සෞඛ්‍ය

ලිංගික රෝම ඉවත් කිරීම හොඳ ද? නරක ද?

ව්‍යාධිජනක රෝග සහ බාහිර ආසාදන වලින් ලිංගික ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා ලිංගික ප්‍රදේශයේ පවතින රෝම වැදගත් කාර්යයක් ඉටු කරනවා. හැබැයි එහෙම ආරක්ෂාවක් ලැබෙන්නේ ඉතාමත් පිරිසිඳුව ඒ ප්‍රදේශය තබාගන්නවා නම් විතරයි.

සාමාන්‍යයෙන් ජීවියෙකුගේ ශරීරයේ තියෙන හැම දෙයක්ම ඒ විදියට නිර්මාණය වෙලා තියෙන්නේ ශරීරයට අත්‍යවශ්‍ය සහ ඒ සඳහා විශේෂිත කාර්යයක් වෙන් වෙලා තියෙන නිසයි. ලිංගික ප්‍රදේශයේ රෝම වැඩීමත් ඒ විදියම තමයි. නමුත් සමහරු රෝම ඉවත් කරනවා. තවත් සමහරු රෝම වලට කැමතියි. කොහොම වුනත් මේ සටහන රෝම ඉවත් කිරීම හොඳද නරකද කියන එක ගැන.

වැඩිපුර දහදිය දමන සිරුරක් තියෙන කෙනෙක් නම් හෝ නිතරම දහදිය දමන වැඩ වල යෙදෙන කෙනෙකුගේ නම් ඉතාම හොඳින් ලිංගික ප්‍රදේශය පිරිසිඳු නොකලොත්, ලිංගික ප්‍රදේශයේ රෝම අතර දහදිය සහ කුණු රැඳීම නිසා බැක්ටීරියා, දිලීර සහ වෛරස ආසාදන ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඉතින් රෝම ඉවත් කිරීමෙන් ඒ අපහසුතාවය මඟ හරවා ගන්න පුළුවන් වෙනවා.

  • නිතරම ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් එම ප්‍රදේශයේ සම රළු වීමට ඉඩකඩ වැඩියි.
  • නිතරම එම ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමට භාවිතා කරන රේසර් වැනි දේවල් නිසා එම ප්‍රදේශයේ සම සීරීම්, කැපීම්, තුවාල වීම්, වැනි දේවල් ඇතිවෙන්න පුළුවන්. එතකොට වේදනාව වගේම සමේ වෙනත් ආසාදනත් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
  • ඒ වගේම තමයි සමාජ රෝග සහ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වෙන්න තියෙන අවස්තාත් වැඩියි.
  • සම්පුර්ණයෙන් රෝම ඉවත් කරලා ටිකක් වැවෙනකොට කෙටි රෝම කොටස් ඇනිලා අපහසුවක් දැනෙන්නත් පුළුවන්.

කොහොම වුනත් ආසාදන වලිනුත් ප්‍රවේසම් වෙලා, රෝම ඉවත් කරලා සනීපාරක්ෂාව ගැන හිතනවා නම් රෝම ඉවත් කිරීම ගැටළුවක් වෙන්නේ නැහැ. හැබැයි රෝම තිබුනත් පිරිසිඳුව හිටියොත් රෝම ඉවත් කරනවාට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ඒ හැර සම්පුර්ණයෙන්ම කපලා දානවට වඩා, ටිකක් විතර ඉතුරු වෙන්න කෙටි කරන එකත් ගැටළුවක් නැහැ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − five =

සබැඳි ලිපි

Back to top button
Close