ලිංගිකත්වය

ලිංගික එක්වීමකදී කාන්තාවන්ගේ ප්‍රධාන ලිංගික ගැටළු

ලිංගික එක් වීමකදී කාන්තාවන්ට තියෙන ප්‍රධාන ලිංගික ගැටළු කිහිපයක් ගැන අපි සාකච්ඡා කරන්න හිතුවා.

  1. ලිංගික ක්‍රියාවන් අප්‍රිය වීම ලිංගික ක්‍රියාවන්ට යොමු වුනත් ඒවායින්
  2. කිසිඳු උත්දීපනයක් සිදු නොවීම සහ සුරාන්තය කරා නොපැමිණීම
  3. ලිංගික ක්‍රියාවලිය ඉතා වේදනාකාරී වීම

කියන ගැටළු තුන ගැන අපි වැඩි අවධානයක් යොමු කරමු.

ලිංගික ක්‍රියාවන් අප්‍රිය වීම

ලිංගික ක්‍රියාවන් අප්‍රිය වීම නොයෙක් හේතු නිසා සිදුවෙන්න පුළුවන්.
උදාහරණ ලෙස, මානසික ආතතිය, විශාදය, ශාරීරික තෙහෙට්ටුව, ගර්භනීභාවය හෝ ආර්තවහරණය වැනි අවස්ථාවලදී රුධිරයේ හෝමෝන මට්ටම වෙනස් වීම නිසා, අතීතයේදී ඇතිවුණු අහිතකර ලිංගික අත්දැකීම් හෝ වෙනත් සම්බන්දතා නිසා ඇතිවුණු ගැටළුද මේ සඳහා බලපාන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී ලිංගික ක්‍රියාවන්ට ඇති බලවත් අකමැත්ත නිසා ලිංගික සහකරු තමන්ගේ සහකරියව අනවශ්‍ය ලෙස සක කිරීමද විය හැකි තත්වයක්. එවැනි අපැහැදිලි තාවයන් නිසා පවුල් ජීවිතයක් නම් එම සම්බන්ධතා වලට නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.

ලිංගික ක්‍රියාවන්ට යොමු වුනත් ඒවායින් කිසිඳු උත්දීපනයක් සිදු නොවීම සහ සුරාන්තය කරා නොපැමිණීම

සෑම කාන්තාවක්ම ලිංගික ආශ්වාදය ලැබීම සඳහා සුරාන්තයට යාම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ලිංගික එක්වීමකදී කාන්තාවක් සුරාන්තයට පත්නොවීම එම කාන්තාවට මෙන්ම ඇයගේ ස්වාමි පුරුෂයාටද ගැටළුවක් වෙන්න පුලුවන්. මොකද තම සහකාරියට සතුටක් ලබාදීමට නොහැකිවීම ගැන සහකරු සිතන්නට පටන් ගැනීම ඔහුටත් ගැටළුවක්. නමුත් පෙර සූදානම් ලිංගික ක්‍රියාවන් මඟින් තම සහකාරියව සතුටු කිරීමෙන් පසුව (ස්පර්ශ කිරීම, වැළඳ ගැනීම, සිප ගැනීම වැනි….) ලිංගික සංසර්ගයේ යෙදීම පුරුෂයාගේ යුතුකමක්.

වැජිනිස්මස් හෙවත් ලිංගික සංසර්ගයේදී ඇතිවන වේදනාව

මෙම අවස්තාවේදී කාන්තාවකගේ යෝනි මාර්ගය අවට පේශී තද වීම සහ හැකිලීම නිසා ලිංගික සංසර්ගයේදීකාන්තාවට තද වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. එවිට යෝනි මාර්ගය තුලට පුරුෂ ලිංගය ඇතුළු කිරීම කෙසේ වෙතත්, ඊට වඩා කුඩා ඇඟිල්ලක් පවා ඇතුලු කල නොහැකි තත්වයක් හටගන්නට පුළුවන්.

විවිධ මානසික හේතු, ලිංගික ක්‍රියාවන්ට ඇති භය, ගැබ් ගනීවි යයි සිතීම නිසා ඇතිවන අනවශ්‍ය භය, සබඳතා වල ගැටළු, යෝනි මාර්ගයේ ආසාදන වැනි හේතුන් මීට බලපාන්නට පුළුවන්. (මේ සියලුම කරුණු ගැන ඉදිරියේදී සවිස්තරාත්මකව ටිකෙන් ටික සාකච්ඡා කරන්ට අපි බලාපොරොත්තු වන්නෙමු)

මෙවැනි ගැටළු උපදේශනය (Counselling), ලිංගිකත්වය පිලිබඳ දැනුවත් කිරීම් සහ මාංශ පේශී ලිහිල් කිරීමේ ව්‍යායාම හරහා සමනය කල කරන්නට පුළුවන්.

එසේ යෝනි මාර්ගය හැකිලීමේ අවස්තාවන් හැර ලිංගික සංසර්ගයේදී ඇතිවන වේදනාව, ආර්ථවහරනයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා සිදුවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී යෝනි මාර්ගය අධික වියලි බවක් ගන්නවා. ඊට පිළියමක් විදියට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත්, ලිංගික සංසර්ගයේ පහසුව සඳහා භාවිතා කරන gel වර්ග ෆාමසි වලින් මිලදීගෙන, යෝනි මාර්ගයේ සහ සහකරුගේ ශිෂ්ණයේ ආලේප කර ලිංගික එක්වීමත් ලෙස දක්වන්නට පුළුවන්.

ලංකාවේ මෙන්ම සමස්ථ ලෝකයේම කාන්තාවන් විශාල ප්‍රමාණයකට නිතරම ලිංගික ගැටළු මතු වුනත්, ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීමට ඇති බිය සහ ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් නිහඬව දුක් විඳිනවා. බොහෝ විට මෙවැනි අවස්ථාවලදී තමන්ගේ රෝගයට ඉතා සමීප වෙනත් රෝගයක් ගැන කියා බෙහෙත් ලබාගන්නා අවස්ථාද තියෙනවා. සමහරවිට වෛද්‍යවරයාට සැක සිතී රෝගය ගැන විමසන තෙක්ම බොහෝ කාන්තාවන් නිහඬව සිටිනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =

Back to top button
Close