ලිංගිකත්වය

ලංකාවම භය ලිංගික විවිධත්වයේ කතාව

මේ සියලු දෙනාම මනුෂ්‍යයෝ. සමලිංගික, අලිංගික, සංක්‍රාන්ති ලිංගික මොන නමකින් හැඳින්වූවත් ඔවුන් මනුෂ්‍ය වර්ගයේ. හැබැයි බහුතරයක් ඔවුන්ට අපහස කරනවා. ඒ මොකද ඒ අයට වඩා වෙනස් ලිංගික අනන්‍යතාවයක් සහිත මිනිස්සු පිළිගන්න තරම් ශක්තියක්, දැනුමක් සහ අධ්‍යාපනයක් නොමැති කම නිසා. ගල් කාරයෝ, කොලු කාරයෝ, පොන්නයෝ වගේ අපහාසාත්මක වචන වලින් ඔවුන්ව හංවඩු ගහන්නෙත් ඒ අඩු අධ්‍යාපනයේ පල විපාක නිසා. කොහොම නමුත් අපි ඒ හැම කෙනෙකුටම මතකක් කරනවා ලිංගික විවිධත්වයක් සහිතව, වෙනස් ලිංගික අනන්‍යතාවයක් සහිතව ඉපදීම හෝ තමන්ට කැමති ලෙසකට ලිංගිකත්වය වෙනස් කරගැනීම අපරාධයක් නෙමෙයි කියන එක.


සමලිංගික ගැහැණු (Lesbian)

ගැහැනියක් ගැහැනියකට පමණක් ආදරය කිරීම හෝ ලිංගික හැසිරීම් පවත්වන ගැහැනුන් සමලිංගික ගැහැනුන් විදියට හඳුන්වන්න පුළුවන්. මොවුන් තුළ බොහෝ විට පිරිමි ගතිලක්ෂණ දකින්න පුළුවන්. ඇඳුම් පැලඳුම්, ක්‍රියාකාරකම් ඇතුළු සෑම දෙයක්ම පිරිමින්ගේ හැසිරීම්වලට නැඹුරුවක් දක්වනවා. සමහරවිට ඒවා පිටතට පෙනෙන්නටත් පුළුවන් නමුත් එසේ නොවන්නටත් ඉඩකඩ තියෙනවා. මේ සියල්ලම සිදුවෙන්නේ ශරීරයේ රසායනික ක්‍රියාවලි හෝ ජීවත් වන පරිසරයේ බලපෑම් මත. ඒ හැර සමලිංගිකත්වය කියන්නේ කිසිසේත්ම මානසික රෝගයක් නෙමෙයි.


සමලිංගික පිරිමි (Gay)

මොවුන්ගේ බාහිර සහ අභ්‍යන්තර ශාරීරික ව්‍යූහය බොහෝ විට සාමාන්‍ය පිරිමි ශරීරයකට සමානයි. නමුත් මොවුන් ආකර්ෂණය වන්නේ තවත් පිරිමි කෙනෙකුට විතරයි. ඒක ප්‍රේමනීය ආකර්ෂණයක්, ලිංගික ආකර්ෂණයක් හෝ ලිංගික හැසිරීමක් විදියට දක්වන්න පුළුවන්. සමහරවිට මොවුන්ගේ හැසිරීමේ කාන්තා ලක්ෂණ දකින්න පුළුවන්. කතා බහ, ඇවිදින විලාසය වගේම කැමති ලිංගික ක්‍රියාකාරකම් සහ ඇඳුම් පැලඳුම් පවා කාන්තාවන්ගේ පැත්තට වැඩි බරක් තියෙන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන්නත් පුළුවන්. මේ කියපු බාහිර ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඔවුන් තුළ තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ එකිනෙකාගේ කැමැත්තට, ලිංගික ආශාවට හෝ ඔවුන්ගේ සිරුරේ ක්‍රියාකරන රසායනික ක්‍රියාවලිය අනුව.


ද්වි ලිංගික (Bisexual)

විරුද්ධ ලිංගිකයන්ට සහ තමන්ගේ ලිංගයේම අයට එක විදියටම ආකර්ෂණය දක්වන අය, ලිංගික සම්බන්ධතා පවත්වන අය, ප්‍රේම කරන අය මේ වර්ගයට අයත් වෙනවා. ලෝකයේ වැඩිපුරම ජීවත් වන ලිංග වර්ගය මෙය බව පර්යේෂකයන් කියනවා. මොවුන් සමලිංගික ලෙස හඳුන්වන්න බැහැ. ඒ වගේම මොවුන් ගැහැනු හෝ පිරිමි වෙන්න පුළුවන්. නමුත් ද්විලිංගික සම්බන්ධතා වැඩිපුරම පවත්වන්නේ පිරිමි අය කියලා සමීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒකෙන් කියන්නේ ගැහැනු ද්වි ලිංගිකයන් අඩුයි කියලා නෙමෙයි. පිරිමි ද්වි ලිංගිකයන් ගැහැනු ද්වි ලිංගිකයන්ට වඩා අඩු වුණත් වැඩි වුණත් වැඩිපුරම ලිංගික සම්බන්දතා වලට යොමු වන්නේ පිරිමි ද්වි ලිංගික අය කියලයි.


සංක්‍රාන්ති ලිංගික (Transgender)

පිරිමියෙක් හෝ ගැහැනියක් විදියට ඉපදිලා කාලයක් ගතවෙනකොට ස්වාභාවිකවම ශරීරයේ ජීව රසායනික ක්‍රියාවලි නිසාලිංගිකත්වය වෙනස් වෙනඅය Transgender විදියටහඳුන්වනවා. නමුත් තමන්ගේලිංගික හැඟීම් අනුව,තමන්ගේ ස්වාධීන කැමැත්තටඅනුව පසු කාලීනව තමන්ගේලිංගිකත්වය කෘත්‍රිමව (සැත්කම් සහ ඖෂධ)මගින් වෙනස් කරගත්අය Transexual විදියටහඳුන්වනවා. මොවුන්එකම කුලකයක උප කුලකදෙකකට අයත් වුණත් අවසානයේ මේ අය එකම කුලකයක සාමාජිකයන් නිසාපොදුවේ මේ සියලු ම දෙනාහඳුන්වන්නේ සංක්‍රාන්තිලිංගික එහෙමත් නැත්නම් Transgender කියලයි.


අන්තර් ලිංගික (Intersex)

පිරිමි හෝ ගැහැනු සමලිංගික නොවන නපුංසක කාණ්ඩයටත් අයත් නොවන නමුත් රූපීයව සාම්ප්‍රදායික ලෙස ගැහැනියක්ද පිරිමියෙක්ද බැලූ බැල්මට හඳුනාගත නොහැකි පුද්ගලයින් අන්තර් ලිංගික කාණ්ඩයට අයත් වෙනවා. මොවුන්ගේ බාහිර රූපයේ ගැහැනු ලක්ෂණ සහ පිරිමි ලක්ෂණ දෙකම පවතිනවා. උදාහරණයක් ලෙස රැවුල වැවූ ගැහැනුන් ලෙස මොවුන් පෙනෙන්නට පුළුවන්. ඒ වගේම ඇඟ පසඟ කාන්තාවක ලෙස වුණත් මුහුණේ පිරිමි ස්වරූපයක් තියෙන්නට පුළුවන්. මොවුන්ගේ ලිංගික අවයව අර්ධව වර්ධනය වෙලා හෝ ස්ත්‍රී සහ පුරුෂ යන දෙකට අතරමැදි අවයවයක් ලෙස පිහිටන්නත් පුළුවන්. සමහරවිට එක් අවයවයක් ශරීරයෙන් පිටත සහ අනෙක් අවයවය ශරීරය තුළ පිහිටන්නත් පුළුවන්.


කුයර් (Queer)

LGBTIQ+ කාණ්ඩය තුළ සිටින පුද්ගලයින් අතරින් තමන්ගේ අනන්‍යතාව හුවා දැක්වීම සඳහා මෙන්ම විවිධත්වය පෙන්වීම සඳහා සහාය දැක්වීමට සිදු කරන්නාවූ කෘත්‍රීම වෙනස්කම් සහිත පුද්ගලයා මෙම නමින් හඳුන්වනවා. එම වෙනස්කම් සැත්කම් හෝ හෝමෝන ප්‍රතිකාර මගින් වෙන්න පුළුවන්. මේ අය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ස්ත්‍රී පුරුෂ භාවය හෝ ස්ත්‍රියගෙන් පිටත ලිංගික අනන්‍යතාවයන්ගෙන් එකක් මනසින්, තම ලිංගික අනන්‍යතාවය සලකන අයයි. ඔවුන් බොහෝ විට සාම්ප්‍රදායික ස්ත්‍රීත්වය යන ලේබලය ප්‍රතික්ෂේප කරනවා.


අලිංගික (Asexual)

ගැහැනු හෝ පිරිමි ලෙස ඉපදුනත් කිසිම ලිංගික හැඟීමක් නැති අය මෙම කාණ්ඩයට අයත් වෙනවා. ඔවුන්ගේ බාහිර අවයව ගැහැනු හෝ පිරිමි ලෙස පෙනෙන්නට තියෙන්නට පුළුවන් වුණත් ඔවුන්ට කිසිදු ලිංගික හැඟීමක්, ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන්නේ නැතිනම් ඔවුන් අලිංගිකයන් ලෙස හඳුන්වනවා. එම නිසා ඔවුන් ලිංගික ක්‍රියාවන්ට අකැමැත්තක් දක්වනවා. එවැනි පුද්ගලයෙකුට කෙතරම් ලිංගික උත්තේජනය වන දේවල් ඇති කළත් ඔවුන්ට ලිංගික උත්තේජනයක් ඇතිවෙන්නේ නැහැ. උදාහරණයක් විදියට, පිරිමියෙකු නම් ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වන්නේ නැහැ.


සර්ව ලිංගික (Pansexual)

මොවුන් සර්ව ලිංගිකයන් ලෙස හඳුන්වන්නේ ඕනෑම ලිංගික අනන්‍යතාවක් තියෙන කෙනෙකුට ලිංගිකව ආකර්ෂණය වීමට, ලිංගික සම්බන්ධතා පැවැත්වීමට මොවුන්ට පුළුවන් කම තියෙන නිසා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =

Back to top button
Close