දැනුම

විශ්වයේ සුන්දරම හමුවීමේ කතාව

මිනිසාගේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වෙන හැටි

ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වීම තමයි මේ ලෝකයේ තියෙන අසිරිමත්ම හමු වීම සහ එක්වීම. අපි හිතනවට වඩා ඇත්තටම ඒක බොහොම ලස්සන සංකීර්ණ ක්‍රියාවලියක්. ලොකු තරඟයක්. එක ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය තමයි ඔබ සහ මම….


ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවුණාට පස්සේ සංසේචන හැකියාව තියෙන මානව ඩිම්බයක සරු කාලය උපරිම පැය 24ක් විතර වෙනවා.
ශුක්‍රාණුවක සරු කාලය වෙන්නේ පැය 72 ක් විතර.

සංසේචනය කියලා අපි කියන්නේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙන ක්‍රියාවලියට.

ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් කියන්නේ ස්වාධීන තනි සෛල දෙකක්. හරි පුදුම වැඩක් කියන්නේ කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් එක ඩිම්බයක් නිපද වෙනකොට, පිරිමියෙකුගේ වෘෂණ කෝෂ වලින් ශුක්‍රානු මිලියන ගණනක් (40-150x10ml) නිපද වෙනවා. හැබැයි ඒ ශුක්‍රානු මිලියන ගනනෙනුත් අන්තිමට ඩිම්බය එක්ක එකතු වෙන්න ඉඩ ලැබෙන්නේ එක ශුක්‍රානුවකට විතරමයි.

සාමාන්‍යයෙන් පිරිමියෙකුට එක වරකට ශුක්‍රානු පිට වෙන්නේ මිලි ලීටර් 3 ත් 5 ත් අතර කුඩා ප්‍රමාණයක්. ඔය නිල් චිත්‍රපටි වල පෙන්නන ලීටර් බාගයක විතර ශුක්‍රානු පිටවෙන ඒවා පට්ටපල් බොරු හොඳේ. හරි අපි කතාවට එමුකො…. සාමාන්‍යයෙන් ශුක්‍ර තරලයේ ph අගය 7.2 – 7.6 ක් විතර වෙනවා. ඒ කියන්නේ ටිකක් භාෂ්මිකයි. හැබැයි කාන්තාවකගේ යෝනි මාර්ගයේ ph අගය 6.0 සිට 6.5 ක් විතර වෙනවා. ඒ කියන්නේ ආම්ලිකයි. ශුක්‍රානු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුළු වුනාම ආම්ලිකතාවයයි, භාෂ්මික තාවයයි එකතු වෙලා උදාසීන වෙනවා. අන්න එතකොට ශුක්‍රානු චලයන වෙන්න ඒ තත්වය බොහොම හොඳ වෙනවා. සාමාන්‍යයෙන් අපිට පෙනුනේ නැති වුනාට ශුක්‍රානු පිට කරන්නේ කැටිති විදියට. ඒ කැටිති ශුක්‍රානු තරලයේම අඩංගු එන්සයිම මගින් දිය කරලා ශුක්‍රානු සක්‍රීය කරනවා. ඊට අමතරව ශුක්‍රානු තරලයේ තියෙනවා බැක්ටීරියා විනාශ කරන ප්‍රති දේහ කියලා වර්ගයකුත්.

ස්ත්‍රීයකගේ යෝනි මාර්ගයේ තියෙන තරලයේ පිහිනමින් ගැබ්ගෙල සහ ගර්භාෂය ඔස්සේ පැලෝපීය නාලයේ සංසේචනය වෙන ප්‍රදේශයට ළඟා වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ ශුක්‍රානු සිය ගණනක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතිරි සියල්ලම මේ එන ගමනේදී විනාශ වෙනවා. මොකද යෝනි මාර්ගයේ ආම්ලික තාවය වගේම සුදු රුධිරානු වල භක්ෂකසෛලතාවය බොහෝ විට මෙහෙම වෙන්න හේතුවක් වෙනවා.

ඔන්න ඊට පස්සේ පැලෝපීය නාලයේ ඩිම්බයක් තිබුනොතින් ඩිම්බය විසින් නිපදවන රසායනික ද්‍රව්‍ය මඟින් ශුක්‍රානු ආකර්ෂණය කරගන්නවා. ඊට පස්සේ ඩිම්බය වෙතට ශුක්‍රානු ගමන් කරලා ඩිම්බය මතුපිට ඩිම්බ පටලයේ තියෙන විශේෂ ප්‍රතිග්‍රාහක සෛල සමඟ බැඳෙනවා. ඊට පස්සේ ශුක්‍රානුවේ හිසේ තියෙන ලයිසොසොමයේ එන්සයිම මඟින් ඩිම්බයේ මතුපිට පටලය ජීරණය කරන්න පටන් ගන්නවා. මේ විදියට බොහෝ ශුක්‍රානු මේ කාර්ය කලත්, ඩිම්බය තුලට ඇතුළු වෙන්න ලැබෙන්නේ එක ශුක්‍රානුවක න්‍යෂ්ටියට විතරයි.

එහෙම එක ශුක්‍රානු සෛලයක් ඇතුල් වුන ගමන්ම ඩිම්බයේ සෛල ප්ලාස්මයේ තියෙන කැල්සියම් අයන පිටතට නිදහස් කරනවා. ඊට පස්සේ රසායනික ක්‍රියාවලියක් මඟින් ඩිම්බයේ පෑදී කලාපය සහ බීජාන්ත පටලය ඝන වෙලා තවත් ශුක්‍රාණු ඇතුල්වීම නවතා දමනවා.

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + one =

සබැඳි ලිපි

Back to top button
Close