දැනුම

කන්‍යා පටලයට හානි වෙලාද කියලා දැනගන්නේ කොහොමද?

ප්‍රශ්නය

ප්‍රශ්නයවෛද්‍යතුමනි මගෙ වයස අවූරුදු විස්සකි. නවතාගත නොහැකි ඇබ්බැහිවීමකට පත්ව සිටිමි. එනම් දැනට වසර පහක පමණ කාලයක සිට ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිිටිමි. මේ ඇබ්බැහිවීම ගැන පවුලේ හෝ හිතවත් කෙනෙකුට පැවැසීමටද නොහැකියි. මගේ මේ ක්‍රියාවලිය තුළින් කන්‍යා භාවයට හානි සිදුවිය හැකිද? මම ප්‍රේම සම්බන්ධයක්ද පවත්වාගෙන යන අතර ඔහු සැරපරුෂ පූද්ගලයෙකු වන අතර කාන්තාවකගේ පිරිසිදු බව මහ ඉහළින් පිළිගන්නා අයකු ද වේ. මා විශ්වවිද්‍යාල සිසූවියක වන අතර අධ්‍යාපන කටයූතු පවා කරගෙන යාමට නොහැකි අයූරින් මගේ මනස අවුල් වී ඇත. මීට මාස කිහිපයකට කලින් මා ස්වයං වින්දනයේදී යෙදි නින්දට ගිය අතර පසු දා මගේ නිදන ඇඳුමේ ලේ පැල්මක්ද දක්නට ලැබූණි. අසරණ වූ මට පිහිටවන්න.

– ගම සඳහන් නොකළ අසන්නිය

පිළිතුර

ඔබ මනසින් කලබල වී ඇති බවක් පෙනේ. ස්වයං වින්දනයේ යෙදීම ශරරයට අහිතකර තත්ත්වයක් නොවේ. එහෙත් යුවතියක් ලෙස ඔබ ස්වයං වින්දනයේ යෙදෙන විට යෝනි මාර්ගයට යමක් ඇතුල් කළේ නම් කන්‍යා භාවයට හානි ඇතිවීමට පුළුවන්. ඔබ පවසන ආකාරයට ලේ පැල්ලම් තිබූණේ නම් ඇතැම් විට කන්‍යා භාවයට හානිසිදුවී තිබෙන්නට පුළුවන්. ඒ කෙසේ වූවත් හැකි ඉක්මනින් ඔබ කාන්තා හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීම ඉතා වැදගත් බව නම් මතක් කර සිටිනවා.


උපදෙස් : රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ
වෛද්‍ය සුනිල් ප්‍රනාන්දු

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =

සබැඳි ලිපි

Back to top button
Close