සමාජ

ගණිකාවක් කියන්නේ කවුද?

ගණිකාවක් කියන්නේ සිංහල සමාජයේ නම් ‘බඩුවක්’. බඩුවක් කියන්නේ අපි පාවිච්චි කරන දෙයක්. ගණිකාවත් එසේම යයි අපි සිතාගෙන ඉන්නවා. හැබැයි අපි පාවිච්චි කරන ‘බඩු’ වලට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. කෙටියෙන්ම කිව්වොත් ජීවයකින් තොරයි. හැබැයි හිතුනු වෙලාවට පාවිචි කළ පළියට ගණිකාවක් බඩුවක් කියලා හඳුන්වන එක ඇත්තටම හරි කැතයි.

විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයේ සඳහන් වෙන විදියට ගණිකාව කියන්නේ :

මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හඳුනන හෝ නො හඳුනන පුද්ගලහෙකු සමඟ භාවාත්මක හැඟීමකින් තොරව ලිංගික චර්යාවෙහි යෙදෙන්නි ගණිකාවකි.

හැඟීමකින් තොරව ලිංගික චර්යාවෙහි යෙදෙන්නී ගණිකාවක් විදියට විකිපීඩියාවේ හැඳින්වුවත් ගණිකාවකට හැඟීම් දැනීම් නැතිදැයි දන්නේ ගණිකාවක්ම විතරයි. ඒක අපිට නිශ්චිතවම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම ‘යෙදෙන්නී’ කියලා සඳහන් වෙන්නේ ස්ත්‍රී ලිංග පදයක්. නමුත් පොදුවේ ගණිකා වෘත්තීය ගත්තම ගැහැණු පිරිමි භේදයක් නැතිව ඒ වෘත්තියේ නියැලෙන අය ඉන්නවා.

තමන්ගේ ඇඟ තමන්ට අයිති දෙයක්. හැබැයි මුදලට ශරීර අවයව විකිණීම නීතිය ඉදිරියේ වරදක්. ගණිකා වෘත්තියත් එහෙමයි. මුදලට තමන්ගේ සිරුරෙන් වෙන කෙනෙකුට තෘප්තියක් ලබා දීම වරදක්. හැබැයි ඒක කොයි තරම් වැරදියි කියලා නීතියෙන් කිව්වත්, ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ අඩුවක් නම් නැහැ. හැම නගරයකම, හැම ගමකම අඩු වැඩි වශයෙන් ගණිකා වෘත්තීය මේ රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. රුපියල් පන්සීයේ ඉඳන් සමහරවිට රුපියල් ලක්ෂය පවා අය කරන ඒක ඒක පරාසවල ගණිකාවෝ ඉන්නවා.

මුඩුක්කුවේ, රූම් එකේ ඉඳන් ගස් ගල් ගානේ වාහන ඇතුලේ තමන්ගේ සේවය සපයන ගණිකාවෝ එක එක වර්ග ඉන්නවා. ප්‍රධාන වශයෙන් ගණිකාවෝ වර්ග පහකට වෙන් කරන්න පුළුවන්.

  1. වීදි ගණිකාවෝ
  2. ජංගම සේවා සපයන ගණිකාවෝ
  3. හෝටල් කාමර වලට පමණක් යන මැද පන්තියේ ගණිකාවෝ
  4. ගණිකා මඩමක සේවය කරන ගණිකාවෝ
  5. ගෘහස්ථ ගණිකාවෝ

මේ ගණිකාවන් ගැන අපි ඉදිරියේදී වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් ගණිකාව කියන්නේ වල් කමට වටේ යන පිරිසක් කියලයි අපේ රටේ උදවිය හිතාගෙන ඉන්නේ. එහෙම අයත් නැතුවම නෙමෙයි. නමුත් බොහෝ ගණිකාවන් ඒ තත්වයට පත් වෙන්න ඉතාම ඛේදවාචක තත්වයන් මූලික වෙලා තියෙනවා.


මෙම ලිපියේ ඊළඟ කොටස බලාපොරොත්තු වන්න

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =

සබැඳි ලිපි

Back to top button
Close