දැනුම

පුරුෂ ලිංගය නිවැරදිව පිරිසිඳු කරගන්නේ මෙහෙමයි

පුරුෂ ලිංගය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශය කියන්නේ රෝග කාරක වෛරස, බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවී ආසාදන වලට ලක්වෙන්න පුළුවන් ප්‍රදේශයක්. මොකද ලිංගික කාර්යයේදී හුවමාරු වෙන ක්ෂුද්‍ර ජීවීන්වගේම දහදිය නිසා ඇතිවන කුණු වැනි බොහොමයක් දේවල් තියෙන නිසා. ඉතින් ලිංගික පෙදෙස සහ ශිෂ්ණය සෑම විටම පිරිසිඳුව තියාගන්න මේ සටහන කියවන්න.

මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් පමණ හොඳින් සෝදා පිරිසිඳු කරන්න. සාමාන්‍යයෙන් බේබි සබන්, ඩෙටෝල් සබන් වගේ සබන් වර්ගයක් වඩා සුදුසුයි. මොකද ශිෂ්නයේ මුණ්ඩයේ සම ඉතාම මෘදු නිසා සැර සබන් වර්ග පාවිච්චිය නුසුදුසුයි.

පෙරසම පිටුපසට කර සබන් ආලේප කර පෙරහම පිටුපසට කිරීමට පෙර හොඳින් සෝදන්න වගබලා ගන්න. සැර නැති සබන් වර්ගයක් වුනත් පෙරසම තුළ තැම්පත් වීමෙන් ශිශ්නයට හානි වෙන්න පුළුවන්.

ශිෂ්ණය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශය සේදීමට සෙමෙන් ගලා යන ජලය, (උදාහරණ ලෙස, ෂවර් එකකින් වැටෙන ජලය…) භාවිතා කරන්න. එතකොට හොඳින් කුණු දුහුවිලි සේදී ඉවත් වෙනවා.

යෝනි සංසර්ගයකට වඩා ගුද සංසර්ගයකදී ශිෂ්ණය අපිරිසිඳු වෙනවා වැඩියි. මොකද ගුද මාර්ගයේ මලපහ සහ ඒ ආශ්‍රිතව ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් බහුලයි. ඉතින් ගුද සස්නරගයකින් පසුව ශිෂ්නයේ පිරිසිඳු කිරීම ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. ශිෂ්ණ මුණ්ඩයේ පහල, බෙල්ල කොටසේ මලපහ සහ වෙනත් අපද්‍රව්‍ය රැඳිලා තියෙනවා නම් හොඳින් පිරිසිඳු කරගන්න ඕනේ.

දහදිය නිසා ලිංගික පෙදෙසේ රෝම ඉවත් කරන කෙනෙකු නම් රේසරයකින් රෝම ඉවත් නොකිරීමට සැලකිලිමත් වෙන්න. ඒ වෙනුවට රැවුල බාන යන්ත්‍රයක් යොදා ගන්න. රේසරයකින් ලිංගික ප්‍රදේශයේ කැපීම්, සීරීම් වැනි හානි ඇතිවෙන්න පුළුවන් බව මතක තබා ගන්න.

සේදීම් අවසානයේ මෘදු පිරිසිඳු රෙදි කඩකින් තෙත මාත්තු කර ජලය ඉවත් කරන්නත් වග බලාගන්න. මොකද ජලය පිටින් ඇඳුමක් ඇන්දොත් තෙත ගතිය ඉතිරි වීම නිසා වෙනත් ආබාධ ඇතිවෙන්නත් පුළුවන්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =

සබැඳි ලිපි

Back to top button
Close