සෞඛ්‍ය

පෙරසම පිටුපසට කරන්න බැරි අයට ඒ තත්වය මගහරවා ගන්න ව්‍යායාමයක්

මේ ලිපිය කොල්ලන්ට

පෙර සම පිටුපසට නොවීමේ Phimosis රෝගී තත්වය ගැන අපි පහුගිය සටහනකින් කතා බහ කළා.

ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මුලින්ම ඒ ලිපිය කියවලා ඉන්න. (පහත බට්න් එක click කරන්න)

අපි පොරොන්දු වුනා පෙර සම පිටුපසට කරන්න බැරි අයට ක්‍රම ක්‍රමයෙන් පෙර සම පිටුපසට කරගන්න උදව් වෙන ව්‍යායාමයක් ගැන විස්තර කරනවා කියලා. මේ සටහන ඒ ගැන.

1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා. හොඳට මතක තියාගන්න පසුපසට නෙමෙයි, ඉදිරියට. එහෙම කරන්න කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා…. එපා…. එපා…. ගිහින් වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න.

2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel).

3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න.

4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන ඉඳිද්දිම පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න. ඇතුලට අත ඔබලා මේක කරන්න යන්න එපා තුවාල වෙන්න පුලුවන්. තුවාල වුනොත් ඊට වඩා ලොකු ගැටළුවක් ඇතිවෙන්න පුළුවන්.

5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න. මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකම් පසු පසට අදින්න. හොඳට මතක තියාගන්න යන්තම් කැක්කුම එනකම් විතරයි. දමලා අදින්න එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්. එහෙම යන්තම් කැක්කුම එනකම් ඇදලා ඒ ඇදපු තැන නවත්තගෙන අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ නැවත අත හරින්න.

6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න. මේ විදිහට දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් වෙච්ච ප්‍රමාණයට වඩා අද පස්සට ගන්න පුලුවන් බව.

සැලකිය යුතුයි –

මේකට ඉවසීම තියෙන්න ඕනේ. අනික මේක මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති අප්‍රාණික අවස්ථාවේදි කරන්න. හෙමින් හෙමින් පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි. එතකොට ටිකෙන් ටික ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි. අනික තමයි පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන්. මේකෙදි කරන්නේ අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක. එහෙම ඇදීමකට ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 10 =

සබැඳි ලිපි

Back to top button