ කිසිවක් නිර්දේශ කරනු ලබන්නේ නෑ. ඔබ විසින්ම ඒවා පිළිබඳ සොයා බලා වෛද්‍ය උපදෙස් මත ඒ ඖෂධ ලබා ගන්න


02. සාම්ප්‍රදායික චීන කටු චිකිත්සාව “Acupuncture” ශිෂ්ණය ප්‍රාණවත් නොවීම සඳහා ප්‍රතිකාර කිරීමටත් වඩාත් ඵලදායී වනවා. බොහෝ බටහිර රටවල් වල මේ කටු චිකිත්සාව විශාල ලෙස සිදුකරනවා. ඔබත් ශිෂ්ණය ප්‍රාණවත් නොවීමෙන් පීඩා විඳිනවා නම් මේ කටු චිකිත්සාවට යොමු වන්න.


03. ඇත්ත වශයෙන්ම මෙය පුරාණ ඊජිප්තු බෙහෙත් වට්ටෝරුවක්. ඔබේ ශිෂ්ණය ප්‍රාණවත් නොවනවා නම් නිල් නෙළුම් මලක් ගෙන එය හොඳින් පොඩි කර ඔබේ ශිෂ්ණයේ තැවරෙන ලෙස ආලේප කරන්න. නිල් නෙළුම්මලේ ඇති “Apomorphine” සංයෝගය නිසා විශ්මිත ප්‍රතිඵල අත්කරනු ලබනවා.


04. ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් ඵලදායී ක්‍රමයක් තමයි වැකුම් පොම්පයක් “vacuum pump” භාවිතා කිරීම. මෙම උපකරණය මගින් ශිෂ්ණය ඇදීමෙන් ශිෂ්ණයේ රුධිර සංසරණය වේගවත් කර ශිෂ්ණය විශාල කර ප්‍රාණවත් කිරීමක් සිදුකරනවා. මෙවන් උපකරණයක් ඔබට අන්තර්ජාලයෙන් පාහසුවෙන්ම මිලදී ගන්නට පුළුවන්.


05. ඇතැම් ආසියානු වෛද්‍ය ක්‍රම වලදී විශ්වාස කරනු ලබන කරුණක් තමයි “Cape fur” සීල් මත්ස්‍යයින්ගේ ලිංගික අවයවය ආහාරයට ගැනීම මගින් ශිෂ්ණය ප්‍රාණවත් නොවන සෞඛ්‍යය ගැටළුව සුවවන බව. මෙවන් සත්වයින් දඩයම් කිරීම නීති විරෝධී වන අතර අවාසනාවකට මෙන් මේ ක්‍රමය විවිධ රටවල අනුගමනය කරනවා.


06. කුරුමිනියෙකු වන “Lyttavesicatoria” ලෙස හඳුන්වන ස්පාඤ්ඤ මැස්සා “Spanish fly” ශිෂ්ණය ප්‍රාණවත් නොවන පිරිමින්ට සහ නිසරුබව ඇති කාන්තාවන්ට ප්‍රතිකාර ක්‍රමයන් සිදු කිරීමට සාම්ප්‍රදායික ලෙස භාවිතා කරනු ලබනවා. මේ මැස්සාගේ “cantharidin” යන සංයෝගයක් අන්තර්ගත වන නිසා මේ මැස්සා මගින් මුත්‍රා මාර්ගයට උත්තේජනයක් ලබාදීමෙන් නැතිවී ගිය ලිංගික ජවය නැවතත් ලබාගැනීමට හැකි වන බව විශ්වාස කෙරෙනවා. කෙසේ වුවත් මේ සත්වයාගෙන් මාරාන්තික අතුරු ආභාද පවා ඇතිවන්නට පුළුවන්.


07. චීනයේ විවිධ වෛද්‍යවරුන් සහ ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ශිෂ්ණය ප්‍රාණවත් නොවන පුද්ගලයින්ට තමාගේම මුත්‍රා වැඩි ප්‍රමාණයක් පානය කරන ලෙස නිර්දේශ කරනු ලබනවා. මුත්‍රා තුල Testosterone හෝමෝනය යම්තාක් දුරට අන්තර්ගත වන නිසා මෙය ශිෂ්ණය ප්‍රාණවත්වීම සඳහා කුඩා හෝ උපකාරයක් වනවා.


සැලකිය යුතුයි – මෙහි දක්වා ඇත්තේ සායනික වෛද්‍ය උපදෙස් නොවන බවත්, ඔබගේ දැනුම්වත්වීම සඳහා පමණක් පළ කල ලිපියක් බවත් කරුණාවෙන් සලකන්න.


පරිවර්තනය – සසිඳු චතුරංග

healthtips වෙබ් අඩවිය ඇසුරින්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 5 =

සබැඳි ලිපි

Back to top button
Close