දැනුම

ලිංගික උත්තේජනය වැඩි කර බොහෝ රෝග නසන ලොකු ළූණු

අප සකස් කර ගන්නා ආහාර බොහෝමයකට අමතර සුවිශේෂී රසයක් එක්කර ගැනීම සඳහා ළුණු භාවිතා කරනවා. ළුණු මගින් ආහාර රසවත් කරනවා සේම ශරීරයට සෞඛ්‍යය වාසි බොහෝමයක්ද අත්කර ගන්නට පුළුවන්. මේ නිසා රස මෙන්ම ඖෂධීය ගුණ බොහෝමයකින් යුත් ළුණු දිනපතා ආහාර සඳහා එක්කර ගත යුතුම අමුද්‍රව්‍යක් ලෙසටයි සැලකෙන්නේ.

ප්‍රභල ප්‍රතිජීවක ගුණයන් මෙන්ම ප්‍රතිපූතික ගුණයන් සහ සල්ෆර් වලින් පොහොසත් වන ළුණු මගින් සපයා ගත හැකි සෞඛ්‍යය වාසි කිහිපයක්

රක්තහීනතාවය දුරු කිරීම

ළුණු තුල අන්තර්ගත වන යකඩ ප්‍රතිශතය වැඩිවීම නිසා රක්තහීනතාවයට සාර්ථක ඖෂධයක් වනවා. ඔබ දිනපතා මධ්‍යයම ප්‍රමාණයේ ලොකු ළුණු ගෙඩි භාගයක් ආහාරයට ගන්නවා නම් රක්තහීනතාවය දුරු කර ශරීරයේ අහිතකරවන කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස පාලනය කර හෘද්‍යාබාධ වලින්ද ආරක්‍ෂාව සලසා ගන්නට පුළුවන්.

ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාර කිරීම

කැලරි වලින් අවම තන්තු වලින් පොහොසත් යකඩ, පොටෑසියම්, විටමින් C සහ වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක අන්තර්ගත වන ලොකු ළුණු දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේලට එක්කල යුතුම අමුද්‍රව්‍යක් ලෙස වෛද්‍යවරුන් පවා තහවුරු කර තිබෙනවා.

ඔසප් සමයේදී ඇති වන මාංශ පේශී පෙරලීම්

ඔසප් සමයට ලංවන කාන්තාවක් තමාගේ ඔසප් චක්‍රයක් ආරම්භ වීමට දින හතරකට පමණ පෙර සිටි ලොකු ළුණු ආහාරයට ගන්නවා නම් ඔසප් සමයේදී ඇති වන මාංශ පේශී පෙරලීම වැනි සංකූලතා වලට යම් සහනයක් සලසා ගන්නට පුළුවන්.

ලිංගික උත්තේජනයක් ලබා දීම

ලොකු ළුණු තුල අතර්ගත වන “allicin” නමැති සංයෝගය මගින් ශරීරයේ රුධිර සංසරණයට සිදු කරනු ලබන උත්තේජනය නිසා ලිංගික අවයව කරා රුධිරය සංසරණය වීම වේගවත් වනවා. මේ නිසා ලිංගිකව එක්වන අවස්ථාවක ලිංගික උත්තේජනය තරමක් දුරට ස්වභාවිකව වර්ධනය කර ගන්නට පුළුවන්.

හිස්හොරි දුරු කිරීමට

ලොකු ළුණු යුෂ සතිකට දෙවතාවක් මාස දෙකක කාලයක් හිස්කබල මත ආලේප කිරීම මගින් හිස්හොරි පාලනය කර ගත හැකි බව අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. හිස්හොරි පාලනය කිරීමට අමතරව මෙමගින් හිසකෙස් නිසි ලෙස නැවත වර්ධනයද වේගවත් කර ගන්නට පුළුවන්.

සුවදායක නින්දක් ලබාදීම

ලොකු ළුණු තුල අනතර්ගත වන “Phyto Chemical” මගින් බොහෝ දෙනා පීඩාවට පත්කරන නින්දේදී ඇති වන සෞඛ්‍යය ගැටළු බොහෝමයකට සුවය සලසනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට කිරීම

ලොකු ළුණු තුල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලය මගින් ශරීරයේ අනතර්ගත වන විෂ සහිත සංඝටක ඉවත් කර “Phyto Chemical” මගින් විටමින් C වල ක්‍රියාකාරීත්වය නිසි ලෙස වර්ධනය කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කරන බවට අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා.

සම පැහැපත් කිරීම

විටමින් C වලින් පොහොසත් ලොකු ළුණු මගින් සමේ ඇති වන ඉරිතැළුණු ස්වභාවය සහ අවර්ණවත් ස්ථාන සුවපත් කරනු ලබනවා. මේ සඳහා ලොකු ළුණු ආහාරයට ගැනීමත් යුෂ සම මත ආලේප කිරීමත් වැදගත් වනවා.

ඔබත් ලොකු ළුණු ආහාරයට ගැනීමේ පුරුද්දක් ඇති කර ගන්න එවිට ඔබේ රුධිරය පිරිසිදු කර ඉහත සඳහන් කරන ලද සෞඛ්‍යය වාසි ඇතුළුව සෞඛ්‍යය වාසි බොහෝමයක් අත්කර ගන්නට පුළුවන්.


පරිවර්තනය – සසිඳු චතුරංග (Healthtips)

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 10 =

සබැඳි ලිපි

Back to top button