සමාජ

“කාන්තාවන්ගේ ඔසප් වීමෙන් බදු අය කරන රටක් මේක”

අපේ රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි කාන්තා ජනගහනය තමන්ගේ ජීවිත කාලෙයේ අනිවාර්යයෙන් අත්විඳින ආර්තවය, එහෙමත් නැත්නම් මාසික ඔසප් වීමෙන් මුදල් උපයන රටක පුරවැසියෙක් වීම ලැජ්ජාවක්

ලෝකයේ බොහෝ රටවල කාන්තාවන්ට සහ පාසල් යන ගැහැණු දරුවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා. අපි මේ කියන්නේ නිකං දෙන්න කියලා නෙමෙයි. මේ පනවලා තියෙන අධික බදු ඉවත් කරලා යම්කිසි විදියක සාධාරණ සහනයක් ලබා දෙන්න කියලයි. අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේත් මේ සඳහා තිබුනේ සියයට 12ක බද්දක් පමණයි. නමුත් ඒ බදු මුදලත් පහුගිය දිනෙක ඉවත් කරන්න ඉන්දියානු රජය කටයුතු කරලා තිබුණා.

– විමුක්ති දුශාන්ත රාවනාසිංහ
(සභාපති – අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය)


මේ රටේ ඉන්නේ මහ මෝඩ තකතීරු පාලකයෝ සහ ඒ අයටම ගැලපෙන බහුතර ජනතාවක් කියන එක කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සඳහා 100% ටත් වඩා පනවා ඇති බද්දෙන්ම තේරෙනවා. සංස්කෘතිය මහා ලොකුවට ඔලුව උඩ තියාගත්තු රටක ලිංගික අධ්‍යාපනය සහ ඒ ආශ්‍රිත අත්‍යවශ්‍ය දැනුම ගැන කතා කරනවා කියන්නෙත් මරණ තර්ජන එන්න පුළුවන් තරම් බරපතල කාරණාවක් වෙලා තියෙනවා.

සනීපාරක්ෂක තුවායක් කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න, කාන්තාවන්ගේ ඔසප්වීම කියන්නේ මොකක්ද කියලාවත් හරියට නොදන්න මිනිස්සු එක්ක අඩුම තරමේ මානුෂීය කාරණයක් ගැනවත් සංවේදී නොවන මිනිස්සු එක්ක සනීපාරක්ෂක තුවායයක බදු අඩු කිරීම ගැන කතා කරලා විසඳා ගන්න පුළුවන් තත්වයක් තියෙනවද කියන එකත් ලොකු ගැටළුවක්. කොහොම වුනත් මේ හැම දෙයකින්ම අන්තිමට පෙන්නේ මේ රටේ බහුතර මහජනතාව වගේම මේ තීන්දු තීරණ ගන්නා පාලකයන්ටත් හරි හමං ලිංගික අධ්‍යාපනයක් සහ සමාජීය දැනුමක් ඇත්තෙම නැහැ කියන එක සහ මින් ඉදිරියටවත් ලිංගික අධ්‍යාපනය සම්බන්ධව සුබවාදී දැක්මක්වත් නැහැ කියන එකයි. ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම නොවෙන්නේ අන්න ඒ නිසයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eight =

සබැඳි ලිපි

Back to top button
Close