විචිත්‍ර

ලිංගික හැඟීම් වැඩි කරන රහස් සුවඳ තෙලක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි

ඔයාගේ සහකාරිය හෝ සහකරුගේ සිරුරෙන්, ඔයාගේ කාම හැඟීම් උත්දීපනය වෙන විදියේ සුවඳක් වහනය වෙනවට ඔයා බෝහොම කැමති වෙයි. එතකොට ඔයාගේ ලිංගික ආශාව වැඩි වෙනවා වගේම ඉතාම ප්‍රියමනාපව, සතුටින් ලිංගික කාර්යයේ නිරත වෙන්න පුළුවන් වෙනවා.

සුවඳ කියන්නේ අපේ හැඟීම් උත්දීපනය කරන බොහොම අමුතු විදියේ දෙයක්. ලිංගික කාර්යයේදී සුවඳ කියන දේ බොහොම වැදගත් දෙයක්. සමහරු තමන්ගේ සහකාරිය හෝ සහකරුගේ දහදිය සුවඳට කැමතියි. නමුත් සමහරු ඒකට බොහොම අකමැතියි. ඒ වගේම තමයි තවත් සමහරු කැමතියි සෙන්ට් එකක් වගේ දෙයක් ආලේප කරලා ඉන්නවට. ඒත් සමහරු ඒවාට කැමති නැහැ. ඒ කොහොම වුනත් මේ සටහනෙන් අපි කියන්නේ ස්වභාවිකව හැමෝම කැමති වන විදියේ, හැමෝම වශී වෙන විදියේ සුවඳ තෙලක් ගෙදරදීම හදාගන්න විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බෙලි කොල
  • මදුරුතලා
  • අශෝක මල්
  • වැටකේ මල්
  • තලතෙල්

තල තෙල් හැර අනෙත් දේවල් සමාන ප්‍රමාන වලින් අරගෙන තලතෙල් වල දාලා අව්වේ තියලා කකාරා ගන්න. ඒ විදියට දවස් කිහිපයක් හොඳට අව්වේ තියලා වියලිලා ගිය වැටකේ මල්, බෙලි කොල, මදුරුතලා සහ අශෝක මල් වල කොටස් ටික ඉවත් කරන්න. ඊට පස්සේ ඉතිරි වන තෙල් වලින් ටිකක් ලිංගිකව එකතු වෙන්න කලින් ඔබගේ සහකරු හෝ සහකාරියගේ හිසේ ගල්වන්න.

මේ තෙල ඉතාම මිහිරි සහ ලිංගික හැඟීම් උත්දීපනය කරන තෙලක්. ඒ නිසා ඔබට බොහොම සතුටින් සහ ප්‍රබෝධයෙන් ලිංගික කාර්යයේ නියැලෙන්න පුළුවන්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + seven =

සබැඳි ලිපි

Back to top button
Close