කතෝලික පූජකයින් දහස් ගණනක් ළමුන් අපයෝජනය කළ බව හෙලිවේ.

ජර්මන් කතෝලික පූජකයින් දහස් ගණනක් ළමුන් අපයෝජනය කළ බව හෙලිවේ.
1946 සිට 2014 දක්වා කාලය තුළ වයස අවුරුදු 13 ට අඩු ළමුන් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධීන්ට සම්බන්ධ වූ ජර්මන් කතෝලික පූජකයන් 1670 ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත් ව තිබෙනවා.
මොවුන් විසින් 3,677 දෙනකු අපයෝජනයට ලක්ව ඇති බවට සැලකෙන්නේ යයි වාර්තා වුණා.
මෙසේ අපයෝජනයට ලක් වූ බොහෝ ළමුන් පිරිමි දරුවන් බවයි එම පර්යේෂණය විසින් හඳුනාගෙන ඇත්තේ.
ජර්මන් බිශොප්වරුන්ගේ සංසදය විසින් අනුග්‍රහය දක්වන ලද මෙම පර්යේෂණ කණ්ඩායමට ගීසල්, හීඩල්බර්ග් සහ මැන්හයිම් සරසවිවල පර්යේෂකයන් එක්ව සිටි බව ජර්මනියේ ඩෙයර් ස්පීගල් පුවත්පත බදාදා වාර්තා කළා.
මෙම වාර්තාව නිකුත් වන්නේ ඇමරිකාව, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව ආදී විවිධ රටවලින් කතෝලික පූජකයන්ට එරෙහි ලිංගික අපයෝජන පිළිබඳ චෝදනා එල්ල වන අතරවාරයේ යි.
ෆ්‍රැන්සිස් පාප්තුමා මේ පිළිබඳව මෑතකදී ඉතා තදබල ප්‍රකාශයක් නිකුත් කරමින් අපරාධ සැඟවීම නොකළ යුතු බව කියා සිටියා.
චාමර සුමනපාල