විචිත්‍ර

පියයුරු ඉවත් කළත් ඒ වගේම අළුත් පියයුරු දැන් සකස් කරන්න පුළුවන්

කාන්තාවන් අතර මෙකල තරමක් සුලබ පියයුරු පිළිකා නිසා ඇතැම් කාන්තාවන්ට තමන්ගේ සුන්දර පියයුරු ඉවත් කරගන්න වෙන අවස්ථා තිබෙනවා. මේ එවන් කාන්තාවන්ට ඒ අඩුව වසාගන්න ගැලපෙන කෘත‍්‍රීම පියයුරු පිහිට වන ආකාරය ගැන තොරතුරු බිඳක්…

ඇයගේම සිරුරේ මසින්… පේශි වලින්…
අද වැඩි වශයෙන්ම මේ සඳහා යොදාගන්නේ ඇයගේම ශරීරයේ කොටස් යොදාගෙන එම ස්ථානයේ කෘත‍්‍රීම පියයුරක් සකස් කර ඊට රුධිර සැපයුමක් ලබාදීමේ ක‍්‍රමයයි. මෙහිදී උදරයේ පෙකණියට යටින් ඇති වැඩිපුර තෙල් තට්ටුව යොදාගෙන පියයුර සකස් කරනවා. පිටේ තියෙන මේද කොටස්ද ඊට ලබාගන්න පුළුවනි. මේද පටක විතරක් නොවෙයි, මාංශ පේශියක්ද මෙහිදී ලබා ගන්නවා. උදරය එල්ලා වැටීම තර වීම මෙහි අමතර වාසියක්. එසේම තනපුඩුවත් ඒ වටා ඇති කළු පැහැ කොටසත් සැකසිය හැකියි.

සිලිකොන් පියයුරුත් තිබෙනවා
අනෙක් ක‍්‍රමය තමයි රෝපනය කරන (Implant) ආකාරය මෙහිදී සිලිකන් නමැති ද්‍රව්‍යයෙන් සැකසූ කෘත‍්‍රීම පියයුරක් සමට සවි කිරීම තමයි කරන්නෙ. එය ස්වභාවික සාමාන්‍ය පියයුරක් නොවන නිසා සංවේදී නෑ. ඒත් ස්පර්ශයේදී සාමාන්‍ය පියයුරක් වගේමයි.

මුලින්ම ප‍්‍රතිකාර සම්පූර්න කරගන්න
මේ පියයුරු කෘත‍්‍රීමව සකස් කරන්න වෙන්නෙ පියයුරු පිළිකා වලින් සුවය ලැබූ කාන්තාවන්ටනෙ. ඒක නිසා මුලින්ම බලන්න ඕනි රෝග තත්ත්වය ගැන. පියයුරක් සකස් කිරීමට සුදුසු තත්ත්වයක ඉන්නවාද ? ප‍්‍රතිකාර සම්පූර්න කරල ද කියන කාරණා සළකා බලකන්න ඕනි.

තුන් පැයක සැත්කමක්
සැත්කමට දින නියම කිරීමෙන් පසුව පැය තුනක පමණ කාලයක් සැත්කමට භාජනය වෙන්න සිදු වෙනවා. හදා අවසන් කළ පියයුරක හැඩය නැවත වෙනස් කරන්න බෑ.

කෘත‍්‍රීම පියයුරක් රෝග තත්ත්වයට බලපෑමක් කරන්නෙ නෑ. එය සවි කිරීමෙන් අමතර පිළිකා අවදානමක් ඇති වෙන්නෙත් නෑ. තිබුණූ පිළිකාව නැවත හිස ඔසවනව නම් එයටද මෙයින් ආරක්ෂාවක් නෑ. කොටින්ම කෘත‍්‍රීම පියයුර රෝග තත්ත්වය මත හැසිරෙන්නෙ නෑ.

එහෙම ද ? මෙහෙම ද?
පියයුරක් ඉවත් කිරීමෙන් පසු මේ මොනවත් නොකර වෙළඳපොළෙන් මිලදී ගන්නා රැඳවුමකුත් භාවිතා කරන්න පුළුවනි. එය තිසරපට යට තබන උපකරණයක් නිසා එහා මෙහා යාමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාම සාර්ථක ක‍්‍රමයක් ලෙස සැළකෙන්නේ නැතත් අවශ්‍යතාවය නම් සැකෙවින් පිරිමසාගන්න පුළුවනි.


අදහස් දැක්වීම : රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ කල්ප්‍ය වෛද්‍ය කෝලිත කරුණාදාස

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 11 =

සබැඳි ලිපි

Back to top button
Close