සමාජ

පාරවල් ගානේ ඇඟ විකුණන වීදි ගණිකාවෝ

මහපාරේ ඇවිදිමින් තමන්ගේ ඒරියා එකේ විතරක් කරක් ගහන අඳුරු මුල්ලක, බස් නැවතුමක, පදික වේදිකාවේ කරුවල කොනක බිම එලපු කාඩ්බෝඩ් කෑල්ලක නැතිනම් අඳුරු බිත්තියකට පිට දී හිටගෙන තමන්ගේ සේවාලාභියාට ලිංගිකව එකතු වෙන්නට පහසුකම් සපයන අඩු මුදලකට විකිණෙන ඇය වීදි ගණිකාවයි. නමුත් ගණිකාව සෑම විටම කාන්තාවක් නෙමෙයි. අද කාලේ වෙනකොට සමලිංගික පිරිමි ගණිකාවොත් නැතුවම නෙමෙයි. වීදි ගණිකාව බොහෝ විට භයානක කෙනෙක්. මොකද සෑම විටම වගේ ඒ අය උත්සහ කරන්නේ කස්ටමර්ව රවට්ටගෙන ඔහුගේ පොකැට් එකට තට්ටු කිරීමටයි. ඔහු බීමතින් නම්, සිහිමඳ ගතියෙන් සිටී නම් ඔහුට කියන්නට තියෙන්නේ අබ සරණයි කියලා විතරයි. රති කෙලිය අවසාන වන්නටත් කලින් ඔහුගේ මුදල් පසුම්බිය, රන් ආභරණ පමණක් නෙමෙයි ඔහුගේ කලිසම පවා අහිමි වීමේ ප්‍රවණතාවය ඉතා ඉහලයි. ඒකට ලොකුම හේතුව තමයි මේ වගේ වීදි ගණිකාවන් පසුපස්සේ තැරව්කරුවන් එහෙමත් නැත්නම් පිම්පියෙකු සිටීමයි. ඔහු සියල්ලම ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටින අතර ගණිකාව සේවාලාභියාගෙන් මුදල් අය කරගෙන එය හැට්ටය අස්සේ ඔබා ගත්තාට පස්සේ කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇඳිවත බුරුල් කරයි. සේවාලාභියාට තමන්ගේ ලිංගික කාර්ය කරගැනීමට පහසුකම් සපයද්දීම අර බලාගෙන හිටපු පිම්පියා කරන්නේ “දුවපං මහත්තයෝ ඔන්න පොලීසියෙන් එනෝ” වැනි දෙයක් කියමින් බොරු සිද්ධියක් මවාපාන එකයි. එහෙමත් නැත්නම් පිහියක් හෝ සෙල්ලම් පිස්තෝලයක් පෙන්නලා “තෝ මගේ නංගි දූෂණය කරන්න ආපු බල්ලා, මම තෝව තියන්නේ නැහැ” වැනි ස්ථානෝචිත රංගනයක යෙදී සේවාලාභියා බය කර සම්පුර්ණ සුද්ධයක් දැමීමයි….

නමුත් මේ විදියට වංචා නොකර අවංකව මුදලට සෑහෙන සේවාවක් ලබාදෙන අවංක වීදි ගණිකාවෝද මේ රටේ නැතුවාම නෙමෙයි.

කොහොම වුනත් රාත්‍රී කාලයේ කොළඹ කොටුව ස්ටේෂන ඉදිරිපිට, බස් නැවතුම අසල සහ අඳුරු හරස් පාරවල් වල තමන්ගේ ඇඟ විකුණන වීදි ගණිකාවෝ මෙන්ම ඔවුන්ගේ තැරව්කරුවන් අතරින් සියයට අනූ නවයක්ම අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවූවන්.

කොළඹ පිටකොටුවේ පමණක්‌ නෙමෙයි නුගේගොඩ, මහරගම, රත්නපුර, කතරගම, මාතර, ගාල්ල, කලුතර, මොරටුව, පිළියන්දල, බම්බලපිටිය, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, දඹුල්ල, පොලොන්නරුව, යාපනය ආදී සෑම නගරයකම මෙකී වීදි ගණිකාවෝ අඩුවක් නැතිව තම රැකියාව කරගෙන ජීවත් වෙයි….

(මෙම සටහන මෙවැනි සමාජ අත්දැකීම් නොමැති සහ නොදන්නා අයට දැනගැනීමටත්, මෙවැනි වංචාවන්ට හසුවීමට ඇති ඉඩ ඇහිරීමට දැනුම්වත් වීමටත් පල කරන ලද එකකි.)

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =

සබැඳි ලිපි

Back to top button
Close