දැනුම

පෙට්ටිය හෙවත් කන්‍යා පටලයේ කතාව

අද කාලේ කොල්ලෝ කෙල්ලෝ සරල කතා බහේදී පෙට්ටිය කියලා හඳුන්වන කන්‍යාපටලය පිහිටලා තියෙන්නේ කාන්තාවකගේ යෝනි මාර්ගයේ. මේක බොහොම සියුම් කුඩා සිවියක් නමුත් සමහර කාන්තාවන්ගේ මෙය ඉතා සවිමත් පටලයක් වන අවස්ථාත් නැතුවම නෙමෙයි. සාමාන්‍යයෙන් කාන්තාවක් පළමු වතාවට ලිංගිකව එක්වීමේදී මෙම සිවිය කැඩෙනවා. (අන්න ඒකටයි සිංහල රස්තියාදුකාර භාෂාවෙන් පෙට්ටිය කැඩෙනවා කියලා කියන්නේ.) එතකොට යම් ප්‍රමාණයක් රුධිරය පිටවීම සිදුවෙනවා.

කන්‍යා පටලය මඟින් කන්‍යා භාවය තීරණය කිරීමකදී හැර ශාරීරික කෘත්‍යකට හෝ වෙනත් ප්‍රයෝජනයක් මේ කොටස මගින් ඉටුවෙන්නේ නැහැ.

ලංකාවේ තියෙන සංස්කෘතික සාමප්‍රදායික පරිසරය තුල තවමත් කන්‍යා පටලය මත කාන්තාවකගේ පිරිසිඳු කම තීරණය කරනවා. නමුත් සාමාන්‍ය කතාබහේදී කන්‍යා පටලය ලෙස යොදා ගත්තොත් කන්‍යා පටලය යන වචනයේ තේරුම නොදන්නා කොටසකුත් මේ සංස්කෘතික සමාජය තුල ඉන්නවා.

සමහර අවස්ථාවල මෙම කන්‍යා පටලය උපතින්ම නොපිහිටන අවස්ථාවන් තිබෙනවා. ඊට අමතරව දැරිවියන්, නව යොවුන් වියේ සහ වැඩිහිටි තරුණියන් විවිධ ක්‍රම හරහා ස්වයං වින්දනය ලබාගැනීමට ඇඟිල්ල, පැන්සල් පෑන්, වම්බටු, කැරට්, බෝතල් වල කට කොටස, රබර් හෝ ප්ලාස්ටික් වලින් සැදු කෘතීම පුරුෂ ලිංග, පර්යේෂණාගාර වල වීදුරු නළ වැනි දෑ ඇතුලත් කර ගැනීමට යාම නිසාත් කන්‍යා පටලයට හානි සිදුවෙනවා.

විශේෂයෙන්ම ඒවා අතරින් වීදුරු නළ වැනි අනතුරුදායක දේවල් ඇතුලත් කරගැනීමට ගොස් ඒවා බිඳී කන්‍යා පටලයට යෝනි මාර්ගයට, යෝනි තොල් වලට පවා බරපතල හානි සිදුවී මරණය පවා ඇතිවෙන්න පුළුවන්.

ලිංගික ක්‍රියාවන්ගෙන් සහ ස්වයං වින්දනයෙන් තොරව මෙම පටලයට හානි ඇතිවෙන අවස්ථාත් තියෙනවා. ඒ තමයි සමහර ශාරීරික ව්‍යායාම. ඒ මොන දේ සිදු වූවත් Hymenorrhaphy නම් ශල්‍යකර්මය මගින් කන්‍යා පටලය බිඳී යාම යතා තත්වයට පත් කරන්නට පුළුවන්.

කාන්තාවකගේ යෝනි මාර්ගය තුල කන්‍යා පටලයේ පිහිටීම

කන්‍යා පටලයේ මතුපිට ස්වභාවය අනුව

  1. සාමාන්‍ය කන්‍යා පටලය
  2. සිදුරු රහිත කන්‍යා පටලය
  3. ක්ෂුද්‍ර සිදුරු සහිත කන්‍යා පටලය
  4. සිදුරු සහිත සහිත කන්‍යා පටලය
  5. පටි වැනි කන්‍යා පටලය
  6. රැළි සහිත කන්‍යා පටලය
  7. අඩ සඳ වැනි කන්‍යා පටලය

ව්දියට හඳුන්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ප්‍රථම ලිංගික එක්වීමේදී කන්‍යා පටලය පිහිටන කාන්තාවකගේ නම් එය කැඩී රුධිරය පිට වෙනවා. නමුත් කුඩා යෝනි මාර්ග ඇති කාන්තාවන් හෝ කුඩා දරුවන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමේදී එම ක්‍රියාවේ යෙදෙන පුරුෂයාගේ ශිෂ්ණයේ මුණ්ඩයට හානි (තුවාල) සිදු වෙන්නට පුළුවන්. කුඩා දැරියන්ව දූෂණය කරන ලද අවස්ථාවලදී අපරාධකරු සොයාගැනීමට එම තුවාල එක් සාධකයක් විදියට අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී සලකා බලනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + seventeen =

සබැඳි ලිපි

Back to top button
Close