සෞඛ්‍ය

සෙක්ස් කරන්න දත් වැදගත් ද?

බොහෝ අය ලිංගිකව එක්වෙනවා කියන්නේ ලිංගික සංසර්ගය කරනවා විතරක් නෙමෙයි. තොල් සිප ගැනීම, මුඛ සංසර්ග වගේ දේවලුත් කරනවා. එතකොට තමයි ලිංගික සෞඛ්‍ය වගේම මුඛ සෞඛ්‍යත් ලිංගික ක්‍රියා වලට වැදගත් වෙන්නේ.

මුඛය කියන්නේ නිතරම පිරිසිඳුව තියාගන්න ඕන දෙයක්. ඒක සාමාන්‍ය කාරනාවක්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න මුඛය සම්බන්ධ ලිංගික ක්‍රියා වලට පස්සේ දත් මැදලා මුඛය එහෙමත් නැත්නම් කට හොඳින් පිරිසිඳු කරන්න.

ඒ වගේම තොල් සිප ගැනීම වගේ ලිංගික ක්‍රියාවන්ට පෙර හොඳින් දත් මැදලා කට පිරිසිඳු කරගන්නත් අමතක කරන්න එපා. මොකද කටේ ජීවත් වන බැක්ටීරියා නිසා කටෙන් දුගඳක් හමන්න පුළුවන්. එහෙම වුනොත් තමන්ගේ සහකරු හෝ සහකාරියට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. කටේ දුර්ගන්ධය නිසා දික්කසාද වුනු අයත් නැතුවාම නෙමෙයි.

දත් ටික සහ කට ලස්සනට පිරිසිඳුව තියෙනවා නම් මුඛය සම්බන්ධ ලිංගික ක්‍රියා වලදී ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඕනෑම කෙනෙක් කැමතියි ප්‍රියමනාපව පිරිසිඳුව ඉන්නවා නම්. දත් පිරිසිඳු නොකර, දත් කැඩිලා, දත් දිරලා වගේ නම් ඒක තමන්ගේ සහකාරිය හෝ සහකරුට දැනෙනවා. ඒ නිසා කට පිරිසිඳුව තබා ගැනීම, දත් ආරක්ෂා කරගැනීම බොහොම වැදගත් දෙයක්. ලිංගික ක්‍රියා වලදී විතරක් නෙමෙයි. මුඛ සෞඛ්‍ය කියන්නේ මිනිසෙක්ට බොහොම වැදගත් දෙයක්. සෙක්ස් කලත් නොකලත් දත් ටිකයි, කටයි ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =

සබැඳි ලිපි

Back to top button
Close