දැනුම

ලිංගිකව එක්වීම ඔබට වේදනාකාරියි ද….?

ඔබ හෝ ඔබගේ සහකරු හෝ සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාමයි.

වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා අනෙක් ගැටළු ඇති වන බැවිනි. මෙහිදී අප පළමුවෙන්ම මානසික ගැටළු පිලිබඳ සාකච්ඡා කරමු.

වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු

  • ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත
  • සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය
  • තම සහකරු පිළිබඳව ඇති සැකය / අවිශ්වාසය

ඉහත කී කරුණු නිසා, ඒවා ගැන අධිකව සිතීම නිසා ඒ හරහා ශාරීරික අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීම, යෝනි ශ්‍රාවයන් නිපදවෙන්නේ නැති වීම මඟින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්ණය සමඟ රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි.

මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී)

  • මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් නිසා සංසර්ගය සිදුවේ. එවිටද යෝනි ශ්‍රාවයන් නොමැති වීම නිසා යෝනිය ලිහිසිකරනය වීමද නවතියි.

වේදනාකාරී සංසර්ගයට හේතු වන ශාරීරික ගැටළු

  • සමාජ රෝග
  • යෝනි මාර්ග ආශ්‍රිත ආසාදන
  • ගැබ් ගෙල ආශ්‍රිත ගැටළු
  • ගැබ් ගෙල ප්‍රදාහයන්
  • ඇතැම් මෛථුන්‍ය ඉරියව් නිසා ශිෂ්නය ගැබ් ගෙලෙහි තදින් වැදීම (Doggy ඉරියව්වේදී ශිෂ්ණය යෝනි මාර්ගයේ ගැඹුරටම ගමන් කරයි)
  • ගැබ් ගෙල පිළිකා
  • ගර්භාෂ ගත ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) ආදිය නිසා
  • එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය
  • හෝමෝන අසමතුලිතතාවය
  • ආර්ථවහරණය
  • පැලෝපීය නාල තුළ සිදුවන ගැබ් ගැනීම්
  • ඩිම්බ කෝෂ වල ඇතැම් ගැටළු
  • යෝනි මාර්ග තුළ ඇතිවන ඇතැම් තුවාල ආදිය
  • දරු ප්‍රසූතිය
  • දරු ප්‍රසූතියක් ළඟ සිදු වූ පසු සිදුකරන ලිංගික එකතුවීම්.

ඔබත් මෙවන් වේදනාකාරී සංසර්ගයක් අත්විඳින්නේ නම් වහාම ප්‍රසව හා නාරි වෛද්‍ය වරයෙකු හමුවන්න. මෙහි ඇති බොහෝ තත්ත්වයන් සුළු ප්‍රතිකාර තුළින් සමනය කරගත හැකිය. සමාජ රෝග, පිළිකා තත්ත්ව සහ වෙනත් දරුණු ආසාදන සහ රෝගී තත්ත්ව හැර අනෙක් කරුණු ගැන බරපතලව සිතා මානසික පීඩනයක් ඇතිකර නොගන්න.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =

සබැඳි ලිපි

Back to top button
Close