සමාජ

සිංහලයා බය sex වලට විතරයි

සිංහලයා කිව්වම හරි ලොකුයි කියලා හිතාගෙන ඉන්න, ඊට වඩා එකෙක් මේ ලෝකෙම නෑ කියලා හිතාගෙන ඉන්න කට්ටියක් තමයි මේ රටේ ඉන්නේ. තමන්ගේ ජාතිය වෙනුවෙන් ගහ මරාගන්න, කීතු කීතු කපා ගන්න, එක එක බලකා සංවිධාන හදාගන්න, අනිත් මිනිහව පාගන්න, තමන්ගේ ජාතිය වෙනුවෙන් ඕනෑම නීති විරෝධී වැඩක් කරන්න අපේ රටේ සිංහල මිනිස්සු බහුතරයක් දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි කාන්තාවන් දූෂණය කරන්න, දූෂණය කරලා මරන්න, බස් කෝච්චි වල ජැක් ගහන්න වගේ දේවල් වලටත් අපේ මිනිස්සු බයක් සැකයක් නැහැ.

හිත යටින් සෙක්ස් කෙරුවට, හැංගි හැංගි සෙක්ස් කලාට සෙක්ස් ගැන එළිපිට කතා කරන්න, සෙක්ස් ඉගෙන ගන්න, හරි හමන් ලිංගික අධ්‍යාපනයක් ලබාගන්න සහ ලබා දෙන්න අපේ රටේ මිනිස්සු පොදුවේ හරි බයයි වගේම අකමැතියි. විශේෂයෙන්ම ආගමික නායකයෝ ටික හරි කුහකයි. මොකද එයාලා හරි බයයි සංස්කෘතිය සදාචාරය කියන පුහු මාන්නය විනාශ වෙලා යයි කියලා. හැබැයි හරි හමං ලිංගික අධ්‍යාපනයක් නැතිව මේ රටට වෙලා තියෙන දේ ඒ කාටවත් හරියට පේන්නේ නෑ. එක්කෝ පෙනුනත් ගණන් ගන්නේ නැහැ.

අනිත් එක තමයි සිංහල මිනිස්සු බයයි මුස්ලිම් මිනිස්සු සේක්ස් කරනවට. එක මිනිහෙක් ගෑනු කිහිප දෙනෙක් තියාගන්නවට. ඔව් ඉතින් මුස්ලිම් එකා තමන්ගේ ජාතිය ව්‍යාප්ත කරගන්න තමයි එහෙම කරන්නේ. ඒත් අපේ මිනිස්සු හරි බයයි ඒකට. අපේ සිංහල මිනිස්සු උත්සහ කරන්නේ මුස්ලිම් උන්ට ළමයි හදන එකටත් නීතියක් දාන්න. ඒ මොකද….? බය නිසා…. හැබැයි කාගේවත් ලිංගික නිදහසට, වෙන කෙනෙකුට හානියක් නැත්නම් නීති දාන එක සදාචාරාත්මක නැහැ කියලා අපේ සිංහල මිනිස්සු දන්නේ නැහැ. දැනගත්තත් ඒක පිළිගන්න අපේ උන්ට සදාචාරයක් විනයක් නැහැ. මොකද අපේ උන් බයයි, ඒ වගේම ඊරිසියයි.

අනික ඉස්කෝලේ සෞඛ්‍ය විෂයට තියෙන ලිංගික අධ්‍යාපන කොටසවත් හරියට උගන්වන්නේ නැති රටක් මේක. ගුරුවරු හරි ලැජ්ජයි ඒක උගන්වන්න. ඉතින් ළමයින් සමාජයට යොමු වුනාම සමාජය තුල සැරිසරන වැරදි ලිංගික තොරතුරු ඉගෙන ගන්න තියෙන ඉඩකඩ වැඩියි.

හරියට බැලුවොත් ලංකාවේ ඉන්නවා ගැහැණු පිරිමි ලිංගික අවයව වලට හරියට සිංහලෙන් කියන විද්‍යාත්මක නමවත් නොදන්නා, ඒත් කුණු හරපෙන් කිව්වම හොඳට දන්න මිනිස්සු. අන්න ඒ මිනිස්සුන්ට විද්‍යාත්මක ලිංගික දැනුම අරහං. ඒ තරමටම අපේ සිංහල සමාජයේ ලිංගික දැනුම කියන එක බොහොම දුර්වල මට්ටමක තියෙන්නේ. මේක ලොකු ඛේදවාචකයක්. හැබැයි අපේ උන්ට ගානක් නෑ….

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + sixteen =

සබැඳි ලිපි

Back to top button
Close