දැනුම

බ්ලූ ෆිල්ම්ස් සහ පුරුෂ ලිංගයේ විශාලත්වය

අද කාලේ කොල්ලෝ වැඩිපුරම බ්ලූ ෆිල්ම්ස් බලලා ඒවායේ තියෙන විශාල පුරුෂ ලිඟු‍ දැකලා තමන්ට තියෙන පුරුෂ ලිංගය ඒවත් එක්ක සංසන්දනය කරන්න හදනවා. හැබැයි අපේ උන්ගේ ලිංගික අධ්‍යාපනයේ තරම කොච්චරක්ද කිව්වොත් ඒ තියෙන්නේ සාමාන්‍ය, ස්වභාවික පුරුෂ ලිංග නෙමෙයි කියන එක තේරුම් ගන්නවත් දැනුමක් නැහැ.

ෆිල්ම්ස් කියන්නෙම ඇස රැවටීමක්. ඉතින් බ්ලූ ෆිල්ම්ස් කියන්නෙත් ඇහැ රවටන, ලිංගික හැඟීමක් විතරක් උද්දීපනය කරන ෆිල්ම් එකක්, එහෙමත් නැත්නම් වීඩියෝ කෑල්ලක්. ඔය ෆිල්ම්ස් වල තියෙන පුරුෂ ලිඟු‍ බොහෝ විට ඉතාම විශාලයි. සමහර පුරුෂ ලිඟු‍ ලණු වගේ. නමුත් මේවා බලන ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ ඔක්කොම පට්ටපල් බොරු කියන එක. මොකද එහෙම විශාල පුරුෂ ලිඟු‍වක් සාමාන්‍ය මනුස්සයෙකුට ස්වභාවිකව පිහිටන්න විදියක් ඇත්තෙම නැහැ. එක්කෝ ප්ලාස්ටික් සැත්කමක් හෝ එවැනි වෙනත් සැත්කමක් කරලා පුරුෂ ලිංගය හදන්න ඕනේ. එහෙමත් නැත්නම් අංග රචනා ශිල්පියෙකු විසින් හදපු කෘත්‍රීම සිලිකන් හෝ රබර් පුරුෂ ලිඟු‍ සිරුරට සවි කරගෙන රංගනයේ යෙදීමක් වෙන්නත් පුළුවන්.

ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමේවත් දරුවන්ට පුරුෂ ලිංගය ගැන හරියට උගන්වලා තිබුනා නම් මේ වගේ තත්වයක් ඇතිවෙන්නේ නැහැ. එහෙම වුනා නම් බ්ලූ ෆිල්ම් එකක් කියන්නේ ඇත්තක් නෙමෙයි කියන එක ඔවුන් තේරුම් ගන්නවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 7 =

සබැඳි ලිපි

Back to top button