සමාජ

හිරු TVඑක ළමයින් රැසක් සමූහ දූෂණය කරයි

හිරු සුපර් හීරෝ පාසල් යන වයසේ සිටින කුඩාම දරුවාගේ සිටම රංගන කුසලතා රියැලිටියට දායක වන වැඩ සටහනකි. මෙහි රඟපාන දරු දැරියන් සිය රංගනය සඳහා භාවිත කරනු ලබන සමහර කොටස් දරුවෙකුට නොගැලපෙන, දරුවන්ගේ වයසට නොගැලපෙන, ඒවායෙහි අර්ථයවත් නොදන්නා චිත‍්‍රපට දෙබස් සහ නාටකීය දෙබස්ය.

‘මල්සරාට ප්‍රේම ලෝකෙ මාළිගා තනා’ ගීතයට නර්ථනයක් එක් කළ දැරියක් මල්සාරාගේ දියණිය ලෙස රගපාන අතර එහිදී ඇය මෙසේ පවසයි.

“අපේ තාත්තගෙ උරුමය…. තාත්තා ඊතල විදලා විදලා පෙන්ෂන් ගියා”

එතැනින් නතර නොවන ජවනිකාවේ තැනක අවුරුදු 11ක පමණ, උසැති ගැහැණු ළමයෙකු සහ අවුරුදු හයක පමණ වූ පිරිමි දරුවෙකු වේදිකාවට එන්නේ අඹු සැමියන් ලෙස රගපාමිනි. ඔවුන් අතර කළහයකි.

‘අපේ දෙමව්පියො කිව්වා…. කිව්වා තමුසෙව මට ගැලපෙන්නෙ නැහැ කියලා’

පොඩි පිරිමි ළමයා කියනවා

‘ගැලපෙන්නෙ නැතිනම් මොන මගුලකටද ඕයි මගෙ පස්සෙන් එන්නෙ. යනවද නැද්ද’ කියලා
‘හා දැන් මම ද එතකොට පස්සෙන් එන්නෙ? මම යන්නෙ ඉස්සරහින්නෙ ඔයි තමුසෙනේ මගෙ පස්සෙන් එන්නෙ?’
‘අප්පද බොල ගෑනියෙක්ට උනත් වැඩිය නැමෙන්න හොඳ නැහැ. හැරෙන්න ඕනෙ අනිත් පැත්තට දැන් බලනවා ඕයි තමුසෙනෙ පස්සෙන් එන්නෙ’
‘පාරෙ යනකොට මිනිස්සුත් කිව්වා තමුසෙයි මමයි හතර රියනුයි දෙරියනුයි වගේ කියලා’
‘ෂිහ් අම්මපා මේ ගෑනි උසයි නෙ…. මට මේ ගෑනිගෙ හොම්බට දෙකක් අනින්න තිබ්බනම්’

කුඩා දරුවන් වේදිකාවේ බංකුවක ඉඳගෙන දෙන්නාට දෙන්නා ගසා ගනියි. මල්සරාගේ දියණිය ඊතලයක් විදියි. අනතුරුව කුඩා දරුවන් පෙම් වදන් මුමුණයි.

‘මේ මට පොඩ්ඩක් තරහා ගියා පැටියො’
‘කමක් නැහැ චෝදනාවෙත් රසයක් තියනවනේ’ යනුවෙන් පවසයි.

මා මේ දෙදෙනා රගපෑ චරිතවල දෙබස් උදාහරණයක් ලෙස ගත්තේ මේ කුඩා දරුවන් ලවා කියවනා මේ වචන වල ඇති ජුගුප්සා බව නිසාමය.

චන්න පෙරේරා, ස්වර්ණා මල්ලවාරච්චි, මහේන්ද්‍ර පෙරේරා යන අය මේ රියැලිටි තරඟයේ විනිසුරු අසුන්වල ඉඳගෙන සිටී. නිලේන්ද්‍ර දේශප‍්‍රිය සහ විරාජ් වැලිවත්ත මෙහි නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරුන් ය.

තරග විනිසුරුකරුවන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන්වත් මෙවැනි රියැලිටි වැඩ සටහන්වලට දායක කොට මෙවැනි වැඩිහිටි දෙබස් ළමයින්ගේ මුවගින් අසා විනෝද වන්නට සූදානම් ද ?

මහේන්ද්‍ර පෙරේරා රංගනය උගන්වන ගුරුවරයෙකි. චන්න රංගන ශිල්පියෙකි. ස්වර්ණා මේ රටේ දක්‍ෂ රංගන වේදිනියකි. ඇය පෙනී සිටින්නේ ද වඩා යහපත්ම දේ වෙනුවෙනි. මෙවන් අය මෙවැනි තරඟවල විනිසුරුවරුන් ලෙස අසුන් ගන්නේ මුදලට විය හැකිය. මුදලට වුවද ඔවුන්ද වක‍්‍රාකාරව මේ ළමා මනස් දූෂනය කරන්නට අනුබල සපයන්න්න් බවට කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය.

වර්තමාන සමාජයේ සාරධර්ම පිරිහීම් පිලිබඳ බොහෝ අය දිගින් දිගටම කතා කරන මොහොතක මේ රටේ පෞද්ගලික නාලිකා බොහොමයක් දරුවන්ගේ කුසලතා සොයා යන රියැලිටි වැඩසටහන් වලදී කරනු ලබන්නේ දරුවන් ගේ ළමා මනස දූෂ්‍ය කොට වයසට වඩා වැඩිහිටියන් බවට පත් කිරීමය.

ළමා රක්‍ෂණ අධිකාරිය ඇතුළු ළමා හා කාන්තා කාර්යාංශය මෙවැනි වැඩසටහන් සඳහා දරුවන් සහබාගී කිරීම මෙන්ම දරුවන් සඳහා වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව පමණක් නොව පාසල් යන දරුවන් සම්බන්ධව පාසලටත් මේ පිලිබඳ සොයා බලා කටයුතු කිරීමේ වගකීම් ඇත.

මේ සියල්ලන්ටම වඩා වගකීම ඇත්තේ දෙමව්පියන්ට බව අමුතුවෙන් සඳහන් නොකලද ටෙලිවිෂන් ආයතන මේ දරුවන්ගේ දෙමව්පියන්ව ජනප‍්‍රිය මායාවෙන් ඇද බැඳ දමා ඇත. තමන්ගේ දරුවන් ගේ රංගන කුසලතා හෝ නර්ථන ගායන කුසලතා අගය කළ යුත්තේ දරුවාගේ මනස විකෘති කිරීමෙන් නොවේ.


මනෝහාරී හේවාවසම්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eight =

සබැඳි ලිපි

Back to top button
Close