සෞඛ්‍ය

දරුණු ලෙස රිදවීමෙන් හෝ රිදවා ගැනීමෙන් ලිංගිකව සතුටු වීම

ජානමය හෝ පෞරුෂ ගැටළු නිසා ඇතිවන මේ වගේ අස්වාභාවික තත්ත්ව වලට අපි කියනවා ලිංගික අවවර්ත කියලා. මේ තත්වය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කරමු.

තමන්ගේ සහකාරියට පහර දෙමින් හෝ විවිධ හිරිහැර වධ හිංසා කරලා ලිංගිකව සතුටු වෙන පිරිමි.

මේ වර්ගයේ අය සතුටු වෙන්නේ තමන්ගේ සහකාරිය (හෝ සමලිංගික සහකරු) වේදනාවට පත්වන තරමටයි. ඒ කියන්නේ තමන්ගේ සහකාරියට හෝ සහකරුට වේදනාව වැඩියි නම් මේ අයගේ ලිංගික තෘප්තියත් වැඩියි. වේදනාවෙන් කෑ ගැසීම, වේදනාත්මක හැඟීම් දැකීම ඔවුන්ගේ තෘප්තියයි. බොහෝ විට මේ තත්වය ඇතිවෙන්නේ පිරිමි උදවියටයි. කාන්තාවන්ටත් නැතුවම නෙමෙයි. මේ තත්වය හඳුන්වන්නේ පරපීඩක කාමය නමින්.

සමහර විට කුඩා වේදනාවක් නම් ඒකෙන් සහකරු හෝ සහකාරිය තෘප්තිමත් වෙන අවස්ථාත් තියෙනවා. නමුත් ඉතා දරුණු ලෙස පරපීඩක කාමය තත්වය පවතිනවා නම් හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනම තත්ත්වයක්.

පරපීඩක කාමයෙන් පෙලෙන සහකරුවෙකු නිසා නිතර වේදනාවට සහ හිංසාවට ලක්වෙන කාන්තාවන් විශාදය රෝගයට පත්වීමට බොහෝ ඉඩකඩ තියෙන නිසා මෙවැනි අවස්තාවලදී දෙදෙනාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වීම බොහොම වැදගත් වෙනවා.

සහකරු හෝ සහකාරිය ලවා තමන් වේදනාවට පත්කරගෙන සතුටු වන පිරිමි හෝ ගැහැණු

මේ වර්ගයේ අය සතුටු වෙන්නේ තමන්ගේ සහකාරිය හෝ සහකරු ලවා තමන්ව අධික වේදනාවකට ලක් කරගෙන. මේ තත්වය හඳුන්වන්නේ ස්වපීඩක කාමුකත්වය කියලයි. මේ තත්වයත් කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩියි. විශේෂයෙන්ම සමලිංගික අය අතරේ මේ තත්වය වැඩි බවක් දකින්න ලැබෙනවා.

මේ තත්වය තිබෙන අය බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අත් කකුල් බැඳ තමන්ව බලහත්කාරයෙන් දූෂණය කරන ආකාරයට වේදනා විඳීමටයි. මෙහිදී වේදනාව වැඩි වෙනකොට ඔවුන්ගේ ලිංගික තෘප්තියත් වැඩි වෙනවා.

මේ වගේ අවස්ථාවලත් යුවලම මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත් වෙනවා.

මේ දෙකම එකට

පරපීඩක කාමය සහ ස්වපීඩක කාමය යන දෙකම එක පුද්ගලයෙකුට තිබෙන අවස්ථාත් තියෙනවා…. එම තත්වය වෛද්‍ය විද්‍යාත්මකව sado-masochism ලෙසින් හඳුන්වනවා. මේ තත්වය නිසා ආදරයෙන්, ප්‍රේමනීය ලෙස ලිංගික එක්වීම ඔවුන්ට අහිමි වෙනවා. ඒ කෙසේ වුවත් මෙවැනි තත්වයක් පවතින අය හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම වඩා වැදගත් වෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =

සබැඳි ලිපි

Back to top button