විචිත්‍ර

සොබාදහම අමුතු ලිංගික හැසිරීම් පෙන්වන සතුන්

ආදරය කියන්නෙත්, ලිංගිකත්වයත් කියන්නේ දෙකක්ද? එකක්ද? මේ පිලිබද බොහෝ වාද විවාද ලොව පුරා සිදු වෙමින් පවති. කෙසේ නමුත් ලිංගිකත්වය යනු බොහෝ සත්ව වර්ගයන්ගේ අනාගත පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයකි. එම ක්‍රියාවලිය සදහා පිරිමි හා ගැහැණු සතුන් දෙදෙනෙකු ලිංගිකව එක් වීම අනිවාර්‍ය කරුණකි.


බොහෝ විට සත්ත්ව ලෝකය තුල බලහත්කාර ලෙස ලිංගික එක් වීම වැඩිය. විශේෂයෙන්ම එකම රංචුවක සිටින බලවත් සතුන් ලිංගික සහකාරියන් බොහෝ ඇති අතර දුබල සතුන් හට එක් ලිංගික සහකාරියක් හෝ නැති වීමට ඉඩ ඇත. එම නිසා සත්ත්ව ලෝකය තුළ නායකත්වය සදහා නිතර ගැටුම් ඇති වෙයි. නායකත්වයට පත් වීම මගින් වැඩි ලිංගික සහකාරියන් ලබා ගැනීමට හැක.


“මාව මරන් කන්න හදනවා” මෙය බොහෝ අඹු සැමි ගැටුම් වලදී නිතර ඇසෙන වදනකි. එය වචනයට පැවසුවත් එවැනි සිදුවීම් සත්ත්ව ලෝකයේනම් බහුලව සිදු වේ. ලිංගික එක්වීමෙන් පසු පිරිමි සතා මරාදමන සත්ත්වයන් ගෙන ඔබ අසා ඇත්ද? එවැනි සත්ත්වයන් ලෙස Black Widow Spider නැමැති මකුළුවන් විශේෂය හා වන්දා නමැති කෘමියා හදුන්වා දිය හැක. ඔවුන්ගේ ලිංගික එක්වීමෙන් පසු ගැහැනු සත්ත්වයා විසින් පිරිමි සත්ත්වයාව මරා දමයි.


බූවලන්ටද ඇත්තේ එවැනිම අමුතු වූ ලිංගික එකතු වීමකි. ගැහැණු බූවල්ලා සත්ත්වයන් ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවය ඇති විට ගැහැනු සතා පිරිමි සත්ත්වයා වෙත පැමිණ අඩු විදහා දෙදෙනාම රවුමට ගොස් ගැහැනු සතා තම අඩුවලින් පිරිමි සතා තුරුළු කරගෙන අවසරය දෙයි. එවැනි අමුතුම ලිංගික හැසිරීමක් බූවල්ලන් සතුය.


සමහර සතුන් ගැහැණු සතා සිටිනා තැන හදුනා ගන්නේ එම ගැහැණු සතුන්ගේ ශරීරයෙන් නිපදවන පෙරමෝන නමැති රසායනික ගන්ධය මගිනි. එම පෙරමෝන නමැති රසායනික ගන්ධය පසුපස එන පිරිමි සත්ත්වයා ගැහැණු සතා සමග ලිංගිකව එක් වෙයි.

එමෙන්ම කුහුඹු ජනපදවලද බිත්තර දමන්නේ රැජින වන අතර ඇයටද ලිංගික සහකාරයන් බොහෝ සංඛ්‍යාවක් සිටි. මේ අතර බොහෝ ක්ෂුද්‍ර ජීවින් ලිංගිකව එකවන්නේද නැත. ඔවුන් තමාගේ දේහය ඛණ්ඩනය මගින් නව ජීවින් බිහි කරයි. එම නිසා ඔවුන්ගේ වර්ධන වේගය ඉතා ඉහළ අගයක් ගනි.

මේ අතර බොහෝ සතුන් ලිංගිකව එක්වන්නේ පිටුපසින් වන අතර මිනිසා වැනි සතුන් කිහිප දෙනෙක් පමණක් ඉදිරියෙන් ලිංගිකව එක් වේ. ඒ අතින් අනෙක් සතුන් හා සසදා බැලීමේදී මිනිසාද අමුතු ලිංගික හැසිරීමක් පෙන්වන සත්ත්වයෙකි.

මේ අතර මිනිසාගේ ලිංගික හැසිරීම තවත් නොබෝ දිනකින් අමුතුම එකක් වනු නො අනුමානය. ඊට හේතුව වන්නේ රොබෝ සහකාරයන් සහ සහකාරියන්ය. ඉතින් මිනිසා තමාගේ ලිංගික අවශ්‍යතා සදහා මෙම රොබෝ වරුන් මිළදී ගනු ඇත.

ඉදින් මිනිසෙකුට කසාදයක් බැදීමට අවශ්‍යනම් ඔවුන් කඩෙන් රොබෝ මනාලයෙක් ගෙනෙනු ඇත. ඉදින් කාන්තාවකට කසාදයක් බැදීමට අවශ්‍යනම් ඔවුන් රොබෝ මනාලියක් ගෙන එනු ඇත. මිනිසුන්ට එය වඩා ලාබදායිද වනු ඇත. මක් නිසාද යත් කන්නට බොන්නට දීමට කිසිදු මුදලක් වැය නොවන නිසාය. එමෙන්ම කියන ලෙස ඉන්නා නිසා පවුල් ගැටුම්ද ඇති නොවනු ඇත. සැබැවින්ම අනාගතයේ මිනිසාගේ ලිංගික හැසිරීම බොහෝ සෙයින් වෙනස් වනවා ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + ten =

සබැඳි ලිපි

Back to top button
Close