සෞඛ්‍ය

දියවැඩියාවේ සංකූලතා ලිංගික ජීවිතය අවුල් කරන හැටි

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ගත් කළ මීට අවුරුදු දහස් ගණනක සිට අපගේ පුරාණ පොත්පත්වල ‘‘ප‍්‍රමේහ රෝග’’ ගැන සඳහන් වන අතර ඒ අතරින් මධුමේහය යටතේ දියවැඩියාව සම්බන්ධව අප අවධානය යොමු කරමු.
ඉපැරණි ආයුර්වේදයේ සඳහන් ආකාරයට ආයුර්වේද වෛද්‍යවරයාට ප‍්‍රමේහය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන රෝගියාට ප‍්‍රථිකාර ලබාදීම මගින් එය මධුමේහය (දියවැඩියාව) දක්වා වර්ධනය වීම වළක්වා ගත හැක. දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙකුට රෝගීන් පරීක්ෂා කිරීමේදී මෙම ප‍්‍රමේහ අවස්ථා අවබෝධ කරගෙන ඉදිරියට ඇතිවිය හැකි දියවැඩියා රෝග පාලනය කිරීමට හැකිවන අතර ඒ සඳහා ආයුර්වේද ඖෂධ හා විහරණ ක‍්‍රම භාවිතා කරනු ලැබේ.

මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ දියවැඩියා රෝගී තත්ත්වය වසංගතයක් මෙන් ඉතා වේගයෙන් ජනතාව අතර පැතිරෙයි. එමෙන්ම කුඩා දරුවන්, තරුණ, මැදි වයසේ පුද්ගලයන් බහුල ලෙස මෙයට ගොදුරු වනු දැකිය හැකිය. මේ නිසා ඇති වී තිබෙන සමාජ ව්‍යාකූලත්වය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වන අතර රටක පැවැත්මට එම රටේ ජනතාවගේ ශාරීරික හා මානසික නිරෝගීකම ඉතා වැදගත් සාධකයක් වේ. පසුගිය කාලයේ මා වෛද්‍යවරයෙකු ලෙස ලද අත්දැකීම් අනුව දියවැඩියාව නිසා අප සමාජයේ පවුල් සංස්ථාව තුළ පුද්ගලික ලිංගික ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන ගැටළු ඒ නිසා ඇති වී තිබෙන ගැටුම් පවුල් බිඳවැටීම්, මානසික පීඩාවන්, පුද්ගලික පෞරුෂය කඩා වැටීම් විශාල වශයෙන් දක්නට ලැබුණු අතර එවැනි තත්ත්වයන් වළක්වා නිරෝගී ජනතාවක් බිහි කිරිම අපගේ යුතුකමකි.

දියවැඩියාව ශාරීරික, මානසික මෙන්ම ලිංගික සෞඛ්‍යයටත් බලපෑම් ඇති කරන බව ඔබ දන්නවාද? අප වෙත පැමිණෙන බොහෝ රෝගීන් දියවැඩියාව නිසා විවිධාකාර සංකූලතා ඇතිව පැමිණෙන අතර ඒ අතරින් බොහෝ පිරිමි රෝගීන් සඳහන් කරනුයේ පෙර මෙන්් තමන්ගේ ලිංගික ප‍්‍රාණවත් වීමක් නොමැති බවයි. ඒ සඳහා කොතෙක් උත්සහ ගත්තත් ප‍්‍රතිඵලයක් නොලැබෙන බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කරති. බොහෝ කාන්තාවන් දක්වන අදහස වනුයේ මෙය වේදනාකර තත්ත්වයක් වන බවයි. මේ නිසා වෙනදා සේ කාමසම්භෝගී ජීවිතයට වෙදා මෙන් උනන්දුවක් නොමැති බවයි.

මෙවැනි තත්වයන් සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ සඳහන් ඇවතුම් පැවතුම් වලින්, ඖෂධ වලින් සහනයක්… මේ ගැටළුවට සාර්ථක පිළිතුරක් ලබාගත හැකි වනු ඇත.

දියවැඩියාව නිසා ලිංගික ජීවිතය අවුල් කරන සැටි සොයා බැලූ විට අපට පෙනී යන ප‍්‍රධාන සාධකය වනුයේ මෙම රෝගය නිසි ලෙස පාලනය නොකිරීමයි. වර්තමාන ජීවන රටාව ඉතා ව්‍යාකූල එකක් වන බැවින් අද සමාජයේ බොහෝ දෙනා ජීවිතය විඳිනවාට වඩා ජීවිතය විඳවීම දක්නට ලැබෙන අතර අධි තරඟකාරී ජීවන රටාව හා ඒ හා පසුබිම් වන ආහාර විහරණ, මානසික, සාමාජීය, පාරිසරික කාරණා මේ සඳහා බලපා ඇත.

පිරිමින් මෙන්ම කාන්තාවන් ද සමානව මෙම ප‍්‍රශ්නයට මුහුණ පා ඇති අතර මෙහිදී වඩා ක‍්‍රියාකාරී සාධකයක් ලෙස පිරිමියා කෙරෙහි දක්නට ලැබෙන බලපෑම ඉතා වැඩිය. මන්ද යත්, ලිංගික ක‍්‍රියාකාරිත්වයේදී පිරිමියා සක‍්‍රිය සාධකයක් වන බැවිනි.

කාන්තාවනට ඇතිවන බලපෑම

දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ගේ ස්නායු වලට බලපෑමක් ඇතිවී ලිංගික උත්තේජනය ලබාගැනීමේ හැකියාව පහව යනවා. මේ තත්ත්වය නිසා සංසර්ගයේදී අපහසුතා ඇතිවන අතර ඒ හේතුව නිසා සුරාන්තයට පත්වීමට ඇති අවස්ථාව දුරු කරනවා.

ආර්තවභාවය අතරතුර පසුවන කාන්තාවන්ට දියවැඩියාව ඇති වුවහොත් එම කාන්තාවගේ රුධිරයේ සීනි මට්ටමේ ක්ෂණික වෙනස් කමක් සිදුවන්නට පුළුවන්. මේ නිසා එම කාන්තාවගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානියක් සිදුවන්නට ඉඩ තිබෙනවා. එවන් කාන්තාවන් ලිංගිකව එක් වීමට පෙර රුධිර පරීක්ෂාවක් සිදු කිරිමයි වඩාත් සුදුසු වන්නේ.

මෙවන් පසුබිමක සිටින කාන්තාවක ලිංගිකව එක් වීමේදී රුධිරයේ සීනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගික එක්වීම මගින් සතුටට වඩා වේදනාවක් දැනෙන නිසයි. එසේම මෙවන් කාන්තාවකට ලිංගික සංසර්ගය මගින් දැඩි අපහසුවක් ඇති කරවන දිලීර ආසාදන සහ ර්‍ණක්‍හිඑසඑසි” ගැටිති මෙන්ම මුත‍්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන වැනි විවිධ ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.

පිරිමින්ට ඇතිවන බලපෑම

දියවැඩියාව ඇති පිරිමිනට නිතරම වාගේ ඇති වන්නේ තම ලිංගික කාර්යය නිසි ලෙස සිදු කිරිමට නොහැකි වන පරිදි ඔැිඑදිඑැරදබැ හෝමෝන මට්ටම පහළ වැටීමයි.

කෙසේ වෙතත් දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයන්ට ප‍්‍රධාන වශයෙන් ඇතිවන ලිංගික සෞඛ්‍ය ගැටළුව වන්නේ ශිෂ්ණය නිසි පරිදි ප‍්‍රාණවත් නොවීමයි. පුරුෂයෙකුගේ ශිෂ්ණය නිසි පරිදි ප‍්‍රාණවත් වීමට නම් ශිෂ්ණයට නිසි පරිදි රුධිර සැපයුමක් අවශ්‍ය වනවා. දියවැඩියාව මගින් රුධිර නාලිකා වලට හානි සිදු කිරීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප‍්‍රමාණය නොලැබී යාමත් ස්නායු වලට හානි සිදුවීම නිසා ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීමත් සිදු වෙනවා. මේ නිසා දියවැඩියාව ඇති අයෙකුට ශිෂ්ණය ප‍්‍රාණවත් කර ගැනීම තරමක් අසීරු ක‍්‍රියාවක් වෙනවා.

කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ ඇතිවන බලපෑම

දියවැඩියාවෙන් පීඩා විඳින පුද්ගලයන්ට නිතර වෙහෙසකර බව ඇති වෙනවා. දියවැඩියාව ඇති අය වෛද්‍ය උපදෙස් මත රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඖෂධ ලබා ගැනීම මගින් ලිංගික සෞඛ්‍ය තරමක් දුරට වර්ධනය කරන්නට පුළුවනි.

මීට අමතරව දියවැඩියාව ඇති පුද්ගලයන් හට ලිංගික සෞඛ්‍යය බිඳවැටීමට හේතුවන විවිධ මානසික බලපෑම් ඇති වෙනවා. එවැනි උදාහරණ කිහිපයක්: තමා පිළිබඳ ඇතිවන අවතක්සේරුව, කාංසාව, ශරීරයේ බර වැඩිවීම, විශාදය, හිත හුදකලා වීම, තනිකමක් දැනීම, ආත්මාභිමානය ගිලිහීම.

දියවැඩියාව රෝගය ඇතිවීම නිසා ඇතිවන විවිධ මානසික අබාධ වලට සුවය ලබා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගත යුතුයි.

දියවැඩියා රෝගීන්ගේ ලිංගික ක‍්‍රියාකාරිත්වය වර්ධනය සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම

මේ සඳහා ප‍්‍රධානතම ප‍්‍රතිකාර ක‍්‍රමය වන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම මගින් ස්නායු අඩපණ වීම වළක්වා ගැනීමයි.

නැතිවී ගිය ලිංගික ක‍්‍රියාශීලිත්වය වර්ධනයට ජීවන රටාවේ සිදු කරනු ලබන වෙනස්කම්:

දියවැඩියාව ඇති කාන්තාවන් සහ පිරිමින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මගින් නැවතත් ලිංගික ක‍්‍රියාශීලී බවවර්ධනය කර ගන්නට පුළුවනි. දුම්පානය, මත්පැන් පානය අත්හැරිය යුතුයි. දිනපතා සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගන්න. ව්‍යායාම වල නිරත වන්න. තරබාරු පුද්ගලයකු දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා නම් තරබාරුභාවය අඩුකර ගැනීම මගිනුත් ලිංගික ජීවිතය වර්ධනය කර ගන්නට පුළුවන්.

දියවැඩියා රෝගියෙකුගේ මානසික ආතතිය දුරුකර ගැනීම සඳහා භාවනා සිදු කිරීම, පොත්පත් කියවීම, යෝග අභ්‍යාසවල යෙදීම වැනි කාර්යයන් සිදුකර මානසික ආතතිය දුරු කරගැනීම වඩාත් වැදගත් වෙනවා.
එමෙන්ම ආයුර්වේදයේ සඳහන් ලෙස නිරෝගී ජීවිතයක් සඳහා යහපැවැත්ම ඉතා වැදගත් වේ. නිරෝගී පුරුෂයකු වීමට නම් කායික මෙන්ම මානසික නිරෝගී භාවය වැදගත් වේ. මෙහිදී අපගේ දේශීය හා ආයුර්වේද ප‍්‍රතිකාර තුළින් දියවැඩියාවෙන් ලිංගික ජීවිතයට වන හානිය වළක්වා ගැනීමට හැකියාව ඇත.

විශේෂයෙන් ආයුර්වේද ප‍්‍රතිකාර අනුව පංචකර්ම හා නොයෙක් ඖෂධ යෝග භාවිතා ඉතා සාර්ථක ලෙස මේ සඳහා පිළියම් යෙදිය හැකි වේ.


සෙත්සුව ආයුර්වේද රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුජීව විතානගේ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 1 =

සබැඳි ලිපි

Back to top button
Close