දැනුම

ශිෂ්ණය කෙලින් වීම වයස සමඟ වෙනස් වෙනවාද?

ස්වභාව ධර්මයේ තියෙන හැම දෙයක්ම වගේ, පිරිමින්ගේ ශිෂ්ණය සෘජු වීමත් ජීවිත කාලය තුල වෙනස් කම් රැසකට භාජනය වෙනවා. ඒ සෑම අදියරක්ම පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මඟින් පාලනය වෙනවා.

වයස අවුරුදු 9 ත් 15ත් අතර වයසේ පසුවෙනකොට, පිරිමින්ගේ ශරීරයේ පිටියුටරි ග්‍රන්ථිය මඟින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය කිරීමට පටන් ගන්නවා. අන්න එතකොට පිරිමි දරුවෙක් වැඩිවියට පැමිණීම ආරම්භ වෙන අතරම ශාරීරිකව සහ මානසිකව වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා.

ශිෂ්ණය ප්‍රාණවත් වීම පටන් ගන්නේ මේ කාලයේදී. ක්‍රම ක්‍රමයෙන් ශිෂ්නයේ ප්‍රාණවත් වීම ආරම්භ වෙලා වයස අවුරුදු 40 විතර වෙනකම් ලිංගික හැඟීමකදී ශිෂ්ණයේ ප්‍රාණවත් වීම ඉතා හොඳින් පවතිනවා. (නිරෝගී පිරිමි කෙනෙකුගේ)

නමුත් වයස අවුරුදු 40න් පස්සේ මේ තත්වය හරි අඩකින් අඩු වෙනවා. හරියටම 40න් නෙමෙයි. ඒක එහා මෙහා වෙන්න පුළුවන්. සමහරුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය අනුව ඒ තත්වය බොහෝ ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඉක්මන් වෙන්නත් පුළුවන්.

වයස වුරුදු 60 පමණ වෙනකොට පවතින තත්වයෙන් 20 ගුණයකින් විතර ලිංගික හැඟීමකදී ශිෂ්ණය ප්‍රාණවත් වීම අඩුවෙන්න පුළුවන්. නමුත් ඒ වෙනකොට sex hormone binding globulin (SHBG) ලෙස ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නිපදවීමට පටන් ගන්නවා. මෙය ඔබගේ රුධිරයේ ඇති ටෙස්ටොස්ටෙරෝන් අඩුවන විට භාවිතා කිරීමට සැකසෙන ප්‍රෝටීනයකි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − two =

සබැඳි ලිපි

Back to top button
Close