සෞඛ්‍ය

ඒඩ්ස් රෝගය ගැන මිත්‍යා මත බොහෝමයි

ඒඩ්ස් රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ලිංගික සම්බන්ධතාවලදී ය (යෝනි තරල හා ශුක්‍ර තරල මඟින්) මීට අමතරව ආසාදිත රුධිරය තැවරුණු සිරින්ජ, ඉඳිකටු වැනි තියුණු උපකරණ නැවත භාවිතයේ දී, රුධිර පාරවිලයනයේ දී හෝ ආසාදිත මවකට දාව සිදුවන දරු උපතකදී එම දරුවාට ඒඩ්ස් රෝගය ශරීර ගත විය හැක. එමෙන්ම ආසාදිත මවකගේ මව් කිරිවලද මෙම වෛරසය පැවතිය හැකිය.

මෙහිදී සිදුවන්නේ එම වෛරසය අඩංගු දේහ තරලයක් තවත් පුද්ගලයෙකුගේ ශ්ලේෂ්මල පටල සමඟ මිශ්‍ර වී, සමේ තුවාල වූ ස්ථානයකින් ඇතුල් වී හෝ සෘජුවම රුධිර ගත වීමෙන් එම පුද්ගලයා ආසාදිත තත්වයට පත් වීමයි. රුධිරය, ශුක්‍රාණු තරලය, යෝනි මර්ග තරලය සහ මව් කිරිවල මෙම වෛරසය අන්තර්ගත වන නමුත් ඛේටය, කඳුලු, දහදියහි අන්තර්ගත නොවේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයෝද ඒඩ්ස් වැළඳීමේ අවදානමක පසුවෙති. අසාදිත පුද්ගලයකුගේ රුධිරය අඩංගු තියුණු උපකරණයක් මඟින් සිදුවන හදිසි අනතුරක දී වෛරසය ශරීර ගත විය හැක. තවද ආසාදිත රුධිරය ඇස්වලට ඉසීමෙන්ද මෙය සිදුවිය හැක. නමුත් නිසි පරිදි ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය සහ සැළකිළිමත් වීම මඟින් මෙම අනතුරැ පහසුවෙන් වළක්වා ගත හැක.

අතට අතදීම, වැසිකිළි භාවිතය, පිඟන් කෝප්ප ආදිය හවුලේ භාවිතය වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කිසිවකදී රෝගය වැළඳීමේ කිසිදු අවදානමක් නොමැත. ආසාදිත රැධිරය මිශ්‍ර නොවූ ඛේටය, කඳුළු, දහදිය හෝ මළ මුත්‍රා මඟින් ද, මදුරුවන් වැනි රුධිරය උරා බොන කෘමීන් මඟින්ද, කිවිසුම් මඟින් වාතයෙන් ද ඒඩ්ස් රෝගය වැළදීමේ කිසිදු අවදානමක් නොමැත. තවද, සිප වැළඳ ගැනීමෙන් ඒඩ්ස් රෝගය බෝ නොවන අතර ආසාදිත පුද්ගලයාගේ මුඛයේ තුවාල පවතී නම් හෝ විදුරුමස් වලින් රැධිර වහනය වේ නම් පමණක් සිප ගැනීමේදී වෛරසය ආසාදනය විය හැකිය.

නවීන විලාසිතාවන් අතර ප්‍රමුඛ ස්ථානයක පවතින පච්ච කෙටීම් වලදී රෝග ව්‍යාප්තිය සිදුවිය හැක. එහිදී භාවිතා කරන උපකරණ නැවත නැවතත් භාවිතයෙන් හෝ නිසි පරිදි ජීවානුහරණය නොකිරීමෙන් ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුට ශරීර ගත විය හැක. නිසි පරිදි ජීවානුහරණයෙන් හෝ සෑම අවස්ථාවකදීම අලුත් උපකරණ භාවිතයෙන් රෝග ව්‍යාප්තිය අවම කර ගත හැක.

ආසාදිත පුද්ගලයෙක් මඟින් ඔබව පහුරු ගෑමකට ලක් වුවහොත් ඔබට රෝගය වැළඳේ ද?

නැත. එහිදී ඔහුගේ රුධිරය මිශ්‍රවීමක් සිදු නොවන නිසා රෝගය ආසාදනයේ හැකියාවක් නොමැත.

ඒඩ්ස් රෝගියෙකු ආහාරයට ගන්නා ලද ආහාරයක ඉතිරිය අනුභවයෙන්ද රෝගය වැළඳීමේ අවකාශයක් නොමැත. එම ආහාරයේ ආසාදිත රැධිරය යම් ප්‍රමාණයක් අඩංගු විය හැකි වුවද, ආහාර මාර්ගයේ දී ආමාශයික යුෂය මඟින් වෛරසය විනාශ කිරීම සිදු වේ.


ඒඩ්ස් මර්දන පුවත්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − four =

සබැඳි ලිපි

Back to top button
Close