දැනුම

ස්වයං වින්දනය ගැන මෙන්න දැනගන්න

ස්වයං වින්දනය ගැන නොදන්නා නව යොවුන් වියට පසු තාරුණයේ සහ වැඩි වියේ කෙනෙක් හොයාගන්නවත් පුලුවන්ද? මොකද ස්වයං වින්දනය කියන්නේ හැමෝම දන්න සාමාන්‍ය කාරණාවක්.

හැමෝම ස්වයං වින්දනය කලාට, බහුතරයකගේ හිතේ කුකුසක් එක්ක තමයි ස්වයං වින්දනය කරන්නේ. මොකද කට කතා, බොරු මතවාද නිසා ඒ අයගේ හිතේ බයක් තියෙනවනේ.

sexedu.lk

01 – කොල්ලෝ ස්වයං වින්දනයේ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද ?

ඔය කට කතාවේ ඇත්තක් නැත්තක් බලන්නේ නැතුව කතාව පතුරුවන්නේ කෙට්ටු කොල්ලෝ. හැබැයි මහත අය දන්නවා කොයි තරම් අත පාවිච්චි කලත් කෙට්ටු වෙන්නේ නැහැ කියලා. හැබයි ඔය අතරේ මහත සමහරු කියනවා මහත් වෙන්නත් ස්වයං වින්දනය හේතුවක් කියලා.

ඇත්තම කිව්වොත් ස්වයං වින්දනයේ යෙදුනා කියලා කෙට්ටු වෙන්නෙවත්, මහත් වෙන්නෙවත් නැහැ. ඒක අමූලික බොරු කතාවක්. ඒක තමන්ගේ ඇඟේ පතේ හැටියට හදාගත්තු සංකල්පයක් විතරයි. අනික ඔය වගේ ප්‍රචාරයක් වැඩිපුරම යන්නේ කොල්ලෝ හරහා. මොකද කෙල්ලෝ ස්වයං වින්දනයේ යෙදුනත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ.

ස්වයං වින්දනයේ යෙදුනම කෙට්ටු වෙනවා නම් ඇඟ හදාගන්න තියෙන ජිම් ටික වහලා ස්වයං වින්දන මධ්‍යස්ථාන පටන් ගන්න අපේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නෑ.

sexedu.lk

02 – අධික විදියට ස්වයං වින්දනයේ යෙදීම ගැටළුවක්ද?

ගැහැණු පිරිමි භේදයකින් තොරව වැඩිපුර ස්වයං වින්දනයේ යෙදෙන එක ගැටළුවක් නම් වැඩිපුර සංසර්ගයේ යෙදෙන එකත් ගැටළුවක් වෙන්න එපැයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් ගැන ඔයාලා අහලා නෑනේ…. නේද?

වැඩිපුර ස්වයං වින්දනයේ යෙදුනම ශරීරයේ මස් පිඩු ක්‍රියා කිරීම වේගවත් වෙනවා වගේම, අපි හුස්ම ගන්න වේගයත් ඉහල යනවා. මේකත් එක විදියක ව්‍යායාමයක් තමයි. දවසකට යන්තම් ව්‍යායාම කරලා ශේප් වෙන කෙනෙකුට නම් ස්වයං වින්දනය ඒ ව්‍යායාමයට වඩා යහපත් වෙන්නත් පුළුවන්. මොකද හොඳ රුධිර සංසරණයක් පවත්වාගෙන යන්න, හදවතේ ගැස්මට ස්වයං වින්දනය උදව් වෙනවා.

sexedu.lk

03 – ස්වයං වින්දනය කිරීම නිසා වඳ භාවයට පත් වෙනවද?

ඒකත් බොරුවක්. වෛද්‍ය විද්‍යාත්මකව එහෙම වෙන්නේ නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා. එහෙම වුනා නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙච්චර වැඩි වෙන්නේ නෑනේ.

sexedu.lk

04 – ස්වයං වින්දනය කිරීම රෝගයක් ද?

සාමාන්‍යයෙන් කෙනෙක් ස්වයං වින්දනය කරන්නේ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවයක් ඇති වුනාම. එහෙම අවශ්‍ය තාවයක් ඇතිවෙන්නේ බොහෝ විට නිරෝගී වුනාම. රෝගී අවස්ථාවලදී ස්වයං වින්දනයේ යෙදෙන ප්‍රමාණය බොහොම අඩුයි. මොකද අසනීප තත්වයක් තියෙනකොට ලිංගික ආශාව අඩුවෙලා යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ලිංගික උත්තේජනය වැඩි වෙන මානසික රෝගත් තියෙනවා.

ඊටත් වඩා ස්වයං වින්දනය නිසා තමන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය පිරිහිලා යනවා කියලා හිතට දුකක්, බයක් දැනිලා ඒ මත්තෙම කනස්සල්ලෙන් ජීවත් වෙනවා නම් ඒකත් මානසික රෝගයක් තමයි.

සමහර මානසික රෝගී තත්වයන් වලදී (හීනෝන්මාදය සහ OCD වැනි රෝග තත්ත්ව) සමහරු නිතරම ස්වයං වින්දනයේ යෙදීමට පෙළඹෙනවා. එතකොට ප්‍රතිකාර කරන්න ඕනේ මානසික රෝගයට මිසක් ස්වයං වින්දනයට නෙමෙයි. මොකද ස්වයං වින්දනය කියන්නේ රෝගයක් නෙමෙයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − four =

සබැඳි ලිපි

Back to top button
Close