දැනුම

ලොකු වෙන්න ඕනි නැහැ චූටි එකකින් සුරාන්තය

සාමාන්‍යයෙන් පිරිමින්ගෙන් 95% කගේම ලිංගයේ ‍ප්‍රමාණය අගල් 2.8 – 3.9 අතර වන අතර ‍ප්‍රාණවත් වීමකදී එය අගල් 4.5 – 6.3 ත් අතර වනවා. ඔබත් මෙම මිනුම් දඬු අතර සිටින කෙනෙක් නම් තව දුරටත් මානසිකව විඳවිය යුතු නෑ.

කාන්තාවන් යොදාගෙන කරන ලද සමීක්ෂණ මගින් හෙළි වෙලා තියෙන විදියට නම් කාන්තාවක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ විශාල ලිංගයක් නම් නොවෙයි. කාන්තාවක් පිරිමියෙකුගෙන් අපේක්ෂා කරන්නේ ආකර්ශනීයත්වය, කාරුණික බව, බිරිඳව ආදරයෙන් රැක බලා ගැනීම, ඇහුම්කන් දීම හා සැහැල්ලු මනසක් තිබීම වැනි බොහොම සරල දේවල් ටිකක්. එම සමීක්ෂණ වලදී බොහොම සුළු පිරිසක් තමයි කියලා තිබුනේ පුරුෂ ලිංගයේ ප‍්‍රමාණය තමන් බලාපොරොත්තු වෙනවා කියලා.

ඒ වුනාට පිරිමින්ගේ හිත් වල නිතරම ඇති වන ප්‍ර‍ශ්නයක් තමයි ඔවුන්ගේ ලිංගයේ ප්‍රමාණය කුඩා වැඩි ද කියන එක. පිරිමි නිතරම නිල් චිත්‍ර‍රපට වල දකින විශාල ශිෂ්නයන් සමග තම ශිෂ්ණය සංසන්දනය කරනවා. ඊට පස්සේ හිතින් දුක් විදිනවා තමුන්ගේ එක පොඩි කියලා.

ඒ වගේම දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් සමග පුර්ෂ ලිංග වර්ධක බෙහෙත් වර්ග වෙලදපොලට ඇවිත් තියෙනවා. අන්තර්ජාලය හරහා ගජරාමෙට ඒවා ප්‍රචාරනය කරනවා. ඔබත් එවැනි දේ ඕනේ තරම් දැක ඇති. මෙම වෙළද දැන්වීම් සදහා ඔවුන් යොදා ගන්න ප්‍රධාන වාක්‍යක් තමයි ගැහැනියක් සතුටු කරන්න පුළුවන් ප්‍රධානම සාධකය විශාල පුරුෂ ලිංගයක් හිමි කර ගැනීම බවයි.

ඇත්තටම පිරිමියාගේ ලිංගය අඟලක් වර්ධනය වුනා කියලා සතුට වැඩි වීමක් මිස අඩු වීමක් නම් වෙන්නේ නෑ. නමුත් ඔබ දැන සිටිය යුතු දෙය නම් මේවන් පුරුෂ ලිංග වර්ධක නිෂ්පාදන වලට ඔවුන් කියන තරම් ප‍්‍රගතියක් ලබා දීමට නොහැකි බව යි. බොහෝ විට තම වෙළද භාණ්ඩ විකුණා ගෙන අසීමිත ලාබ ඉපයීමට තමයි ඔවුන් එසේ කරන්නේ.

ඔබ හොඳින් මතක තබා ගන්න ඔබේ ශිෂ්නයේ ප්‍රමාණය අප ඉහතින් සදහන් කළ සාමාන්‍ය ප්‍රමාණයන් අතර තිබේ නම් ඔබ කිසි විටෙකවත් මානසිකව විඳවිය යුතු නැති බව. එම ප්‍රමාණය ගැහැනියක් සතුටු කරන්න හොදටම ඇති.

සමීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා 25% ක් පමණ කාන්තාවන් සුරාන්තයට පත් කිරිමට අප ඉහතින් සදහන් කල මිනුම් දඩු අතර නොමැති ඉතා කුඩා පුරුෂ ලිංගයකට පවා පුලුවන් බව. තවද තවත් බොහෝ ගැහැණුන් ඉතා ආදරබර හා කාමුක ලෙස දිවෙන්, ඇගිලි වලින් කරන ක්‍රියාකාරකම් වලින් පවා සුරාන්තයට පත් වෙනවා.

නිතරම තම ලිංගයේ ප්‍රමාණය ගැන සිතමින් බොරුවට දුක් වනවා වෙනුවට පිරිමියෙකු විදියට කාන්තාවක් බලාපොරොත්තු වෙන දේවල් ටික හරියට ඉටු කෙරුවොත් ඔබේ පවුල් ජීවිතය සතුටු දායක හා තෘප්තිමත් එකක් වේවි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 15 =

සබැඳි ලිපි

Back to top button
Close