සෞඛ්‍ය

පුරුෂ ලිංගයේ පෙරසම පසුපසට කරන්න බැරි වීම

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය හුඟක් වැඩි වෙන එක වාසියක් උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා බොහොම වැදගත් කොටසක්.

නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත්, ලිංගික එක්වීමකදී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි. අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ. අන්න ඒ ගැටලුව තමයි මේ පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ.

පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා ස්වයං වින්දනයෙදී වුනත් පසු පසට යන්න ඕනේ. පසු පසට යන්න ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ. නමුත් ශිෂ්ණ මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ. මොකද මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්ව “නූල (Frenulum)” කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා. ඒක බොහොම වැරදි මතයක්. මොකද ඔහොම පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම පස්සට යන්න. නමුත් බොහෝ අයගේ ඔය කොටස ශිෂ්නයේ ගෙල දක්වා පස්සට යන්නේ නැහැ. යන්නේ බොහෝම පොඩ්ඩයි. හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා .මෙම තත්වය සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ . මොකද Phimosis තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා . අපි දැන් මේ දෙක වෙන වෙනම බලමු.

1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)

අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා. කොටින්ම මේක ලියන මට කියවන උඹලාට වුනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා. නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 – 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ බහුතරයකගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා. පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව.

එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ. ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 – 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න. නමුත් දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේකට එක එක විකල්ප ගොඩාක් තියෙනවා. ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි කිව්වොතින් ඒ වෛද්‍යයවරයා යල් පැන ගිය කෙනෙක්. මොකද සාමාන්‍යය (Phimosis) තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ. යම් කෙනෙක් එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක්. මොකද අවුරුදු 18 – 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින් මාස 6 ක් වගේ යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ.මොකද ඉතාමත් සංවේදී කොටසක් වෙච්ච ශිෂ්ණ මුණ්ඩය සැත්කමට පස්සේ සදාකාලිකවම එළියට නිරාවරණය උනාම කලිසමේ ගැවුනත් ඇඟ කිලිපොලා යනවා. නමුත් මාස 6 ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා. නමුත් එයින් සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ.

 

2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)

මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ. ඒ වගේම මේක රෝගී තත්වයක්. මේකෙදි වෙන්නේ පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම. ඝන වීමකට ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා. ඒ වගේම දැනටමත් පෙර සම පසු පසට ඇදීම සිදු වෙන කෙනෙක්ට උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්.

මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි. BXO තත්වය ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ විවිධ ආලේපන වර්ග නිසා දිලීර ආසාධනයක් වුනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන්.

මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම විසඳුම තමයි සුන්නත් කිරීම. කලින් කිව්ව අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ.

Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා. මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ධ එක. ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු.ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ. හුඟක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා. ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම්.

මෙන්න මෙහෙමයි Paraphimosis තත්වයකදී ශිෂ්නයේ ස්වභාවය

 


Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා. ඒකට කියන්නේ Frenulum breve කියලා. Frenulum breve කියලා කියන්නේ නූල කෙටි වීම. ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා. පහළින් දාලා තියෙන රූපය බලන්න එතකොට තවත් අවභෝද වේවි.

නූල (Frenulum) කියන්නේ මොකක්ද? ඒකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ ආශ්‍රිත රෝගී තත්ත්ව මොනවද කියලා අපි කලින් සටහනකට කතා කළා. පහල බට්න් එකෙන් ඒ ලිපිය ඔයාලට කියවන්න පුළුවන්.

මේ ලිපියේ ඊළඟ කොටසින් අපි කතා කරමු,

මේ රෝගයට විසඳුම් මොනවාද?

මේ සඳහා තියෙන ව්‍යායාම මොනවාද? කියන කරුණු.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =

සබැඳි ලිපි

Back to top button