දැනුම

ගැහැණු කටකාරකමට කියවන්නේ ඇයි….? මෙන්න හේතුව

සාමාන්‍යයෙන් ගැහැණු කියවන්න කැමතියි. කියවන්න කිව්වේ කතා කරන්න. සමහර ගැහැණු තොර තෝංචියක් නැතුව කතා කරනවා. ඔය සමහර ගැහැණු ළමයි කොයි තරම් නිහඬව උන්නත් තමන් කැමති මාතෘකාවක් ගැන හෝ තමන් කැමති කෙනෙක් හමු වුනාම බ්‍රේක්‌ නැතුව කියවන එක සාමාන්‍ය දෙයක්. ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක්ද?

ගැහැණුන්ගේ කතා කිරීම සඳහා පිහිටි විශේෂ ප්‍රදේශයක් මොලයේ වම අර්ධගෝලයේ ඉදිරියෙන් සහ තවත් කුඩා ප්‍රදේශයක් මොලයේ දකුණු අර්ධගෝලයේත් තියෙනවා. මේ විදියට මොලයේ දෙපැත්තේම කතා කිරීම සම්බන්ධව කොටස් දෙකක් තියෙන නිසා ගැහැණු කතා කිරීම කෙරෙහි ශූරියෝ වෙලා තියෙනවා. කතා කරන්න කතා කරන්න ගැහැණු අය සතුටු වෙනවා. ගැහැණිය කතා කරන ගමන් තව වැඩ දෙක තුනක් වුනත් කරන්න දක්ෂ අර මුලින් කියපු විශේෂ කොටසක් මොලයේ වෙන් වෙලා තියෙන නිසා. මොකද එතකොට මොලයේ අනිත් කොටස් වලින් නිදහසේ අනිත් වැඩ කරගන්න පුළුවන් විදියට හැඩ ගැහිලා තියෙනවා.

ගැහැණු කටකාරකමට කියවන්නේ ඇයි....? මෙන්න හේතුවමේ පින්තුරයේ තියෙන විදියට කාන්තාවන්ගේ මොලයේ කතාව සහ භාෂාව සඳහා පිහිටි මධ්‍යස්ථාන අනුව ගැහැණු විශිෂ්ඨ සාකච්චාකාරියන් වී ඇත්තේ ඇයි කියන එකත් පිරිමින් එසේ නැත්තේ මොකද කියන එකත් ඔබට වටහා ගන්නට පහසු වේවි.

මෑතකදී කරන ලද පර්යේෂණයකට අනුව ළදරුවෙකු මවගේ කටහඬ හඳුනා ගන්නේ ගර්භාෂයේ සිටින අවදියේදි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. එහෙම වෙන්නේ මවගේ කටහඬ ශරීරය හරහා කම්පනය වීම මගින් ලු. දරුවෙකු ඉපදීමෙන් පස්සේ දින හතරකින් ඒ දරුවා මව් බසේ කතා රටාව හා වෙනත් විශේෂ බසක කතා රටාවත් අතර වෙනස හඳුනා ගන්නවා. වයස මාස හතරක් විතර වෙනකොට ස්වර උච්ඡාරණය කරන විදියත් ඒ ඒ ශබ්ද වලට තොල් යෙදෙන ආකාරයත් හඳුනා ගන්නවා. පළමු අවුරුද්ද සම්පුර්ණ වෙන්න කලින් වචන වල තේරුම හඳුනා ගන්න දැරුවෝ සමත් වෙනවා. මාස 18ක් විතර වෙනකොට දරුවන් තුල ශබ්දකෝෂය ඇතිවීම ආරම්භ වෙනවා.

විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට වයස අවුරුදු දෙක වෙනකොට වචන 2000ක පමණ වචන එකතුවක් තරමට ඔවුන්ගේ ශබ්දකෝෂය පුළුල් වෙනවා. කුඩා කාලයේ ඉඳන්ම ගැහැණු ළමයින්ට ඇති මේ විශේෂ ග්‍රහණය කර ගැනීම නිසා ව්‍යාකරණ, වචන වල අකුරු ග්‍රහණය කරගැනීම, විරාම ලකුණු යෙදීම ආදියෙහි දැනුමෙන් දක්ෂ වීමට හේතුවක් වෙනවා.

ඒ වගේම පිරිමින්ට වඩා ගැහැනුන්ට වෙනත් භාෂාවක් ඉගෙනීමටත් ඉක්මනින් කතා කිරීමට හා ලිවීමටත් හැකියාව ලැබී තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ අපි අර මුලින් සඳහන් කරපු ගැහැනියගේ මොලයේ තියෙන භාෂා මධ්‍යස්ථාන නිසා. මොකද ඒවා කතා කරන්නයි, ලියන්නයි, අහගෙන ඉන්නයි හොඳටම සකස් වෙලා තියෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =

සබැඳි ලිපි

Back to top button
Close